වැට් බද්දට පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක්... වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
දරුවන්ගේ පෝෂ ආහාර,පොහොර, ආබාධිතයන්ගේ උපකරණ සහ ගිලන් රථ ඇතුළු භාණ්ඩ සිය ගණනක් වැට් අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීම අසාධාරණ බව පවසමින් එම භාණ්ඩ ඒ ලැයිස්තුවෙන් වහාම ඉවත් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් සහ රජයේ ඇතැම් ඇමැතිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවාවන් සිය ගණනකට වැට් බදු අලුතින් අය කිරීම සඳහා ප්‍රතිපාදන සැලසෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (10) ඉරුදින පස්වරුවේ සම්මත කිරීමට නියමිතය.
ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වැට් බදු මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය මැතිසබයේදී දැඩි විරෝධයක් මතු කිරීමට නියමිත අතර මේ හේතුවෙන් සභාව අද දින උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම පනත සංශෝධනය කිරීමෙන් වැට් බද්ද සියයට නවයේ සිට සියයට 18 දක්වා වැඩි කෙරෙන බව පැවසේ.
මේ අතර වැට් බදු සංශෝධනයේදී සියලුම භාණ්ඩවලට වැට් අය කෙරෙනු ඇතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ දරුවන්ගේ පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර සහ ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් වැට් බද්දෙන් ඉවත් කරන්නැයි තම කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ආණ්ඩුව අලුතින් පැනවීමට යන බදු හේතුවෙන් එක් පුද්ගලයකුට තවත් අමතරව රුපියල් තිස් දහසක මුදලක් ආණ්ඩුවට ගෙවීමට සිදුවන බවයි.
මේ අතර, වැට් බදු සංශෝධනය මගින් සිදුවන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා ව්‍යාපාරයක් උත්තර ලංකා සභාගය මගින්ද සංවිධානය කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්