News Category
From Date
To Date
Maximum Number of Result

තායිවාන කලාපීය නායක ලායි චිං-ටේට එරෙහිව නීති සම්පාදකයින් ගෙන ආ දෝෂාභියෝග යෝජනාව සම්මත කිරීමට මුලික වටයේ ඡන්දය දී, සම්පූර්ණ කාලසටහන ප්‍රකාශයට පත් කරයි.

Dec 26, 2025 at 05:36 PM
|

Taiwan People's Party Chairman Huang Kuo-chang (left) holds a press conference at the Legislative Yuan on Friday explaining the rationale behind initiating impeachment proceedings against President Lai Ching-te. CNA photo Dec. 26, 2025

චීනයේ තායිවාන කලාපයේ නීති සම්පාදක මණ්ඩලය අද(26) කලාපීය නායක ලායි චිං-ටේට එරෙහිව විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාවක් අනුමත කරනු ලැබීය. ලායිට එරෙහිව දෝශාභියෝගය විධිමත් ලෙස ආරම්භ කිරීමෙන් පසුව, තායිවානයේ විරුද්ධ පක්ෂ එදිනම දෝෂාභියෝග කටයුතු සඳහා සැලසුම් කර ඇති කාලසටහන ප්‍රකාශයට පත් කළ බව තායිවානය පදනම් කරගත් මාධ්‍ය වාර්තා පවසයි.

දෙසැම්බර් 19 වන දින තායිපේ හි පැවති මාධ්‍ය හමුවකදී චීන කුවොමින්ටැං පක්ෂයේ (KMT) සහ තායිවාන මහජන පක්ෂයේ (DPP) නීති සම්පාදකයින් කලාපයේ නායක ලායිට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් ඇති බවට අනාවරණය කරනු ලැබීය. ඉන් සතියකට පසුව,අද (26) වන විට අත්සන් මිලියන අටකට වඩා රැස් කර ඇති තායිවාන ජනතාව විසින් දියත් කරන ලද දෝෂාභියෝගය සඳහා මාර්ගගත පෙත්සම ඉදිරිපත් වීමත් සමඟ මෙම නවතම පියවර ගෙන තිබේ.

අද දින නියම කර ඇති දෝෂාභියෝගයේ කාලසටහනට අනුව, 2026 ජනවාරි 21 සහ 22 යන දිනවල ලායි චිං-ටේ නීති සම්පාදක මණ්ඩලයට පැමිණ පැහැදිලි කිරීමක් ලබා දිය යුතු අතර නීති සම්පාදකයින් නගන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු බව තායිවානය පදනම් කරගත් udn.com වෙබ් අඩවිය වාර්තා කර සිටියේය.

2026 මැයි 13 සහ 14 යන දිනවල, නීති සම්පාදක මණ්ඩලය දෝෂාභියෝග ක්‍රියාදාමයන් පිළිබඳ එහි දෙවන පූර්ණ කමිටු රැස්වීම කැඳවනු ලැබීමට නියමිතය. ඒ අනුව පැහැදිලි කිරීමක් ලබා දීමට සහ නීති සම්පාදකයින්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට ලායි දෙවන වරටත් පෙනී සිටිය යුතුය. දෝෂාභියෝගය පිළිබඳ අවසන් ඡන්ද විමසීම 2026 මැයි 19 වන දින, ලායි ධුරයේ සිටින දෙවන වසරට ආසන්න දිනකදී පැවැත්වීමට නියමිත බවද  udn.com වාර්තා කළේය.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් , කුවොමින්ටැං පක්ෂයේ ව්‍යවස්ථාදායකයකු වන කොකස් සංවිධායක ෆු කුන්-චි, ලායි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය "දේශපාලන අවුල් සහගත තත්වයන් ඇති කිරීම සහ ත්‍රස්ත පාලනයේ යෙදීම" සම්බන්ධයෙන් විවේචනය කළේය. තායිවාන මහජන පක්ෂයේ පක්ෂ නායක හුවාං කුඕ-චැං, ලායි "ව්‍යවස්ථාදායකයේ නීති පාගා දැමීම සහ අධිකරණ බලය පාගා දැමීම" සම්බන්ධයෙන් දෝෂාභියෝගය අවශ්‍ය කළ බව පැවසූ බව වාර්තා කළ තායිවානය පදනම් කරගත් මාධ්‍ය වාර්තා, ලායිට දෝෂාභියෝගය අවශ්‍ය බව ඔහු පැවසූ බවද අවධාරණය කළේය.

තායිවානයේ විධායකයේ ප්‍රධානියා වන චෝ ජුන්ග්-තායි ද ඉලක්ක කරගත් දෝෂාභියෝග සැලැස්ම, ව්‍යවස්ථාදායකය විසින් කලින් සම්මත කරන ලද ආදායම් වෙන් කිරීමේ නීතියකට සංශෝධන එක් කිරීමට විධායකය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටුමක් මධ්‍යයේ සිදුවීමද විශේෂයකි.

