කුකුලා ඇතුලේ ලොකු වලියක්.. මාලිමාවට සහය දීම අතහරින්නැයි තොණ්ඩමන් දන්වලා..
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමේන් අනතුරුව ලංකා කම්කරුකොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පක්ෂයේ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා අතර දුරකථනය ඔස්සේ බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, ඉන් අනතුරව ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූර දරන තලවකැලේ ලිදුල, නුවරඑලිය මහ නගර සභාව, හගුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතන වල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබා දෙන සහයෝග වලින් ඉවත් වන ලෙසට ලිපි ලබා දෙන
ලෙසද ජීවන් තොන්ඩමන් මහතා ඉල්ලීමක් කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දිම් කලද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල හොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැදවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියහ.
- රංජිත් රාජපක්ෂ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..