තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිට ලැජ්ජා නැද්ද.. - නාමල් අසයි
තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්දයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව ඒ මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි පවසන මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන තැනට පත්ව ඇතැයි පෙන්වා දුන්නේය.
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට සම්බන්ධ ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහමඟදී අදාළ මන්ත්‍රීවරයා පහර දී තිබෙන බව අනාවරණය කළේය.
හිටපු කතානායක අශෝක රන්වල සිදු කළ රිය අනතුරේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා දේශපාලන බලය යොදවා එය යටගැසීමට උත්සාහ කළ ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට චෝදනා කළේය.
ගංජා හේන වැටලූ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අවස්ථාවේ ඒ මන්ත්‍රීවරයාම පැමිණ පොලිස් නිලධාරියාට පහර දෙන විට පොලිස්පතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව මාලිමාවේ පොලිස්පතිවරයෙක් ලෙස හැසිරෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..