බාල ඖෂධ ප්‍රශ්නයේ ගැඹුර නොදැක රාජ්‍ය නිලධාරීන්ට පහරදීම බරපතළ වරදක්.. ඒ මගින් ඉන්දියාවේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ ලැබෙනවා - ජාතික සංවිධාන කියයි
ඉන්දියානු සමාගමකින් මිලදීගත් ඖෂධ ප්‍රමාණයක ගුණාත්මක තත්ත්වයෙන් බිඳවැටීම පිළිබඳව පැන නැගී ඇති සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
ඉන්දියානු ඖෂධ සංග්‍රහය පිළිගැනීම සඳහා අනුර කුමාර රජයට එල්ල වූ බලපෑම් වලට යටත් වීම නිසා ඊට අදාළව ගිවිසුමක් අත්සන් කලත් ඖෂධ අධිකාරී පනත අනුව පිහිටුවා ඇති ඇගයීම් ක්‍රියාවලිය අනුව එම ඖෂධ සංග්‍රහයේ ප්‍රමිතීන් සෘජුව බාර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එදා වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය විජයවික්‍රම මහතා ඊට අත්සන් තබන්නේ ඖෂධ අධිකාරියේ පටිපාටියට යටත්ව ක්‍රියාකළ යුතු බවට ව්‍යයතිරේකයක් සමගය.
නමුත් ඉන්දියාව දිගින් දිගටම ඒ සඳහා බලපෑම් කරන බවට විවාදයක් නැත. එහෙත් බලපෑම්වලට යටත් නොවන ඉහල නිලධාරීන්ට දොස් පවරා ඔවුන්ට චෝදනා එල්ල කොට ඔවුන් ඉල්ලා අස්වන තත්ත්වයක් ඇති කළහොත් ඉන්දියාවට යටත් වන නිලධාරීන් යොදා ගනිමින් වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙනවා. තත්ත්වය බිඳවැටීම් පිළිබඳව ආවේක්ෂණය අනුමත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දණ්ඩන පැනවීම අනවශ්‍ය ඖෂධ ලියාපදිංචිය වැළැක්වීම, ඇගයීම් ක්‍රියාවලිය තුල මිල සාධකය සැලකිල්ලට ගැනීම, දේශීය ඖෂධ සංග්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව නීති ගතකිරීම ආදී වශයෙන් වන අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා පනත තවදුරටත් ශක්තිමත් කළ යුතුය.
ඒ සඳහා හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා උත්සාහයක් ගත්තත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට බාධා කළා. එදා පනත සංශෝධනය කළා නම් ඒ ඇමතිට හිරේ යන්න සිද්ධ වෙන්නේ නැහැ.
ඒ නිසා කළ යුත්තේ ඉන්දියානු බලපෑමට යටත් නොවී තවදුරටත් පනත ශක්තිමත් කිරීම සඳහා බලපෑම් කිරීම මිස, යටත් නොවන නිලධාරීන්ව එළවා දැමීමට බලපෑම් කිරීම නොවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..