ආණ්ඩුව පැනවූ හදිසි නීතියට මානව හිමිකම් කොමිසමේ විරෝධය!
පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසිවල අන්තර්ගත ඇතැම් නීතිමය කොටස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්හි අපේක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිල ස්ථාවරය දක්වා ලිපියක් මේ සතියේදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව ද කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ගැටලුකාරී වගන්ති කිහිපයක් පවතින බව පවසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව , හදිසි බලතල භාවිතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළම සිදුවිය යුතු බවටද අවධාරණය කරයි.
ජනාධිපතිවරයා සහ රජය විවේචනය කරන්නන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි යොදන බවට රජයට සම්බන්ධ ඇතැම් අමාත්‍යවරුන් විසින් කරන ලද ඇතැම් ප්‍රසිද්ධ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොමිසම සිය කනස්සල්ල ප්‍රකාශ කරන බවද පවසා සිටියි.
තවද ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් වන අසත්‍ය තොරතුරු පතුරුවන්නන් හැර, රජය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය දඬුවම් පැනවීම තුළින් පාලනයක් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තරයේ අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..