චීන ජනපති ලොවට එක්කළ 2026 වසරේ සුබ පැතුම..
2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බීජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් එක්කර තිබේ.
කැලඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම් ප්‍රදේශයන්හි තවමත් ගැටුම්කාරී තත්ත්වයන් පැවතියද, ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරන චීනය, සෙසු රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානමින් සිටින බව ඔහු සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
රටක් ජවසම්පන්න වනුයේ පාලක පක්ෂය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත්, දැඩි විනයකින් යුතුව විශ්වාසය ගොඩනංවා පක්ෂ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරමින් දූෂණය ඉවත්කර පක්ෂ හා පාලන ආචාරධර්ම දිගින් දිගටම ශක්තිමත් කළ යුතු බවද චීන ජනපතිවරයා පවසයි.
චීනයේ '15 වන පස්අවුරුදු' සැලැස්මේ ආරම්භක වසර වන 2026 වසරේදී ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදාකර දෙමින් විශ්මයෙන් පිරි නව පරිච්ඡේදයක් වෙනුවෙන් කැපවන බවද අදාළ සුප පැතුම් පණිවුඩයේ දැක්වේ.
අඛණ්ඩව නව ඉහළ මට්ටමකට පිවිස ඇති වත්මන් චීන ආර්ථිකය, 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙන බවත්, ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳගැනීමට සූදානම් බවත් ෂී ජින්පිං මහතා පවසයි.
එමෙන්ම ඉදිරියට ඇත්තේ දිගු ගමනක් වුවද, අධිෂ්ඨානශීලීව එම මාවතෙහි යමින්, නොපසුබට ධෛර්යෙන්, ජවසම්පන්නව හා නොනවතින උත්සාහයෙන් අරගලකරන බවත් චීන ජනපතිවරයා නව වසරට සිය සුබ පැතුම් එක්කරමින් අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..