
වැට් බද්දට පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක්... වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
දරුවන්ගේ පෝෂ ආහාර,පොහොර, ආබාධිතයන්ගේ උපකරණ සහ ගිලන් රථ ඇතුළු භාණ්ඩ සිය ගණනක් වැට් අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීම අසාධාරණ බව පවසමින් එම භාණ්ඩ ඒ ලැයිස්තුවෙන් වහාම ඉවත් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් සහ රජයේ ඇතැම් ඇමැතිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහ සේවාවන් සිය ගණනකට වැට් බදු අලුතින් අය කිරීම සඳහා ප්‍රතිපාදන සැලසෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (10) ඉරුදින පස්වරුවේ සම්මත කිරීමට නියමිතය.
ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වැට් බදු මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය මැතිසබයේදී දැඩි විරෝධයක් මතු කිරීමට නියමිත අතර මේ හේතුවෙන් සභාව අද දින උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම පනත සංශෝධනය කිරීමෙන් වැට් බද්ද සියයට නවයේ සිට සියයට 18 දක්වා වැඩි කෙරෙන බව පැවසේ.
මේ අතර වැට් බදු සංශෝධනයේදී සියලුම භාණ්ඩවලට වැට් අය කෙරෙනු ඇතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ දරුවන්ගේ පෝෂ ආහාර, වෛද්‍ය උපකරණ,ගිලන් රථ, පොහොර සහ ආබාධිතයන්ගේ උපකරණ ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් වැට් බද්දෙන් ඉවත් කරන්නැයි තම කාරක සභාව මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ආණ්ඩුව අලුතින් පැනවීමට යන බදු හේතුවෙන් එක් පුද්ගලයකුට තවත් අමතරව රුපියල් තිස් දහසක මුදලක් ආණ්ඩුවට ගෙවීමට සිදුවන බවයි.
මේ අතර, වැට් බදු සංශෝධනය මගින් සිදුවන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා ව්‍යාපාරයක් උත්තර ලංකා සභාගය මගින්ද සංවිධානය කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
