ලංවිම වත්කම් නව සමාගම් 6කට පැවරීම ගැන අමාත්‍යාංශය දැනුම්දෙයි..
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීම ද මේ වනවිට සිදුකර ඇති අතර ඊට අකමැති පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.
ඒ අනුව සේවකයින් 2,173 දෙනෙක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබේ.
ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..