නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිල්ලා..
බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට ඉරි තැළීම් හා පැල්මට ලක්ව ඇති කඳු බෑවුම් නිරීක්ෂණයට මේ වන විට විදේශ විශේෂඥ භූ-විද්‍යාඥයන් කණ්ඩායම් තුනක් පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
ඉතාලිය, ප්‍රංශය හා චීනය යන රටවලින් මෙම භූ විද්‍යාඥ කණ්ඩායම් මෙරටට පැමිණ ඇතැයි ඔහු කීය.
ඒ අනුව, ආපදා තත්ත්වයත් සමග නාය යෑමට ලක් වූ ස්ථානවල බෑවුම් ප්‍රදේශවල නාය යෑම් පෙර සලකුණු වශයෙන් පැල්මට, ඉරිතැළීමකට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
මෙම අධ්‍යයන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු දේශීය විශේෂඥයන්ගේ සහායෙන් සිදු කෙරෙන්නේ යැයි ද ඔහු පැවසීය.
ඉරි තැළීමට, පැළීමට ලක්ව ඇති කඳු බෑවුම්වල සිදුවන හානිය අවම කිරීමට ඉන්ජිනේරු ක්‍රම භාවිත කිරීමේ හැකියාව පිළිබඳව මෙම අධ්‍යයන කටයුතුවලින් සොයා බලන බව ඔහු සඳහන් කළේ ය.
නාය යෑමට ලක් වූ හා එහි බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ ඩ්‍රෝන තාක්ෂණයෙන් ඡායාරූප ගත කර ඒ ලබාගන්නා ඡායාරූප මගින් අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇත.
විදේශීය විශේෂඥයන්ගේ පරීක්ෂණවලට අමතරව දේශීය භූ විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක් කරගෙන යන පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.
බරපතළ ගණයේ නාය යෑම් සිදුව තිබෙන මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල හා සබරගමුව පළාතට අයත් නාය යෑමට හා එම තර්ජනයට ලක් වූ ප්‍රදේශ විදේශ විශේෂඥයන්ගේ නිරීක්ෂණයට බඳුන් කෙරේ.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..