News Category
From Date
To Date
Maximum Number of Result

ජපානයේ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට කරන ප්‍රකාශ පශ්චාත් යුධ පටිපාටියට බරපතල තර්ජනයක් එල්ල කරනවා- චීන විදේශ අමාත්‍යාංශය

Dec 23, 2025 at 09:32 AM
|

ජපානයේ දක්ෂිණාංශික හමුදාවන්ට බලගතු ප්‍රහාරක අවි සංවර්ධනය කිරීමට හෝ න්‍යෂ්ටික අවි ළඟ තබා ගැනීමට නිදහසේ ඉඩ දුන්නොත්, එය නැවතත් ලෝකයට ව්‍යසනයක් ගෙන එනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියෑන් ඊයේ(22) පැවසීය. ජ්‍යෙෂ්ඨ ජපන් නිලධාරියෙකු විසින් නුදුරේදී අත්පත් කර ගත හැකි න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වන ලෙස මාධ්‍යවේදීන් කළ විමසුමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"ජපාන අගමැති සානේ ටකයිචිට සමඟ සමීපව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජපානයට න්‍යෂ්ටික අවි තිබිය යුතු බවට නිර්භීතව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය කම්පනයට පත් වී ඇති බව ලින් පැවසීය. ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ජපාන ජේෂ්ඨ නිලධාරියා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම පවා ප්‍රතික්ෂේප කළේය. න්‍යෂ්ටික නොවන මූලධර්ම තුනට කළ හැකි සංශෝධන පිළිබඳව විමසූ විට, ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ 'සියලු විකල්ප සාකච්ඡා කරනු ඇති' බවයි."

ජපාන අගමැති ටකයිචි, න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන සංශෝධනය කිරීමට සැලසුම් කරන බවට මීට පෙර පළවූ ජපන් මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගත් විට, ජපාන පාර්ශවයෙන් කරන ප්‍රකාශ පශ්චාත් යුධ ජාත්‍යන්තර පටිපාටියට සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ තන්ත්‍රයට එල්ල කරන ලද අභියෝගයක් මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර සාමය සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් සහ "සාමකාමී සංවර්ධනය" සඳහා ජපානයේ කැපවීමෙන් ඉවත් වීමක් බව ලින් ජියෑන් පැවසීය.

ජපාන පාර්ශවය කරන ප්‍රකාශ ජාත්‍යන්තර නීතිය යටතේ ජපානය මීට පෙර ඇති කරගත් බැඳීම් බරපතල ලෙස උල්ලංඝනය කරන බවත් ආසියා-පැසිෆික් කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය දැඩි ලෙස අඩපණ කරන බවත් ලින් පෙන්වා දුන්නේය. "ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර එයට එරෙහිව දැඩි ලෙස විරුද්ධ විය යුතුයි." ලින් පැවසීය.

"ජපන් දක්ෂිණාංශික බලවේගවල නැවත හමුදාකරණය කිරීමේ අභිලාෂය හොඳින්ම පැහැදිලි වෙනවා." ලින් පැවසීය." තායිවානය සම්බන්ධයෙන් අගමැති ටකයිචිට නොවැම්බර් 7 වන දින මෙතරම් වැරදි සහ භයානක ප්‍රකාශ කිරීමට හැකි වූයේ මන්දැයි යන පැනයට ඉහත සිදුවීම් මගින් නන් අයුරින් පිළිතුරු ලැබෙනවා."

පසුගිය 18 වනදා, "Asahi Shimbun" පුවත් පත වාර්තා කළේ නම සඳහන් නොකළ ජපාන නිලධාරියෙකු "ජපානය න්‍යෂ්ටික අවි අත් පත් කරගත යුතු" බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව පැවසූ බවයි. වාර්තාවට අනුව, ආරක්ෂක ප්‍රතිපත්ති සහ අදාළ කරුණු සම්බන්ධයෙන් ජපාන අගමැති ටකයිචිට උපදෙස් දීම කරනු ලබන්නේ අදාළ නිලධාරියා විසිනුයි.

පසුගිය 19 වනදා පැවති මාධ්‍ය හමුවකදී, ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන සම්බන්ධයෙන් සිදු විය හැකි සමාලෝචනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපන් පුරවැසියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සාමකාමී ජීවන රටාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු විකල්ප කිසිවක් බැහැර නොකර සාකච්ඡා කිරීම අවශ්‍ය බව පැවසූ බව, Jiji පුවත් සේවය වාර්තා කළේය.

