නයිජීරියාවේ IS ත්‍රස්ත ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්..
වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් 'දැවැන්ත හා මාරාන්තික' ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය 'Truth Social' හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවය.
"කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය" ට්‍රම්ප් පවසයි.
කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව 'දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ' බව පමණක් තහවුරු කර ඇත.
එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට සමෘද්ධිමත්වීමට ඉඩ නොදෙන බවත් ඔහු එහි දක්වා තිබේ.
මේ අතර අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරයට නයිජීරියානු රජයේ සහයෝගය ලැබුණු බවය.
කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිළිබඳ නයිජීරියානු රජය නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්