චීනයේ සහයෝගය සෑම විටම ශ්‍රී ලංකා රජයට සහ එහි ජනතාවට ලැබෙනවා- චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල නියෝජිතයෙකු පවසයි
2025 ඔක්තෝබර් 20 සිට 23 දක්වා බීජිංහිදී පැවැත්වුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වන මධ්‍යම කාරක සභාවේ 4 වන පූර්ණ සැසිවාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන දැනුවත් කිරීමේ සමාලෝචන රැස්වීමක් ඊයේ(23) කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි. සමාලෝචනය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් ගරු වැන්ග් ජුන්ෂෙන් මහතා විසින් කරනු ලැබීය.
2025 ඔක්තෝබර් 20 සිට 23 දක්වා බීජිංහිදී පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වන මධ්‍යම කාරක සභාව එහි 4 වන පූර්ණ සැසිවාරය කැඳවන ලැබූ අතර එහිදී පහලොස්වන පස් අවුරුදු සැලැස්ම අනුමැතියට ලක් විය.
20 වන මධ්‍යම කාරක සභාව එහි 4 වන පූර්ණ සැසිවාරයට මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් 168 දෙනෙකු සහ විකල්ප මධ්‍යම කාරක සභා සාමාජිකයින් 147 දෙනෙකු සහභාගී විය. එලෙසම ඡන්දය ප්‍රකාශ කිරීමට බලය පැවරී නැති විනය පරීක්ෂණ සඳහා වූ මධ්‍යම කොමිසමේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු වල ප්‍රමුඛ නිලධාරීන්ද එම රැස්වීමට සහභාගී වූහ. එලෙසම ප්‍රාථමික මට්ටමේ සාමාජිකයන් කිහිප දෙනෙකු සහ 20 වන ජාතික පක්ෂ සම්මේලනයේ නියෝජිතයන් ලෙස සේවය කළ විශේෂඥයින් සහ විද්වතුන් ගණනාවක් ද ඡන්දය ප්‍රකාශ කිරීමට බලය රහිතව අදාළ රැස්වීමට සහභාගී වූහ.
රැස්වීමේ මුලසුන මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය දැරීය.එහිදී මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පින් මහතා වැදගත් දේශන පැවැත්වීය. එහිදී ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිර්දේශ ද ඔවුන් සාකච්ඡා කර සම්මත කළහ.
ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වු රැස්වීමේදී වැන්ග් ජුන්ෂෙන් මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු ආධාර සෑම විටම ලබා දීමට චීනය සූදානම් බවත්, “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ තම අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බවත් පැවසීය.
මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස් අමතා අදහස් දැක්වීමට ගරු නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා එක්වූහ. ශ්‍රී ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම උත්සවයට සමාන්තරව ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවත්වුණි.








සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..