බොරු කියන මාධ්‍ය බලපත‍්‍ර අත්හිටුවන බව ඇමති කියයි..
මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් විකෘති සහගත තොරතුරු හා ප්‍රවෘත්ති ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පසුබට නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන විකාශන බලපත්‍ර තාවකාලික ඒවා බවත්, ඒවා අවලංගු කිරීමේ නීත්‍යානුකූල බලය විෂයභාර අමාත්‍යවරයා සතු වන බවත්ය.
මෙහිදී මාධ්‍ය ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් කළ අමාත්‍යවරයා, පසුගිය දිනවල වාර්තා වූ 'ඉමියුනෝග්ලොබියුලින්' ඖෂධය පිළිබඳ පුවත් නිදසුනක් ලෙස දක්වන ලදී. එම ඖෂධය ගෙන්වීමේදී සිදු වූ වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතරතුර, ප්‍රමිතියෙන් යුතු ඖෂධ යළි ගෙන්වීම පවා ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති වන අයුරින් වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහු සිය කණගාටුව පළ කළේය.
"යමෙක් වාර්තා කරනවා නම් අර ඇමතිවරයාට නඩු වැටුණු ඉමියුනෝග්ලොබියුලින් යළිත් ගෙනල්ලා කියලා, ඒකෙන් අදහස් වෙන්නේ අර ප්‍රමිතියෙන් තොර ඖෂධයම නැවත ගෙනල්ලා කියන එකයි. මෙවැනි විකෘති සහගත වාර්තාකරණයන් තුළින් බිඳ වැටෙන්නේ මහජන සෞඛ්‍යය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසයයි," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
එසේම, කාලගුණ තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමේදී විවිධ අවස්ථාවල සිදුවන කැළඹීම් කිහිපයක් එකට එකතු කර ජනතාව බියට පත්වන අයුරින් පුවත් නිර්මාණය කිරීම ද අමාත්‍යවරයාගේ විවේචනයට ලක් විය. මාධ්‍යවේදියෙකු ලබා දුන් තොරතුරක් ප්‍රචාරය කළා යැයි පවසමින් මාධ්‍ය ආයතනවලට තම වගකීමෙන් බැහැර විය නොහැකි බවත්, මෙය සෙල්ලමක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
ජනමාධ්‍ය බලපත්‍ර ලබා දීමේදී පනවා ඇති කොන්දේසි පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ මහජන සෞඛ්‍යයට හානිදායක ලෙස කටයුතු කිරීම බලපත්‍රය අහෝසි කිරීමට ප්‍රමාණවත් හේතුවක් බව පෙන්වා දුන්නේය.
"දැනට අපි කරමින් ඉන්නේ ලිපියක් යවා නිවැරදි කිරීමක් ඉල්ලා සිටීම පමණයි. නමුත් මින් ඉදිරියට මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙවැනි විකෘති සහගත ප්‍රවෘත්ති ප්‍රචාරය කළහොත්, බලපත්‍ර ලබා දීමේදී පනවා ඇති කොන්දේසි අනිවාර්යයෙන්ම බලාත්මක කිරීමට අපි කටයුතු කරනවා," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රටක් ලෙස ඉදිරියට යාමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..