මහින්ද යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්නා.. අපි ඒක නෑ කියලා නෑ..- මහින්ද ජයසිංහ කියයි
ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ සමග ගිවිසුම්ගත වුණේ රනිල් වික්‍රමසිංහ රට පාවාදීමට සහ රට විකිණීමට ගෙනගිය වැඩපිළිවෙළ පරාජය කිරීමට බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
"මහින්ද රාජපක්ෂ එක්ක අපි සන්ධාන ගහපු එක ගැන මේ දෙන්නාම කිව්වා. ඇයි මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ ? මහින්ද එක්ක අපි සන්ධාන ගැහුවෙ මේගොල්ලන්ගෙ එදා නායකයා, රනිල් වික්‍රමසිංහ – අපි එදා කිව්වා දොන් ජුවන් වික්‍රමසිංහ කියලා – එල්ටීටීඊ සංවිධානයත් එක්ක ගිවිසුමක් ගහලා මේ රටේ භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් එල්ටීටීඊ එකට පාවලා දෙන්න හදනකොට, රට පාවලා දෙන්න හදනකොට, අනිත් පැත්තෙන් රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා රට විකුණන්න හදනකොට ඔන්න ඔය රට පාවාදීමට සහ රට විකිණීමට එරෙහිව තමයි අපි එදා මහින්දත් එක්ක ගිවිසුම් ගැහුවෙ.
ප්‍රශ්නය – එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරාගැනීම සඳහා කටයුතු කළා ?
"ඔව්, හරි. අපි ඒක අදත් බැහැර කරන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න ඒ දේශපාලන නායකත්වය දුන්නා. අපි ඒක කොහෙවත් නැහැයි කියලා නෑ. අපි එහෙම කුහක නෑ. ඒ වෙනුවෙන් තමයි අපි එදා මහින්දට සපෝට් කළේ. එදා ඔය 2005 නෙ ජනාධිපතිවරණය ආවෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදල ගැන එහෙම ප්‍රශ්න ඇවිල්ලා තිබුණෙ නෑ."
ප්‍රශ්නය – එතකොට කොයි අවුරුද්දෙද සුනාමි අරමුදලෙ ප්‍රශ්නය ආවෙ ?
"සුනාමි ආවෙ 2004 දෙසැම්බර් අග. 2005 තමයි ජනාධිපතිවරණය තිබ්බෙ. ඒ වෙනකොට ඔය සුනාමි අරමුදලෙන් මහින්ද හොරකම් කළා කියලා කොහෙවත් මතුවෙලා තිබ්බෙ නෑ."
අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..