දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයේ සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග..
දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ධීවර යාත්‍රාවක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් සැකකරුවන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.
සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය 20 වන දින දකුණු මුහුදු තීරයේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.
ඒ අනුව එම ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (24) දිනයේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආ අතර එම වරායේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරානයට අයත් නෞකාවකින් අදාළ ධීවර යාත්‍රාවට ලබාගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු මිරිස්ස ධීවර වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා සහාය පල කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
මේ අතර මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා 99ක් පමණ මේ වසරේ දී සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අදාළ යාත්‍රා සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
එහිදි සැකකරුවන් 360 දෙනෙකු පමණ භාරයට ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..