‘දිට්වා’ ලංකාවේ පහෙන් එකක්ම යටකළා - UNDP විශ්ලේෂණයක්
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ඇස්තමේන්තුගත මිලියන 2.3 ක ජනතාවක් ජීවත් වූ බවත්, ඔවුන්ගෙන් අඩකට වඩා කාන්තාවන් බවත් නවතම විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ එම නව භූගෝලීය විශ්ලේෂණයෙන් පෙනීයන්නේ සුළිකුණාටුවෙන් ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 1.1 කට වඩා එනම් රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ ජලයෙන් යට වූ අතර නිවාස, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි.
ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ජනතාවගෙන් අඩකට වඩා ජීවත් වූයේ ස්ථිර ආදායමක් නොමැති, ඉහළ ණය බර සහ ආපදාවන්ට මුහුණ දීමට ඇති සීමිත හැකියාව ඇතුළු සුළිකුණාටුවට පෙර බහු අවදානම්වලට මුහුණ දී සිටින නිවාසවලය. මෙම තත්වයන් යටතේ, මධ්‍යස්ථ කම්පනකාරී තත්වයන් පවා දිගුකාලීන පසුබෑමක් බවට පත්විය හැකිය.
ගංවතුර හමුවේ ගලා ආ ජලය ගොඩනැගිලි 720,000 කට ආසන්න සංඛ්‍යාවකට හානිකර ඇති අතර එය රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකක් පමණ බව පැවසේ.
විශ්ලේෂණයට අනුව මෙරට වෙරළ තීරය දොළොස් වතාවකට වඩා වට කිරීමට ප්‍රමාණවත් කිලෝමීටර් 16,000 කට වඩා වැඩි මාර්ග ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ. ඒ හා සමානව, කිලෝමීටර් 278 කට වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480 ක් ගංවතුරින් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල පිහිටා තිබිණි.
ජල ගැලීම් හමුවේ බලපෑමට ලක් වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2 ක්, ළමුන් 522,000 ක් සහ වැඩිහිටියන් 263,000 ක් ඇතුළත් වන අතර එලෙස බලපෑමට ලක්වූ පුද්ගලයන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් දිස්ත්‍රික්ක දෙකක (කොළඹ සහ ගම්පහ) පමණක් ජීවත් වේ.
රට පුරා බලපෑමට ලක් වූ ප්‍රදේශවල බොහෝදෙනෙකු අධිඅවදානම් හෝ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ගේ වාසස්ථාන සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍ය වේ. මෙම තත්වයට අත්‍යවශ්‍ය සේවාවන් මත දැඩි පීඩනයක් ඇති කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැඩිදුරටත් පෙන්වාදෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..