News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාලියේ යටි අරමුණ පෙළපොත සහ වාර විභාග අහෝසි කිරීමයි.. මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට සැරසීමම එක්තරා මෙහෙයුමක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Dec 18, 2025 at 02:04 PM
|

රටේ සමස්ත දරු පරපුරටම බලපාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කිසිඳු අධ්‍යාපන විශේෂඥයන්ගේ අදහස් විමසීමකින් තොරව, මූලික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කටයුතු කරමින් සිටින බවත්, මෙය දිට්වා ආපදාවටත් වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවලියක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් අද(18) පැවත්වූ ප්‍රවෘති සංකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණවල මූලික ලේඛනය ඉදිරිපත් කරන ලද්දේ පසුගිය ජූනි මාසයේදී බවත්, මෙම විෂයමාලා සංවර්ධන යෝජනාවලියේ යටි අරමුණ වන්නේ පෙළපොත සහ වාර විභාග අහෝසි කිරීම බවත් ය.

මෙහිදී දරුවන් අතරට පත්වන්නේ පෙළපොත වැනි සංකීර්ණ විෂය නිර්දේශයක් නොව සරල කෙටි සටහන් ප්‍රමාණයක් බව පවසන ඒ මහතා මෙම මොඩියුලර් වලින් ලකුණු සියයට 70ක ප්‍රමාණයකුත්, ගුරුවරයාගේ අධීක්ෂණයෙන් ලබාදෙන සියයට 30ක ලකුණු ප්‍රමාණයකිනුත් එකතුකර දරුවාට ලකුණු ලබාදෙන බවත් සඳහන් කරයි.

එමගින් වාර විභාග සම්පූර්ණයෙන්ම අහෝසි වන බවත්, මෙම ක්‍රියාවලිය 6 වසරේ සිට දරුවන්ට ලබන වසරේ සිට කඩිමුඩියේ ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමාජය ලොකු විපතකට වැටී සිටින අවස්ථාවක මේ පිළිබඳව සමාජ සංවාදයක් ඇති නොවන අවස්ථාවක ඉතා සූක්ෂම ලෙස මෙම බරපතළ විෂය මාලා සංවර්ධන යෝජනා අගමැතිවරිය ක්‍රියාත්මක කරීමට බලහත්කාරී ලෙස සූදානම් වන බවත් පෙන්වා දෙයි.

මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමම එක්තරා මෙහෙයුමක් බවත්, අධිරාජ්‍යවාදී සංවිධාන තමන් අතේ තබාගෙන සිටින න්‍යායපත්‍ර රටක් ආපදාවකට ගොදුරුවූ විට  ක්‍රියාත්මක කිරීම සිදුකරන බවත් ඒ මහතා සඳහන් කරයි.

වාර විභාග අහෝසි කිරීම සහ පෙළපොත් අහෝසි කිරීම යනු බරපතළ තීන්දුවක් බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු සංවාදයක් සමාජයේ ඇති නොවූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

මේ වන විට මේ සඳහා ගුරුවරුන් ද පුහුණුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම්වත් භාවයද නොමැති බවත් පවසන ඒ මහතා මෙම පුහුණු වැඩසටහන් වලදී ගුරුවරුන්ට ද ප්‍රශ්න කිරීමට අවස්ථාව නොදෙන බවත් සඳහන් කරයි.

අධ්‍යාපන පරිවර්තනයක් යනු තියෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් බවත්, මෙම අධ්‍යාපන පරිවර්තනයේ දී සිදුකිරීමට යන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නොව මෙතෙක් තිබූ ක්‍රමය කණපිට පෙරළවීමක් බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

අගමැතිවරය අධ්‍යාපන ඇමැතිනිය ලෙස පත්වූ පසු පළමුවෙන්ම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් අනිවාර්ය නොවන විෂයන් බවට තීන්දුකළ බවත්, ඉන්පසුව ආගම විෂයේදී බෞද්ධ දරුවන්ට බෞද්ධ ආගම වෙනුවට පොදුවේ ආගම් ඉගැන්වීමේ සුප් එකක් දරුවන්ට පෙවීමට තීන්දු කළ බවත්, මෙය ඉතා සූක්ෂම ක්‍රියාවලියක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්පසුව ඇය විසින් ලිංගික අධ්‍යාපන යෝජනාවලියක් ගෙන ආ බවත් එයද මේ විෂය මාලා සංවර්ධනයට අදාළ බවත්, මෙය ජාත්‍යන්තර සංවිධානවලින් වටේ රටවල්වලට සාදා දුන් ලිංගික චර්යාවන් අත්හදා බැලීමට දරුවන් යොමු කිරීමට කටයුතු කරන යෝජනාවලියක් බවත් පවසන ඒ මහතා LGBTQ ප්‍රවර්ධනය කිරීම මෙමගින් සිදුවන බවට ද චෝදනා කරයි.

එංගලන්තයේ 2010 දී මෙම ක්‍රියාවලිය ආරම්භ කළ බවත්, එමගින් එම රට විශාල වන්දියක් ගෙවා දරුවන් මානසික අවුල් ජාලාවක සිරවූ පසු එම ක්‍රියාවලිය නවතා දැමූ බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

එංගලන්තය විසින් පාඩමක් ඉගෙනගෙන නතර කළ වැඩේ අද හරිනි අමරසූරිය මෙරටේ සිදුකරන බවටත් ඒ මහතා චෝදනා කරයි.

එමෙන්ම දන්ඩනීති සංග්‍රහට සංශෝධනය කර ගුරුවරුන්ට මානසික බාධක පැනවීම ද මෙම ක්‍රියාවලිය තුළ අන්තර්ගත වන බවත්, ගුරුවරයෙක් දරුවකුට තදින් අවවාද කළහොත් එය ශාරීරික වරදක් ලෙස මෙහිදී සැලකෙන බවත් එමගින් ගුරුවරයාට සිරබත් කෑමට සිදුවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.

මෙම ක්‍රියාවලිය තුළින් මෙරට දරුවන්ගේ අනාගතය මහා විනාශයකට ලක්වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.