විගණකාධිපතිවරයා පත්නොකර සිටින්නේ සිවිල් සමාජ නියෝජිතයින්ගේ කාලය අවසන් වන තුරු - ගම්මන්පිල කියයි
විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කල් බලමින් සිටින්නේ ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින්ගේ කාලය අවසන් වනතුරු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යය උදය ගම්මන්පිල චෝදනා කරයි.
ඊයේ (29) දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මේ බව පැවසුවේය.
ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ ධුර කාලය ලබන ජනවාරි 02 වැනිදා අවසන් වූ පසුව විගණකාධිපතිවරයා පත් කර ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරන බවත් වර්තමානයේ ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාම ජනාධිපතිතුමා එවන ලද නිර්දේශවලට විරෝධය පළ කරපු නිසා විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වූ බවද ගම්මන්පිල පෙන්වා දෙයි.
ව්‍යවස්ථා සභාවේ සිටිමින් නිවැරදි තීන්දු ගත් මෙම සිවිල් සමාජ නියෝජින් තිදෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේද ප්‍රකාශ කළේය.
"වර්තමාන ව්‍යවස්ථා සභාව තුළ ඉන්න සිවිල් සමාජ නියෝජිතයින් තමයි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිනිය, මහචාර්ය දිනූෂා සමරනායක මැතිනිය සහ ආචාර්ය ප්‍රතාබ් රාමනුජන් මැතිතුමා. මේ තිදෙනා තමයි පසුගිය වසර තුනේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැක්කේ.
කතානායකට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ පක්ෂව සහ විරුද්ධව සමානව ඡන්දය භාවිතා කර තිබෙන අවස්ථාවක පමණයි. ඒ නිසා සිවිල් නියෝජිත තුන් දෙනාගේ මතය අනුව තමයි යම් නිර්දේශිත නාමයක් අනුමත වෙනවා ද නැද්ද යන එක තීරණය වෙන්නේ.
සුදුසු නැති පුද්ගලයින් තනතුරුවලට පත් කිරීමට උත්සාහ දරපු වෙලාවේ මේ නියෝජිතයින් ඒකට විරුද්ධ වුණු නිසා තමයි ඒ පත්වීම නවත්වා ගන්න පුළුවන් වුණේ.
විගණකාධිපති තනතුරට සැබෑ සුදුස්සා වෙනුවට කැලණි සගයින් සහ මාලිමා සහෝදරවරුන් පත් කිරීමට ජනාධිපති දැරූ උත්සාහය පරාජය වුණේ මේ විරුවන් තිදෙනාට පිං සිදු වෙන්නයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සැබෑ සුදුස්සා වන මාධව තෙන්නකෝන් වෙනුවට රංග දිසානායක පත් කර ගැනීමට පුළුවන් වුණේ සභානායකවරයා තමන්ව බොරු කියලා නොමග යැවූ නිසා කියලා මේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීලා දැනුම් දුන්නා.
වත්මන් ආණ්ඩුවේ විතරක් නොවේ තමන්ව පත් කළ පසුගිය ආණ්ඩුවේ පවා අවස්ථා ගණනාවක දී තමන්ට එකඟ වෙන්න බැරි නිර්දේශ ප්‍රතික්ෂේප කරන්න මේ නියෝජිතයින් තුන්දෙනාට කොන්ද තිබුණා. ඔවුන් තනතුරින් සමු ගන්නා මොහොතේ ඔවුන්ගේ අදීනත්වයට ජාතියේ ප්‍රණාමය ඔවුන්ට පුද කළ යුතුයි.
2026 ජනවාරි මාසයේ දී ව්‍යවස්ථා සභාවේ සාමාජික සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ ධූර කාලය අවසන් වෙනවා. මේ තිදෙනා අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා.
ඒ නිසා අවසානයේ දී සිදුවුණේ අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැති නම් කරන පුද්ගලයා මාලිමාවේ හෙංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරුවලට මාලිමා හෙංචයියන් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..