සහනාධාර බෙදන්න දේශපාලන බලපෑම්.. ග්‍රාම නිලධාරීන් විරෝධයේ..
ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියට රජයේ දේශපාලන නියෝජිතයන් බලපෑම් කරන බවට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම ලධාරීන්ගේ සංගමය මේ වනවිට චෝදනා කරයි.
සහනාධාර ලබාදීමේ කටයුතු වලදීත්, ඒ වගේම කඳවුරු පවත්වාගෙන යාමේ කටයුතු වලදීත් විවිධ දේශපාලඥයන්ගේ බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ල වී ඇති බව සංගමය පවසයි.
පෙර රජයන්ට සාපේක්ෂව මෙම රජයේ සමහර දේශපාලඥයන්, විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය නායකයින් පවා ග්‍රාම නිලධාරී කටයුතුවලට බාධා කරන අවස්ථාවන් බහුලව වාර්තා වී ඇති බව සංගමය සඳහන් කරයි.
කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පැහැදිලිවම දේශපාලන අධිකාරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට ලිපි පවා එවමින් කියා ඇත්තේ කඳවුරු සඳහා තමන්ගේ නියෝජිතයන් නම් කරන ලෙස දන්වා ඇති බවත් ඔවුන් චෝදනා කරයි.
සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රජාශක්ති නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරියෙන් අත්සන් ගන්නා ලෙසට බලපෑම් කර ඇති බවත් රුපියල් 25,000 දෙන සහනාධාරය සම්බන්ධයෙන් දේශපාලනාධිකාරියෙන් නිර්දේශ ලබා ගැනීමට ගියහොත් ග්‍රාම නිලධාරීවරයාගේ ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇති වන බවත්ය.
මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් දිසාපතිවරයා ලිපි නිකුත් කර ඇති බවත්, කුරුණෑගල දිස්ත්‍රික් දිසාපතිවරුන්ට පවා බලපෑම් කර ඇති බවත් හෙතෙම පැවසීය.
තවදුරටත් මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලියේදී ග්‍රාම නිලධාරීවරයාට කමිටු හරහා වූ දේශපාලන අධිකාරිය හරහා වූ හෝ ප්‍රාදේශීය දේශපාලනියන් හරහා වූ යම්කිසි බලපෑමක් එල්ල කරන්නේ නම්, මෙම අවස්ථාවේ වෘත්තීය ක්‍රියා මාර්ග වලට යාමට සිදු වන බව සංගමය පැහැදිලිව අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..