ආපදාව උච්චතම අවස්ථාවට කළින් හදිසි අවස්ථා රෙගුලාසි ගැසට් කළේ ආණ්ඩුව ආපදාව කළින් දැන සිටි නිසාද?.. ආපදාව යොදාගනිමින් මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් සෑදීම සඳහා අවශ්‍ය රෙගුලාසි සම්මත කළ හැටි මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
ගැසට් නිවේදනයක් ලෙස හදිසි අවස්ථා රෙගුලාසි සහ රනිල් වික්‍රමසිංහ මහතාට සම්මත කරගැනීමට නොහැකි වූ ප්‍රතිත්‍රස්ත පනත වෙනත් නමකින් මහජන සාකච්ඡාව සඳහා යොමුකළ ලේඛනයක් ලෙස ලේඛණ දෙකක් මේ වන විට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත්, මෙම ලේඛණ අධ්‍යයනය කිරීමෙන් සිනාසිය යුතුද, නැතිනම් හැඬිය යුතුද, එසේත් නැතිනම් හිසට වෙඩිතබාගත යුතුදැයි සිතාගත නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අද(23) දින ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම හදිසි අවස්ථා රෙගුලාසි පනවන්නේ නොවැම්බර් 28 දා බවත්, එනම් ආපදාව උච්චතම අවස්ථාවට පත්වීමට පෙර බවත් ය.
28 වැනිදා නිකුත් කිරීමට නම් මෙය ආපදාව උච්චතම අවස්ථාවට පෙර සකස් කළ යුතු බවත්, එසේනම් ආපදාවක් ඇතිවන බව කළින් දැන සිටියා ද යන්න විමසීමට සිදුවන බවත් ඒ මහතා පවසයි.
ආපදාවට පෙර ආපදාවෙන් පසුව ගතයුතු ක්‍රියාමාර්ග ගැසට් කිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙන ඒ මහතා ආපදාව කළමනාකරණය කිරීමට ආපදා කලමණාකරණ පනත යටතේ ප්‍රතිපාදන ඇති බවත්, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගනිමින්, මහජනයා පීඩාවට පත් කිරීමට බිය වැද්දීමට මීට පෙර මෙලෙස නීති නොසෑදූ බවත් පෙන්වා දෙයි.
ආපදාවට පෙරම මෙවැනි ලේඛණයක් සකස් කිරීම සැකකටයුතු දෙයක් බවත්, ආපදාව වෙන්නත් පෙර ආපදාව යොදාගනිමින් මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් සෑදීම සඳහා අවශ්‍ය රෙගුලාසි සම්මත කළ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී චෝදනා කළේය.
මෙයට අත්සන් තැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙය සෑදූ නිලධාරීන් සියලුදෙනා ලැජ්ජා විය යුතු බවත් මෙහිදී ඒ මහතා පැවසීය.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 ආ වගන්ති නැතහොත් සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර වැළැක්වීම සඳහා වන වගන්ති හදිසි අවස්ථා රෙගුලාසිවල යොදා තිබීම හාස්‍යජනක ක්‍රියාවක් බවත්, මේ දෙක අතර ඇති සම්බන්ධය කුමක්දැයි වටහාගත නොහැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.
අපදා අවස්ථාවේදී කළ යුත්තේ මහජනයා බිය ගැන්වීම නොවන බවත්, මෙය ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ආපදාවෙන් සිදුවූ විපතින් රට ගලවා ගැනීමටද නැති නම් ආණ්ඩුව ආපදාව නිසිලෙස කලමණාකරණය නොකිරීම නිසා ආණ්ඩුව ආපදාවට ලක්වීමෙන් ගැලවීමට මෙම නියෝග ගෙනආවේ දැයි ප්‍රශ්නයක් ඇති බවත් මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට උත්සාහ දැරූ ප්‍රතිත්‍රස්ත පනත "ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමේ පනත" නමින් වෙනත් නමකින් ගෙන ඒමට කටයුතු කරමින් ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසී්‍ය.
මෙහිදී හදිසි නීතිය යටතේ පනවා සිදුකිරීමට යන සියලුදේ සාමාන්‍ය නීතිය යටතේ කිරීමට වරදවල් ලෙස දක්වා ඇති බවත් ඒ මහතා හෙළිකරයි.
රනිල් වික්‍රමසිංහ සෑදූ පනතේ වගන්ති එහාට මෙහාට වෙනස්කර, අමතරව බරපතළ කරුණු ඇතුළුකර ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කළ හැකි වන පරිදි මෙය සකස් කර ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..