රංජන් ජයලාල් සිද්ධිය ගැන පොලිස් විමර්ශනයක්..
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් පිරිසක් අතර සිදුවූ බව කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසයි.
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගන්නා බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බවයි අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයින් කියා සිටියේ.
කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් ප්‍රකාශ කළේය.
මාලබේ ප්‍රදේශයේ වීථි සුනඛ ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස මහ නගර සභාව වෙත කැඳවා තිබුණේ පෙරේදා දිනයේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංවිධානය නියෝජනය කරමින් ඊට එක්වූ නීතිඥවරිය මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිසියට මෙන්ම නීතිඥ සංගමයට පැමිණිලි කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..