බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් හදයි...
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ යටතේ Block 01 සහ Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙය වීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.
රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදු කර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025-10-31 දින ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට පියවර ගෙන ඇත.
Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම සඳහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 199.13 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, එකී ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..