බොරු කියනවාට විරුද්ධව පියවර ගන්නවා..- ඇමති නලින්ද
වත්මන් රජය කිසිදු හේතුවක් මත මාධ්‍ය මර්දනයට පෙළඹෙන්නේ නැති නමුත්, අසත්‍ය සහ විකෘති කරන ලද පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට රජය බැඳී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට රජය විවේචනය කිරීමටත්, එහි අඩුපාඩු පෙන්වා දීමටත් පූර්ණ නිදහස පවතින බව අමාත්‍යවරයා පැවසීය.
ඇතැම් රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා මගින් පතුරුවනු ලබන අසත්‍ය තොරතුරු හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීම, සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන යළි ගොඩනැංවීමේ කටයුතුවලට බාධා පැමිණීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව තුළ සැකයක් ඇති වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ඔහු සඳහන් කළේය.
මෙවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත්, රජය මෙතෙක් නිහඬව සිටීම සම්බන්ධයෙනුත් මහජනතාව රජයට චෝදනා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රජය මැදිහත් වන්නේ යම් පුවතක් අසත්‍ය හෝ විකෘති සහගත ලෙස පළ වූ අවස්ථාවකදී එය නිවැරදි කිරීමට පමණක් බවත්, කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනය රජයේ අරමුණ නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..