News Category
From Date
To Date
Maximum Number of Result

ආපදා සහන පැකේජය ජනපති අනුර හෙළිකරයි..

Dec 19, 2025 at 07:26 PM
|

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

ඩොලරයේ අගය නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපේක්ෂා කළ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2026 සැලසුමේ තිබූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක් අලුතින් උපයාගැනීම තුළින් ඩොලරයට එන බලපෑම වළක්වා ගත හැකි බවද පැවසු ජනාධිපතිවරයා ඒ තුළින් ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

පූර්ණ නිවාස හානි 6,228ක්,  NBRO අවසර ලබානොදෙන අර්ධ හානි වූ නිවාස 4,543ක්, කිසිදු හානියක් නොවූ NBRO අවසර ලබානොදෙන නිවාස 6,877ක් ඇති අතර, මුළු නිවාස 17,648ක් සඳහා මාස තුනකට රු 50,000 බැගින් ලබාදීමට රජය කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සහන පැකේජය

* හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රු 25,000ක් ලබාදීම.

* නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රු 50,000ක් ලබාදීම.

* පළමු වටයේ දී මුළුමනින්ම නිවාස අහිමි වූ  ආදායම් මාර්ග අහිමි වූ, NBRO නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාසහිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රු 50,000ක දීමනාවක් ජනවාරියේ සිට මාස තුනක කාලසීමාවක් ලබාදීම.

* නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව NBRO නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රු 25,000 බැගින් ලබාදීම.

* ආපදාවට ලක්වූ මුළු නිවාස 17,648ක ජනතාවට රු ලක්ෂ 50 බැගින් ලබාදීම.

* වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වගා කර ඇති අයට හෙක්ටයාරයකට රු 150,000ක දීමනාවක්.

* මිරිස්, ලූනු, ගස්ලබු, කෙසෙල් ඇතුළු එළවළු වගාකළ ගොවීන්ට හෙක්ටයාරයකට රු 200,000ක දීමනාවක්.

* ඝණත්වය අනුව ගම්මිරිස්, එනසාල් සහ කෝපිවලට වන්දි ලබාදීම. (ගම්මිරිස් වැළකට රු 250ක්.)

* පශු වෛද්‍ය කාර්යාලවල ලියාපදිංචි වූ දෙමුහුන් ගවයෙක් වෙනුවෙන් රු 200,000ක බැගින් උපරිම ගවයින් 10ක් සඳහා ආධාර මුදලක් ලබාදීම.

*දේශීය ගවයෙකු වෙනුවෙන් රු 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබාදීම.

*සූකරයින්, එළුවන් සහ බැටලුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින පිරිසට එක් සතෙකුට රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබාදීම.

*කුකුළු පාලනයේ යෙදෙන පිරිසට මියගිය එක් ලේයර් සතෙකුට රු 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර ලබාදීම. බ්‍රොයිලර් සතෙකුට රු 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබාදීම.

* කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටුවට රක්ෂණයක් ඇති අයට, රක්ෂණයේ මුදල සීනෝර් ආයතනයට ලබාදී එම පිරිසට අලුත් බෝට්ටුවක් ලබාදීම.

* දැල් ආම්පන්න නැති වූ සෑම ධීවරයෙකුටම රු 100,000 වවුචරයක් ලබාදීම.

* ආපදාවට ලක්වූ බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ සාදා දීම.

* මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ඔරුවක් අහිමි වූ අයෙකුට රු 100,000 මුදලක් හා හානියට පත්වූ ජලාශවලට පැටව් ලබාදීම.

* ආපදාවට ලක්වූ පාසල් සිසුන්ට රු 25,000 දීමනාවක්.

* කර්මාන්ත අමාත්‍යාංශයයේ ලියාපදිංචි වූ කර්මාන්ත 9,600ට ලක්ෂ 2ක මුදලක්

* අර්ධ හානියට පත්වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ 5ක් හෝ තක්සේරු කිරීමෙන් පසු උපරිමය ලක්ෂ 50ක්

* කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍රාදේශීය ව්‍යාපාර සඳහාත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවෙන් පසු දීමනාවක්

* මහා පරිමාණ ව්‍යාපාර සඳහා සහනශීලි ණයක් යටතේ කුඩා කර්මාන්ත සඳහා ලක්ෂ 2.5 සිට ලක්ෂ 10 දක්වාත් සහ විශාල කර්මාන්ත සඳහා රුපියල් මිලියන 25ක්

- අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම නඩුව අවසන් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින් චෝදනාවක් එල්ල කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.