කොත්මලේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉවත් කර ජවිපෙට හිතවත් ආධුනික ඉංජිනේරුවන් පත් කරලා.. ජලාශයේ ජලය අඩු කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් යොමු වුනේ නෑ - නිමල් පියතිස්ස
පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව මෙවැනි දරුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ආපදාව සිදුවීමට ඉඩ දුන් බවයි.
මහජන නියෝජිතයෙකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසර 20කට අධික අත්දැකීම් ඇති තමන් මේ තත්ත්වය දකින බව පියතිස්ස මහතා පැවසීය. පසුගිය දින කිහිපය තුළ ඇද හැළුණු ධාරාණික වර්ෂා පතනය හේතුවෙන් ජලාශ පිටාර ගැලීම සහ නාය යෑම් වලින් මුළු රටම පීඩාවට පත් වූ බවත්, විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ ඉතා බරපතල ඛේදවාචකයකට මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ ආපදාවෙන් මානව සම්පත මෙන්ම දේපළ විශාල වශයෙන් අහිමි වීම හේතුවෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඉතා බරපතල ලෙස අස්ථාවර වී අරාජික වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඕනෑම ආණ්ඩුවක් මෙවැනි අනතුරු ඇඟවීම් කරන විට ඊට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව පියතිස්ස මහතා සිහිපත් කළේය. කාලගුණ දෙපාර්තමේන්තුව විශේෂ අනාවැකි නිකුත් කළ බවත්, ජාත්‍යන්තර කාලගුණ දෙපාර්තමේන්තු, BBC රූපවාහිනිය, ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තු වැනි විවිධ මාධ්‍ය ආයතන මඟින් වේලාසනින් මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ බවත් ඔහු පැහැදිලි කළේය.
කොත්මලේ ජාලාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරරවරුන් තුන්දෙනෙකු ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආධුනික ඉංජිනේරුන් ඊට පත් කර තිබූ බවටත් තොරතුරු ඇතැයිද ඒ මහතා එහිදී සඳහන් කළේය.
කාලගුණ අනතුරු ඇඟවීම් වේලාසන කර තිබේදී ජලාශය ඉහළම මට්ටමට එන තෙක් බලා සිටියා හැර ක්‍රමානුකූලව ජලාශයේ ජලය අඩු කිරීමේ ක්‍රියාවලියකට ඔවුන් යොමු නොවූ බවටද හෙතෙම චෝදනා කළේය.
මෙහිදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත ශක්තිමත් පනතක් බවත්, එවැනි තත්ත්වයක් වාර්තා වූ විට ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෑත ඉතිහාසයේ අත්දැකීම් උපුටා දක්වමින් පියතිස්ස මහතා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවති සමයේදී මෙවැනි වාර්තා කිරීමක් ලැබුණු විට ආණ්ඩුව ක්ෂණිකව ආපදා කළමනාකරණ කමිටුව කැඳවා අදාළ සැලැස්ම සකස් කළ බවයි.
එවකට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා එම සැලැස්ම සකස් කර, සුළි කුණාටුව පැමිණීමට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, පැහැදිලි කළ බවද ඔහු සිහිපත් කළේය. එම සැලැස්ම යටතේ ජලාශවල ජල ධාරිතාවය අඩු කිරීම සහ අවතැන් වන අය පිළිබඳව වැඩපිළිවෙළ සකස් කර තිබුණි.
නමුත්, වත්මන් ආණ්ඩුව මෙවැනි අත්දැකීම් තිබියදීත්, මිලිමීටර් 400ක හෝ 500ක වැනි වැසි ධාරිතාවක් සහිත දරුණු සුළි කුණාටුවක් එන බවට අනතුර අඟවා තිබියදීත්, ඒ බව දැන දැනම, ඒ පිළිබඳව කිසිවක් නොතකා, මේ ආපදාව වීමට ඉඩහැරියා. ආපදා කළමනාකරණ පනත යටතේ සැලැස්ම සකස් කිරීමේ පූර්ණ බලතල කමිටුවට හිමිවන අතර, 2030 දක්වාම එම පනතේ බලය ප්‍රකාරව වැඩ කිරීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..