චීන ජනපති ලොවට එක්කළ 2026 වසරේ සුබ පැතුම..
2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බීජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් එක්කර තිබේ.
කැලඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම් ප්‍රදේශයන්හි තවමත් ගැටුම්කාරී තත්ත්වයන් පැවතියද, ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරන චීනය, සෙසු රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානමින් සිටින බව ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
රටක් ජවසම්පන්න වනුයේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත්, දැඩි විනයකින් යුතුව විශ්වාසය ගොඩනංවා පක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත්කර පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු බවද චීන ජනපතිවරයා පවසයි.
චීනයේ '15 වන පස්අවුරුදු' සැලැස්මේ ආරම්භක වසර වන 2026 වසරේදී ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදාකර දෙමින් විශ්මයෙන් පිරි නව පරිච්ඡේදයක් වෙනුවෙන් කැපවන බවද අදාළ සුප පැතුම් පණිවුඩයේ දැක්වේ.
අඛණ්ඩව නව ඉහළ මට්ටමකට පිවිස ඇති වත්මන් චීන ආර්ථිකය, 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙන බවත්, ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳගැනීමට සූදානම් බවත් ෂී ජින්පිං මහතා පවසයි.
එමෙන්ම ඉදිරියට ඇත්තේ දිගු ගමනක් වුවද, අධිෂ්ඨානශීලීව එම මාවතෙහි යමින්, නොපසුබට ධෛර්යෙන්, ජවසම්පන්නව හා නොනවතින උත්සාහයෙන් අරගලකරන බවත් චීන ජනපතිවරයා නව වසරට සිය සුබ පැතුම් එක්කරමින් අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්