ඉන්දියාව සමග සෞඛ්‍ය ගිවිසුම අත්හිටුවන්න - සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කර ඇති බව කියන සෞඛ්‍ය ගිවිසුම වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් වෘත්තිය හා සිවිල් සංවිධාන නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (24දා) විරෝධතාවක නිරත වූහ.
මෙතෙක් ජනතාවට හෙළි නොකළ මේ ගිවිසුම තාක්ෂණික ඇගයීම් කමිටුවක් හරහා යළි පසුවිපරමක් සිදුකරන තෙක් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මීට සමගාමීව, ඉන්දියන් ෆාමකෝපියා හරහා ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රසම්පාදනය කරන සමාගමට අනුමැතිය ලබාදීම හා රෝහල්වල බාල ඖෂධ බෙදාහැරීම ද වහාම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් භාර දුන්නේය.
ලබන වසරේ ජනවාරියෙන් පසු මෙලෙස ඉන්දියාවේ සිට බාල ඖෂධ මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් පැවතිය හැකි බැවින්, තාක්ෂණික ඇගයීම්වලින් තොරව කිසිදු ඖෂධයක් නොගෙන්වන ලෙසත්, කිසිදු ඉන්දියානු සමාගමක් හෝ අතරමැදි සමාගමක් ශ්‍රී ලංකාවේ දේශීය නියෝජ්‍ය ආයතනයක ලියාපදිංචි නොකරන ලෙසත් මෙම ලිපිය මගින් එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..