“ටොපේ ටොප් එකට 100% ක් වැඩේ වෙනවා කියලා මම කියන්නෙ නෑ”
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ ඇතැම් කාරණාවලදී “100%ක් ටොප් එකට වැඩේ සිදුවනවා” යැයි කීමට තමා සූදානම් නැති බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.
කෙසේ නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට තරම් බලපෑමක් ඇති වී නැතැයි ඔහු පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව, ආහාර හිඟවීමක් ඉදිරියේදී නොවනු ඇතැයි ද ඔහු කීය.
ආපදාවෙන් හානි වූ පුද්ගලයින්ට රුපියල් 25000ක මුදල ලබා දීම නිමකරමින් පවතින නමුත් රුපියල් පනස් දහසේ දීමනාව ලබාදීමේදී යම් යම් ගැටලු මතුවිය හැකි අතර එය ස්වභාවික කාරණයක් බවද අමාත්‍යවරයා කීය.
භාණ්ඩ ලබා දීමට අදාළ රුපියල් පනස්දහසේ දීමනාව සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවන අතර ඇතැමුන්ට එම මුදල ලබා දිය යුතු ද යන ගැටලුත් එහිදී මතුවන බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයින් සිතා සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ට අපදාව නොවී තමන්ට පමණක් ආපදාව සිදුවී ඇතැයි යන මානසිකත්වයෙන් සිතන බව ය.
නමුත් පොදුවේ මෙම බලපෑම සියල්ලට සිදුව ඇති බව ද හෙතෙම කීය.
“ඒත් 100% ක් ටොපේ ටොප් එකට මෙම වැඩේ සිදුවනවා කියලා කියන්න මන් සූදානම් නෑ” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..