රන්වල ජාතික රෝහලට..
ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.
ඊයේ (11) රාත්‍රියේ සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබීමෙන් පසු ඒ මහතා මූලිකව කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහු දැනට එම රෝහලේ 72 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පදවනු ලැබූ ජීප් රථය ගල් වල හන්දියේ සිට පවර් හවුස් දෙසට දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක පිටුපස ගැටීමෙනි.
පොලිසිය සඳහන් කරන්නේ එම ගැටීමෙන් පසු රන්වල මහතා ජීප් රථය පාරේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.
මෙම සිදුවීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ මාස හයක කුඩා දැරියක තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
සපුගස්කන්ද පොලීසිය විසින් මෙම මාර්ග අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..