කතරගම දේවාලයේ රත්‍රන් තොග විකුණා රජයට මුදල් දෙන්න යයි..
රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන ලද රන් භාණ්ඩ තොගයකින් කොටසක් අලෙවි කර, එමගින් ලැබෙන ආදායම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ දේවාලයේ පවතින රන් සංචිතයෙන් දේව රූප සහිත පූජා භාණ්ඩ හැර, අනෙකුත් රන් භාණ්ඩවලින් සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් අලෙවි කිරීමට නියමිතය.
මෙම අලෙවි කිරීමේ කටයුතු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය නීතිමය මඟපෙන්වීම් සහ උපදෙස් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇති බවයි.
වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මහා දේවාලයේ පුරාණ රන් සංචිතයන් අලෙවි කිරීමට සූදානම් වන බවට පැතිර යන පුවත් අසත්‍ය බව හෙතෙම අවධාරණය කළේය.
මෙහිදී අලෙවි කිරීමට අපේක්ෂා කරන්නේ මෑත කාලීනව බැතිමතුන් විසින් දේවාලයට පූජා කරන ලද රන් භාණ්ඩ පමණක් බවත්, ඓතිහාසික වටිනාකමක් සහිත කිසිදු වස්තුවකට මෙයින් හානියක් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..