විදුලි ගාස්තු වැඩි කරන යෝජනාවට පාර්ශ්ව රැසක විරෝධය..
මේ වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙන අතර ඊට පාර්ශ්ව කිහිපයකින්ම එල්ල වන්නේ දැඩි විරෝධයකි.
ඒ අනුව සියයට 11.57 කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමටයි එමගින් යෝජනා කර ඇත්තේ.
වසරකදී කාර්තුවකට වරක් විදුලි බිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අවසන් වරට විදුලි බිල සංශෝධනය කෙරුණේ ඉකුත් ජුනි මාසයේයි.
ඒ සියයට 15 කින් වන අතර ඉන් පසුව අවසන් කාර්තුව සඳහා සියයට 06 ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් යෝජනා කළ ද ඊට අවසර හිමි නොවිණි.
එවැනි පසුබිමක නව වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ.
ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සියයට 11.57ක මිල ඉහළ දැමීමක් එමගින් යෝජිතයි.
මෙලෙස විදුලි බිල ඉහළ දැමීමට හේතුවන කරුණු කිහිපයක් ද ලංකා විදුලි බල මණ්ඩලය මගින් සිය යෝජනාවලියේ සඳහන් කර තිබේ.
විදුලි බිල ඉහළ දැමීම සලකා බලන මාස 3 තුළ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ලැබෙන වර්ෂාව ප්‍රමාණවත් නොවීම, විදුලි බල මණ්ඩලයේ පවතින ණය, ඉන්ධන මිලේ වෙනස්වීම මෙන්ම විදුලි සංශෝධන පනත අනුව විශ්‍රාම ගන්නා විදුලි සේවකයින්ට ගෙවනු ලබන වන්දි මුදල ද මෙහි මූල්‍ය වියදමක් ලෙස ඇතුළත් කර තිබේ.
එම විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අනුව ගෘහස්ථ කාණ්ඩයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4. 50 ක්ව පැවැති ඒකක ගාස්තුව 5. 29 ක් දක්වා ඉහළ දැමීමට අපේක්ෂිතයි.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 8 ක්ව පැවැති ඒකක ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් 9. 41 කින් ඉහළ දැමීමට යෝජිතව ඇති අතර ඒකක 0 සිට 60 දක්වා රුපියල් 12 යි ශත 75 ක්ව පැවැති ඒකක ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ.
ඒකක 61 සිට 90 දක්වා දැනට පවතින රුපියල් 18. 50 ක ඒකක ගාස්තුව ඉහළ දැමීමට යෝජනා කර ඇත්තේ රුපියල් 21. 76 කින්.
ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ මෙතෙක් පැවැති රුපියල් 24ක ඒකක ගාස්තුව 28. 23 දක්වාත් ඉහළ දැමෙනු ඇති.
දැනට මාස තුනක් සඳහා බලපැවැත්වෙන විදුලි ගාස්තු සංශෝධන කාල සීමාව මාස 6 ක් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව සදහන්.
මේ අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට පාර්ශව කිහිපයකින්ම විරෝධයද එල්ල වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..