ලබන වෙසක් පෝය මැයි මස 30 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරන්න - මහ නාහිමිවරුන් ජනපතිගෙන් ඉල්ලයි
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසන් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු යැයි තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ අනුව 2026 මැයි 30 දිනට යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද එදිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා ජනපතිවරායට දැනුම් දී ඇත.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලාගේ අත්සනින් ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘ලබන වසරේ මැයි මස 01 වන දින හා 30 යන දෙදිනම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ද 2026 මැයි 30 දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ද යොදා ඇත. එහෙත් 2026 මැයි 01 දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් නක්ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව ද විසා නැකත යෙදෙන 2026 මැයි 30 දිනට උදාවන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස යොදා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී. සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාව සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන ධර්මාර්ථ චර්යාවෙන් පෝෂිතව වෙසක් පුන් පොහෝ දිනය ඉමහත් ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන අතර ම වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත බෞද්ධ ආගමික චාරිත්‍රයෝ ද බොහෝ පවතින හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවාණු පිළිබඳ අතිශය සාවධානව කටයුතු කිරීමට යුහුසුළු වෙති.
"වෙසඛනක්ඛත්තෙන ජාතො ච අභිසම්බුද්ධො ච පරිනිබ්බුතො ච' යන බුද්ධ වංස අට්ඨ කථා පාඨයට අනුව සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, සම්බුද්ධත්වයට පත් වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් විසා නැකතෙන් ම සිදු වී බව පැහැදිලි වේ. ඒ අනුව නක්ෂත්‍රානුකූලව ද වෙසක් පුන් පොහෝ දිනය විසා නැකතට යෙදෙන පසළොස්වක දිනක ම යොදා ගැනීම චිරාගත චාරිත්‍රයයි.
ඒ අනුව 2026 මැයි 30 යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පුන් පොහෝ දිනය හා සැබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යයන් හා රාජ්‍ය උත්සව ද 2026 මැයි 30 දිනට යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුක්තව සිහිපත් කර සිටිම්හ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..