ආහාර පිසින තෙල් කවලම් තහනම් ගැසට්ටුව බහිරවයෙක් වෙනස් කරන්න හදයි...
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ආහාර පිසීමට භාවිතා කරනු ලබන තෙල් කවලම් කර විකිණීම තහනම් කර ගැසීමට සූදානම් ගැසට්ටුව බහිරවයෙක් වෙනස්කර ගහන්න හදයි.
ආහාර පිසීමට භාවිතා කරන තෙල් කවලම් කර විකිණීම ශ්‍රී ලංකාවේ වසර ගණනාවක සිටම පවත්වාගෙන යන විශාල මාෆියාවකි. වත්මන් රජය බලයට පත් වූ වහාම ඒ පිළිබදව සොයා බලා ආහාර පිසින තෙල් කවලම් කර විකිණීමේ ජාවාරමට තිත තැබීම සදහා පිසින ආහාර තෙල් නිසි ලෙස ඇසුරුම් කිරීමට අදාල නීති සකසා ගැසට්ටුවක් නිකුත් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කර ඇත.
එම නිර්දේශය අනුව ගැසට් පත්‍රය නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පවරා ඇත. එහෙත් මෙම අවස්ථාවේ පාරිභෝගික කටයුතු අධිකාරිය සුදානම් වන්නේ පොල්තෙල් පමණක් නියමිත ඇසුරුම් සහිතව අලෙවි කල යුතු බවට වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටය. එසේ කිරීම අතීසාරයට අමුඩ ගැසීමකි.
පොල්තෙල් පමණක් නියමිත ඇසුරුමක පමණක් අලෙවි කිරීමට නීති සැකසුවහොත් වෙනත් පිසින තෙල් එනම් ෆාම් ඔයිල් හා වෙනත් පිසින තෙල් ඇසුරුම් නොමැතිව අලෙවි කිරීමට කූට වෙළෙදුන්ට අවස්ථාව හිමිවේ. එමගින් සිදු කරනුයේ පාරිභොගිකයා සියවස් ගණනක සිට ආහාර පිසීමට භාවිතා කරනු ලබන පොල්තෙල් වලින් දුරස්කිරීමකි. ආහාර පිසීමට ගත හැකි සෞඛ්‍ය ආරක්ෂිතම තෙල් වන්නේ පොල්තෙල් බවට වෛද්‍යවරු ප්‍රකාශ නිකුත් කරද්දී කවලම් තෙල් වෙළදපොලේ සුලබ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ක්‍රියාකරයි නම් එම අධිකාරිය පාරිභෝගිකයින් විනාශ කිරීමේ අධිකාරිය ලෙස හැදින්විය යුතුය.
2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරිය පිහිටවූයේ පාරිභෝගික අධිකාරිය ආරක්ෂා කිරීමට මිස කූට ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට නොවේ.
ගරු වෙළද ඇමතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ රජයට අවශ්‍ය වී ඇත්තේ පොල් තෙල් පමණක් ඇසුරුම් කර විකිණීම සදහා නීති සෑදීම නොව ආහාර පිසීමට භාවිතා කරනු ලබන සෑම තෙල් වර්ගයක්ම නියමිත පරිදි ඇසුරුම් කර විකිණිය යුතු බවට වන ගැසට් පත්‍රයක් වන බැවින් මෙම කාරණයට මැදිහත් වී මෙරට පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..