හිරු නාලිකාව මර්දනය අඳුර යුගයක මුල් පියවරයි - මහජන හඬ ජාතික බලමුළුව කියයි
මහජන හඬ ජාතික බලමුළුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
හිරු නාලිකාව මර්දනය අඳුර යුගයක මුල් පියවරයි
ජනප්‍රියතම රූපවාහිනි නාලිකාවක් වන හිරු නාලිකාව විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා නගන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ කසකාරයා බවට පත් වී ඇත. මෙම සිදුවීමත් සමග මාලිමා ක්‍රියාකාරින් හිරු නාලිකාවට එරෙහිව පැමිණිලි ගොනු කිරීමත් හිරු නාලිකාව තහනම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුල මත විමසුම් පැවැත්වීමත් ආරම්භ කර ඇත.
මෑත කාලයේ දී මාලිමා ආණ්ඩුවේ දූෂණ සහ වංචා ජනගත කිරීමේ ප්‍රමුඛතම කාර්රයක් හිරු මාධ්‍ය ජාලය විසින් අභීතව ඉටු කළ බව අවිවාදිතය. මාලිමා ආණ්ඩුව හිරු නාලිකාව මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ තුලින් ජනමාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් බියට පත් කර ජනතාව ඇත්ත දැන ගැනීම වැලැක්වීමයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සෑම පුරවැසියෙකුම මේ අවස්ථාවේ සියළු භේද පසෙක ලා හිරු මාධ්‍ය ජාලයේ භාෂණයේ නිදහස රැක ගැනීම උදෙසා පෙරට පැමිණිය යුතුය.
මාධ්‍ය නිදහස සුරැකීම යනු හුදු භාෂණයේ නිදහස සුරැකීම පමණක් නොව ජනතාවගේ සිතීමේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරැකීමයි. එබැවින් ඇත්තෙන්ම අද අවදානමට ලක් වී ඇත්තේ හිරු මාධ්‍ය ජාලයේ භාෂණයේ නිදහස නොව ජනතාවගේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ අයිතියටයි. ඒ අයිතිය රැක ගැනීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.
අද මාලිමාව යන වෙස් මුහුණ බැඳ රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින්නේ ඉතිහාසයේ ජීවිත දස දහස් ගණනක් බිලි ගත් රට තුල භීෂණ යුග තුනක් නිර්මාණය කළ ජවිපෙයි. එබැවින් දශක හතරකට ආසන්න කාලයක් නිදි ගන්වා තිබුණු භීෂක යක්ෂයා ජවිපෙ තුල දැන් අවදී වී ඇති බව විද්‍යාමාන වේ. එබැවින් මාලිමා මාධ්‍ය මර්දනය හුදු හිරු නාලිකාවට එල්ල වුණු මර්දනයක් වෙනුවට සමස්ත සමාජයටම එල්ල වුණු තර්ජනයක් ලෙස සලකා එයට එරෙහිව නැගී නොසිටියොත් නුදුරු අනාගතයේ එය රාජ්‍ය ත්‍රස්තවාදයකට පෙරලීමේ අනතුරක් ඇත. ජවිපෙ ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වීමට පෙර රටම එළිය කරන හිරු මාධ්‍ය ජාලය රැක ගැනීමට එක් වන මෙන් අපි සමස්ත ජාතියටම ආයාචනා කරමු.
විධායක සභාව
මහජන හඬ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..