අපේ ඇමතිලා කිසිවෙක් අල්ලස් කොමිසමට කැඳවා නෑ.. පැමිණිලි දැමූ අයයි කැඳෙවුවේ..- ටිල්වින්
තම පක්ෂයේ කිසිවෙකුට වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
එමෙන් ම, තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බව ත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නොමැති බව ත් ප්‍රධාන ලේකම්වරයා සහතික විය.
ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ, “වත්මන් රජයේ ඇමතිවරු හයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා වත්කම් සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි” පළ වූ පුවතකට පිළිතුරු දෙමිනි.
සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල හා කුමාර ජයකොඩි යන අය පිළිබඳව අදාළ පුවත පළ වී ඇති අතර එය මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බව ත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
වත්කම් බැරකම් ලබා දුන් පසු ඕනෑම පුද්ගලයෙකුට එම වත්කම් බැරකම් පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒ අනුව එක්තරා පුද්ගලයෙක් ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ත් එම පැමිණිලිකරුට එම පැමිණිල්ලෙහි වැඩි විස්තර ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ආයතනයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..