ඉන්දියානු පාමකෝපියාව පිලිගැනීම අත්හිටුවන්නැයි කියයි..
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, ප්‍රමුඛ වෘතීය හා සිවිල් සංවිධාන ඊයේ ජනවාරි පළවෙනිදා ප්‍රධාන කරුණු පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාරදීමට කටයුතු කරනු ලැබීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සහ පහත සඳහන් කරුණු කෙරෙහි ඉක්මන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා එම සංදේශය භාරදී ඇත.
මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණපාන ඇති බව එම සංදේශය හරහා පෙන්වා දී ඇති අතර මෙම ඇතිවී තිබෙන තත්ත්වයන් අතරින්
1-ඉන්දු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම හා ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය මෙරට පිළිගැනීම සම්බන්ධයෙන් නැවත වරක් විද්‍යාත්මක හා තාක්ෂණික කමිටුවක් හරහා අධ්‍යනය කරනතුරු අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම නතර කිරීම.
2-පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ හිඟය කඩිනමින් මැඩ පැවැත්වීම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය දැනුවත් කිරීම.
3-දිගින් දිගටම චෝදනා එල්ල වන සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමාන පරිපාලනය, නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අගාර් නිලධාරීන් කන්නමින් ඉවත් කිරීමට අවධානය යොමු කිරීම.
4-කොළඹ ජාතික රෝහල් ආශ්‍රිතව සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කිරීම.
5-ඖෂධ නියාමන අධිකාරිය තුළ තත්ත්ව පාලන රසායනාගාරයක් ජාත්‍යාතර මට්ටමෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන හෝ ආධාර වෙන්කර ලබාදීම.
ඉහත කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේ සෘජු හා කඩිනම් අවධානය යොමු කරන ලෙසත්, ඉහත කරුණු සම්බන්ධයෙන් දත්ත සහා සංඛ්‍යා ලේඛන සමග සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..