දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් රුසියානු මානුෂීය ආධාර සන්ඩේ ඔබ්සවර් පුවත් පතට අමතක වෙලාද? ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් මගින් ඉස්මතු කරයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර ආධාර පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේදී රුසියානු මානුෂීය ආධාර නොසලකා හැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සිය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.
අද (30) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක, ඊයේ (දෙසැම්බර් 28 ) "සන්ඩේ ඔබ්සර්වර්" පුවත් පතේ පලවූ ලිපියක් මගින්, ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් ජාත්‍යන්තර සහයෝගය සමාලෝචනය කර තිබෙන නමුත් රුසියාවෙන් ලැබුණු ආධාර සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැති බව ඇවධාරණය කර තිබේ.
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට අනුව, දෙසැම්බර් 10 වන දින රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය (EMERCOM) ශ්‍රී ලංකා බලධාරීන්ගේ නිල ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ටොන් 35 ක් ලබා දී තිබේ. ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය වීම සහ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම මෙම ආධාරයේ අරමුණ බවද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවල ඇති ගැඹුරු බව තුළ සහ දේශපාලන කොන්දේසි නොමැතිව හවුල්කාර රාජ්‍යයන්ට මානුෂීය ආධාර ලබා දීමේ රුසියාවේ ප්‍රතිපත්තියට අනුකූලව ආධාර ලබා දුන් බව තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මගින්, ජාත්‍යන්තර සහන කටයුතු ආවරණය කරන සමහර මාධ්‍ය ආයතන රුසියානු ආධාර පිළිබඳව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින අතර, සියලු දායකත්වයන් පිළිබඳ පුළුල් හා වෛෂයික වාර්තා කිරීම ජාත්‍යන්තර සබඳතාවල විනිවිදභාවය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවද පෙන්වා දෙයි.


මානුෂීය ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් දිවයිනට..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..