තායිවාන මාධ්‍ය වාර්තාවලට අනුව, තායිවාන කලාපයේ අදාළ රෙගුලාසි යටතේ, ව්‍යවස්ථාදායක මණ්ඩලයට තායිවාන බලධාරීන්ගේ කලාපීය නායකයාට හෝ නියෝජ්‍ය නායකයාට එරෙහිව දෝෂාභියෝග චෝදනාවක් යෝජනා කිරීමට, නීති සම්පාදකයින්ගෙන් අඩක් විසින් යෝජනාවක්, නීති සම්පාදකයින්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකගේ යෝජනාවක් සහ "මහා විනිසුරුවරුන්" විසින් සමාලෝචනය කිරීමද අවශ්‍ය වේ. දෝෂාභියෝගය ස්ථාපිත කරනු ලබන්නේ "මහා විනිසුරුවරුන්"ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකගේ එකඟතාවයක් ලබා ගැනීමෙන් පසුව පමණි. දෝෂාභියෝගයට එකඟ වන විනිසුරුවරුන් සංඛ්‍යාව අවම වශයෙන් 9 ක් වන අතර, පසුව දෝෂාභියෝගයට ලක් වූ නිලධාරියා ධුරයෙන් ඉවත් කරනු ලැබේ.

චීන සමාජ විද්‍යා ඇකඩමිය යටතේ තායිවාන් අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු වන වැන්ග් ජියැන්මින්, අදහස් දක්වමින් මාධ්‍ය වෙත පැවසුවේ, තායිවාන් කලාපයේ වත්මන් නීතිමය රාමුව යටතේ, ලායිට එරෙහිව සාර්ථකව දෝෂාභියෝගයක් ගෙන ඒම සහ ඉවත් කිරීම අතිශයින් දුෂ්කර වනු ඇති බවයි. කෙසේ වෙතත්, දේශපාලන උපාමාරුවක් ලෙස දෝෂාභියෝග ක්‍රියා පටිපාටියක් දියත් කිරීමේ ක්‍රියාවම මහජන හැඟීම් පිළිබිඹු කරන අතර ලායි බලධාරීන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට බරපතල අනතුරු ඇඟවීමක් ලෙසද ක්‍රියා කරයි.

විශේෂඥයාට අනුව, දිවයිනේ මහජනතාව අතර ලායි කෙරෙහි දැනට සැලකිය යුතු අතෘප්තියක් පවතී. ලායිගේ අත්තනෝමතික සහ ඒකාධිපති පිළිවෙත් වලට අමතරව, ලායි බලධාරීන් බෙදුම්වාදී ප්‍රකෝප කිරීම් සහ සටන්කාමී ක්‍රියාවන් දිගටම කරගෙන යන අතර එමඟින්  සමුද්‍ර සන්ධිය හරහා සිදුවන හුවමාරු දැඩි ලෙස අඩපණ වී ඇත.

ලායිට එරෙහි දෝෂාභියෝගය කරලියට පැමිණියේ චීන කුවොමින්ටැං පක්ෂයේ නීති සම්පාදකයින් 24 දෙනෙකුට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය විසින් නැවත කැඳවීමේ ව්‍යාපාරයෙන් මාස 5 කට පමණ පසුව වන අතර, එය අවසන් වූයේ චීන කුවොමින්ටැං පක්ෂයේ හි අතිමහත් ජයග්‍රහණයක් සමඟ ය. යෝජනා කිසිවක් ඊට විරුද්ධව නැවත කැඳවීමට පක්ෂව ඡන්ද ලබා නොගත් බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

තායිවානයේ නගර සහ ප්‍රාන්තවල පළාත් පාලන මැතිවරණ සඳහා වන ව්‍යාපාර තීව්‍ර වන 2026 වසරට සමගාමීව මෙය සිදු කිරීමට ද කාලය පැමිණ තිබේ. වර්තමානයේ,  චීන කුවොමින්ටැං පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයේ සැලකිය යුතු පෙරමුණක් දරන අතර,ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් 5 දෙනෙකු පමණක් සිටින අතර නිල් කඳවුරෙන් 15 දෙනෙකු බලයේ සිටී.

ෂියාමෙන් විශ්ව විද්‍යාලයේ තායිවාන් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති සහ මහාචාර්ය ෂැං වෙන්ෂෙන්ග් අද මාධ්‍ය වෙත පැවසුවේ තායිවානයේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ දෝෂාභියෝග පරීක්ෂණයට ලායි අනුකූල වීමට ඉඩක් නොමැති බවත්, ඔහු ඊටත් වඩා ගැටුම්කාරී ස්ථාවරයක් ගත හැකි බවත්ය.

දෝෂාභියෝග නඩුව වටා ඇති ගැටුම් දිවයිනේ විරුද්ධ පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය අතර උත්සන්න වන අරගලය ඉස්මතු කරයි. තවද, තායිවාන් කලාපයේ විධායක ආයතනය සහ ව්‍යවස්ථාදායකය අතර තීව්‍ර වන ප්‍රතිවිරෝධතා ඔවුන්ගේ සහයෝගිතාව වඩ වඩාත් දුෂ්කර කරයි.

"දිවයිනේ දේශපාලන ධ්‍රැවීකරණය තවදුරටත් ගැඹුරු වීමට නියමිතයි, එය වර්ධනය වන සමාජ නොසන්සුන්තාවයට සහ අස්ථාවරත්වයට හේතු විය හැක," ෂැං පැවසුවේ, "අවසානයේ, මෙය තායිවානයේ ජනතාවගේ අවශ්‍යතාවලට හානි කරනු ඇත." යනුවෙන් අවධාරණය කරමිනි.

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.