මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි..
ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය ඊයේ (16) පරාජයට පත්විය.
ඒ වැඩි ඡන්ද 01කින් වත අතර එහිදී පක්ෂව ඡන්ද 16ක් සහ විපක්ෂව ඡන්ද 17ක් හිමිවිය.
බළපිටිය ප්‍රාදේශීය සභාව අද අනුරුද්ධ මහවැලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 18 දෙනෙකු ඇතුළත්ව මන්ත්‍රීවරු 34ක් බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරති.
ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරාගනු ලැබුවේ කුසපත් ඇදිමෙන් වන අතර ඉන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුරුද්ධ මහවැලි මහතා තේරි පත්විය.
ඒ අනුව බළපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා මංගල අයවැය අද සභාපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පක්ෂවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විපක්ෂවද සිය ඡන්දය භාවිත කළේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තේරි පත්වූ මන්ත්‍රීවරයා සභාවාරය සඳහා පැමිණ නොතිබුණි.
ඒ අනුව බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා එළැඹෙන 2026 වසර සඳහා ඉදිරිපත් කළ මංගල අයවැය ඊයේ වැඩි ඡන්ද 01කින් පරාජයට පත්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..