ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඕනෑ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් වහා ස්ථාපිත කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
හිරු රූපවාහිනිය විකාශය කළ පුවතක් ඔස්සේ පැන නැගී ඇති ගැටලුවක් සම්බන්ධයෙන් මේ වන විට ගොඩ නැගී ඇති කතිකාව මාධ්‍ය හැසිරීමට අදාළ විවිධ පැතිකඩ මෙන්ම බලය දරන ආණ්ඩු මාධ්‍ය කෙරෙහි ක්‍රියා කළ යුතු අන්දමද ප්‍රශ්න කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. කෙසේ වෙතත් මාධ්‍ය සමාජ වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු අතර ආණ්ඩු මැදිහත් වී මාධ්‍ය මර්දනයට කටයුතු කිරීම කිසිසේත් නොකළ යුත්තක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.
අදාළ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසම සතුව නොමැති බලයක් ඊට පවරා දෙන්නට උත්සාහ ගනිමින් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි. එසේම පොලීසිය සිය අමාත්‍යංශය මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමු වීමට ප්‍රමාණවත් උත්සාහයක්ද දරා නැත. ඒ අනුව පොලීසිය සිදු කර ඇත්තේ අනිසි මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.
මෙවැනි ගැටලු විසඳා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද ඇතුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය දැනටමත් යෝජනා කර ඇති ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමයි.
වර්තමාන රජයේ කාර්යභාරය විය යුත්තේද ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම වන අතර අවශ්‍ය මඟ පෙන්වීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහාය ලබාදීමට හැකියාව ඇත.
එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ තහනම හෝ මර්දනය වෙනුවට සමාජ වගකීම හඳුනාගත් මාධ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට රජය දායක වීම බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ සඳහා ජනමාධ්‍ය ප්‍රජාව දායක කරගැනීම අත්‍යවශ්‍ය වේ.,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..