News Category
From Date
To Date
Maximum Number of Result

අද හිරු නාලිකාව මර්දනය කළහොත්, හෙට දිනයේ අනෙකුත් සියලුම ස්වාධීන මාධ්‍ය ආයතනවලට ද අත්වන්නේ එම ඉරණමයි.. - පිවිතුරු හෙළ උරුමය

Dec 28, 2025 at 07:57 AM
|

පිවිතුරු හෙළ උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

හිරු නාලිකාවට එල්ල වන ෆැසිස්ට් මර්දනය වහා හකුලා ගනු !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ අතිශය ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන හිරු නාලිකාව ඉලක්ක කර ගනිමින්, මාලිමා ආණ්ඩුව පොලීසිය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට වෙර දරණ මර්දනකාරී පිළිවෙත පිවිතුරු හෙළ උරුමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

1988 - 89  යුගයේදී ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්  වැනි මෙරට මාධ්‍යවේදීන් ඝාතන කළ, ගල්කටස් යුගයක් ලංකා දේශපාලන ඉතිහාසයට එක් කරමින් තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන්ගේ කටවල් කපා දැමූ කුප්‍රකට ත්‍රස්තවාදී කණ්ඩායමකට ජනතාව අත් වැරදීමකින් බලය ලබා දී ඇත. ඔවුන් තමන්ට යළි කිසිදා නොලැබෙන එම රාජ්‍ය බලය අවභාවිතා කරමින් එදා සිදු කළ මාධ්‍ය මර්දනයම අදත් වෙනත් මුහුණුවරකින් සිදු කිරීමට සූදානම් වන බව පෙනේ. 

වත්මන් රජයේ මෙම මාධ්‍ය මර්දනය ඉතිහාසයේ කුප්‍රකට ආඥාදායකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ගෙස්ටාපෝ පොලීසිය යොදාගෙන සිදු කළ  මාධ්‍ය මර්දනයට නොදෙවැනි වේ. හිට්ලර් බලයට පත් වූ පසු තමන්ට අවනත නොවන සෑම නිදහස් මතධාරී මාධ්‍ය ආයතනයක්ම රාජ්‍ය බලය යොදා නිහඬ කළේය. එදා නාසි ජර්මනියේ සිදු වූයේ ද සත්‍යය පවසන මාධ්‍යවේදීන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා, පොලිස් බලකායන් යොදවා ඔවුන් බිය වැද්දීමයි. අද ශ්‍රී ලංකාව තුළ හිරු නාලිකාවට එරෙහිව සිදුවන්නේ ද එම ෆැසිස්ට්වාදී ක්‍රියාවලියම බව ඉතා පැහැදිලිය.

මාලිමා ආණ්ඩුවේ මෙම ෆැසිස්ට්වාදී  තර්ජනයට සහ මර්දනයට ලක්ව ඇති  හිරු නාලිකාව යනු දශකයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනාගත් සැමවිටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටි නාලිකාවකි. ඔවුන් මෙරට පාලනය කළ සියලුම රජයන්හි වැරදි සහ අඩුපාඩු නිර්භයව විවේචනය කළහ. අතීතයේ සිටි රාජ්‍ය නායකයන් එම විවේචන දෙස බැලුවේ වෛරයෙන් නොව තම පාලනයේ අඩුපාඩු සකසා ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙසිනි. එබැවින් ඔවුන් හිරු නාලිකාව තහනම් කිරීමට හෝ පොලීසිය යොදවා එය නිහඬ කිරීමට උත්සාහ කළේ නැත. රජයක සංවර්ධන ව්‍යාපෘති ජනතාව අතරට ගෙන යාමට මෙන්ම විපක්ෂයේ මතයට අවස්ථාව ලබා දීමටත් ඔවුන්ගේ වැරදි පෙන්වා දීමටත් හිරු නාලිකාව සැමවිටම කටයුතු කළේය. එමෙන්ම මෙරට මුහුණ පෑ සෑම ආපදා තත්වයකදීම ශුභසාධක කටයුතු අතිශය පුළුල් පරාසයක ඉටු කිරීමට හිරු නාලිකාව කටයුතු කලේය.

ආණ්ඩුවේ මෙම ෆැසිස්ට්වාදය අතිශය භයානක ඛේදවාචකයක පෙරනිමිති බව මෙරට ජනතාවට   අවධාරණය කළ යුතුය. මන්ද මෙම මර්දනය හිරු නාලිකාවට පමණක් සීමා වන්නක් නොවේ. අද හිරු නාලිකාව මර්දනය කළහොත්, හෙට දිනයේ අනෙකුත් සියලුම ස්වාධීන මාධ්‍ය ආයතනවලට ද           අත්වන්නේ එම ඉරණමය. ඉන් අනතුරුව ආණ්ඩුවේ මීළඟ ඉලක්කය වන්නේ ජනතාවගේ හඬ වන සමාජ මාධ්‍ය ජාලයන්ය.

අවසානයේ දී ඉතිරි වනුයේ අතපය බැඳ දැමූ, කටවල් වසා දැමූ, පාලකයන්ට අවශ්‍ය දේ පමණක් අසා සිටින බියගුළු මිනිසුන් පිරිසක් වෙසෙන සමාජයකි. නිදහස් මතධාරී සමාජයක් වෙනුවෙන් හිරු නාලිකාවට එල්ල වන මෙම මර්දනයට එරෙහිව පෙළගැසෙන ලෙස අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍ය නිදහස සුරකිමු! ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමු!

මීට

දේශප්‍රේමීත්වයෙන්පි

විතුරු හෙළ උරුමය

සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.