මෙම නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ප්‍රකාශ ජපානය තුළ සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ප්‍රතික්‍රියාවක් ඇති කර තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම "ජපානයට කිසිසේත්ම ප්‍රයෝජනවත් නොවන" බව හිටපු ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය 20 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ බව ජපන් මාධ්‍ය වාර්තා කළේය. ඉෂිබාට පෙර, ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකාතානි පසුගිය 19 වනදා  "මෙය සැහැල්ලුවෙන් සාකච්ඡා කළ යුතු දෙයක් නොවන බවත්, ජපාන රජය සුදුසු පරිදි ප්‍රතිචාර දැක්විය යුතු බවත්" පැවසූ බව ජපන් ප්‍රවෘත්ති ආයතනයක් වන Kumanichi වාර්තා කළේය.

චීනය හැරුණු විට,  ජපානයේ අසල්වැසි රාජ්‍යන් වන රුසියාව සහ උතුරු කොරියාව ද ජපානය න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දක්වන ආකල්ප වලට විරෝධය පළ කළ අතර, රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් පුවත් සේවය වෙත පැවසුවේ "අපගේ ආකල්පය නියත වශයෙන්ම නිෂේධාත්මක වනවා පමණක් නොව ජපානය මිලිටරිකරණය කිරීම ඊසානදිග ආසියාවේ තත්වය වඩාත් නරක අතට හැරෙනවා යන්නයි". යනුවෙනි.

ජපානයේ සිදුවිය හැකි න්‍යෂ්ටික අවි සඳහා වන ඉල්ලීම් අතීතයේ පැවති අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් අතර කෙරෙන සාකච්ඡාවලින් ඔබ්බට ගොස් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ගේ විවෘත ප්‍රකාශ දක්වා මාරු වී ඇති අතර, එය තත්වයේ හදිසිභාවය අවධාරණය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර වශයෙන් ඉතා සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ලියාඕනිං සමාජ විද්‍යා ඇකඩමියේ මහාචාර්ය ලූ චාඕ ඊයේ(22) මාධ්‍ය වෙත පැවසීය.

ජපාන නිලධාරීන් කරනු ලබන න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම සම්බන්ධව ඉදිර්පත් කරන ප්‍රකාශ චීනයේ සහ අනෙකුත් කලාපීය බලවතුන්ගේ ප්‍රතිචාර පමණක් නොව ජපානයේ ප්‍රධාන හිතවතා වන එක්සත් ජනපදයේ ප්‍රතිචාර ද විමර්ශනය කරන අත්හදා බැලීමේ තවානක් ලෙස සේවය කරන බව මහාචාර්ය ලූ චාඕ තවදුරටත් පැවසීය.

"චීනය සහ රුසියාව මෙන් නොව, ඇමරිකා එක්සත් ජනපදය ජපානයට නිෂ්චිත විරෝධයක් ප්‍රකාශ කර නැහැ." විශේෂඥයා පැවසීය. "කෙසේ වෙතත්, වොෂින්ටනයේ ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණාත්මක ප්‍රශ්නයක් සලකා බැලිය යුතුයි. එනම් ජපානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගන්නේ නම්, ඔවුන් එක්සත් ජනපද නියෝග කීකරු ලෙස අනුගමනය කිරීමේ කාර්යභාරයෙන් සෑහීමකට පත්වෙනවාද? යන්නයි." මහාචාර්ය ලූ චාඕ අවධාරණය කළේය.

ජපානයේ න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවය දක්වන ප්‍රකාශ වලට විරෝධය එල්ල වූ විට, ජපානයේ නීගාටා ප්‍රාන්තය ඊයේ(22)ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන කෂිවාසකි-කරිවා න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට අනුමත කළේය. ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය සිදුවී දශකයකට වැඩි කාලයකට පසු මෙම තීරණය ගෙන ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාන්ත සභාවේ තීරණයෙන් අදහස් වන්නේ 2011 මාර්තු මාසයේදී සුනාමියෙන් විනාශයට පත් ෆුකුෂිමා ඩයිචි බලාගාරයේ න්‍යෂ්ටික මෙහෙයුම් කටයුතු පළමු වරට ටෝකියෝ විදුලි බල සමාගම නැවත ආරම්භ කරන බව යැයි ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය අවධාරණය කළේය.

තාක්ෂණික වශයෙන් ගත් කළ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ජපානයට න්‍යෂ්ටික ද්‍රව්‍ය සඳහා සම්බාධක පැනවිය යුතු බවත්, එහි න්‍යෂ්ටික ඉන්ධන යෙදීම් සහ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් සමීපව නිරීක්ෂණය කළ යුතු බවත්, එහි න්‍යෂ්ටික ගැටළු වල වර්ධනයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මහාචාර්ය ලූ යෝජනා කළේය.

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.