වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ ප්‍රචන්ඩකාරි හැසිරීම පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් විය යුතුයි- ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ලියාපදිංචි තෙල් ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පැන නගින අර්බුදයට සමනය කිරීමට වහා මැදිහත් වන ලෙසයි. ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත යොමු කරනු ලබන එම ලිපිය මගින් පසුගිය දෙසැම්බර් 10 වනදා වෙනිසියුලාවේ සිට කියුබාවට ඛණිජ තෙල් ප්‍රවාහනය කරමින් තිබූ M/T Skipper නම් වානිජ නෞකාව අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීම මගින් අමෙරිකානු සම්බාධක හේතුවෙන් මේ වන විට දැඩි ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බූදයකට මුහුණ දී සිටින කියුබානු රාජ්‍යයට එරෙහිවද එල්ල කළ මරු පහරක් බවයි. එලෙසම අමෙරිකාව විසින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට පනවා ඇති අමෙරිකානු සම්බාධක මධ්‍යයේ එරට ආර්ථිකය පවත්වාගෙන යාමට එම රජය ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව අමෙරිකාව අවි බලය පෙන්වීමක් ලෙසද ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි. අමෙරිකාවේ මෙම ප්‍රචන්ඩ ස්වරූපය පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මැදිහත් නොවන්නේ නම් වෙනිසියුලාවේ දැවැන්ත ආයෝජනයන් කර ඇති රාජ්‍ය මෙන්ම ලතින් අමෙරිකානු කළාපයේ අමෙරිකානු එක්සත් ජනපද ප්‍රචන්ඩත්වය නොඉවසන රාජ්‍ය වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය සමඟ එක පෙලට හිට ගැනීම අනිවාර්ය වනු ඇති බවද ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පෙන්වා දෙයි. කළාපීය යුද්ධයක් බවට පත් වීමට ඉඩ ඇති එම ප්‍රවනතාවය සමස්ත ලෝක මානවයාගේ යහ පැවැත්මට බලපාන බැවින් අමෙරිකාවේ ප්‍රචන්ඩ ස්වරූපය පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීම අනිවාර්ය කොන්දේසියක් බවද ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි. එම සංවිධානය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින්.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..