News Category
From Date
To Date
Maximum Number of Result

බාල බෙහෙත් එවුවේ ඇයි දැයි ඉන්දියාවෙන් අහයි..

Dec 26, 2025 at 02:40 PM
|

ශ්‍රී ලංකාවේ භාවිත වන ඇතැම් ඉන්දියානු ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලු පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංසදය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ Ondansetron එන්නත ලබා දීමෙන් පසු රෝගීන්ට ඇති වූ සංකූලතා පිළිබඳව වාර්තා වී ඇති බවයි. 

මහනුවර ජාතික රෝහලේ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණ මගින් අදාළ එන්නත් සාම්පලවල බැක්ටීරියා දූෂණයක් පවතින බව අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ වාර්තා පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර ඇති අතර, ඒ අනුව අදාළ Ondansetron එන්නත භාවිතය වහාම අත්හිටුවා තිබේ.

මීට අමතරව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) සිදු වූ මරණයකට ද මෙම නිෂ්පාදනය හේතු වී ඇති බවට පවතින සැකය මත, 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ තවත් එන්නත් වර්ග 09ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒවායේ විෂබීජවලින් තොර බව (Sterility) සහ ක්ෂුද්‍රජීවී ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හරහා මෙරටට ආනයනය කර ඇති මෙම එන්නත් සඳහා ඉන්දියාවේ OASIS Test House සහ SIPRA Laboratories ආයතන මගින් සම්පූර්ණ විශ්ලේෂණ වාර්තා (Full Analytical Reports) නිකුත් කර තිබූ බව එම ලිපියෙහි සඳහන් වේ. අමෙරිකානු ඖෂධ සංග්‍රහයේ (USP) ප්‍රමිතීන්ට අනුකූල බවට එම වාර්තා මගින් සහතික කර තිබියදීත්, බැක්ටීරියා දූෂණයන් හඳුනා ගැනීම මගින් අදාළ රසායනාගාර වාර්තාවල නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත.

ශ්‍රී ලංකාවේ භාවිත වන ඖෂධවලින් 60% ක්ම ඉන්දියානු නිෂ්පාදන වන අතර, නව රජය ඉන්දියානු ඖෂධ සංග්‍රහය (Indian Pharmacopoeia) මෙරට ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය තුළ ඉන්දියානු ඖෂධ කෙරෙහි මහජනතාව තුළ අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇතිවීම වැළැක්වීම අතිශය වැදගත් බව විද්වත් කලාපය පෙන්වා දෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දෙන ලෙසත් ඖෂධ සැපයුම් දාමයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත්ය.

මෙම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් වෙත ද යොමු කර ඇත

සම්බන්ධිත පුවත් | Related News

දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් රොහින්ග්‍යා සරණාගතයෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබීමත් සමඟ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.