"වැට් බද්දෙන් ජනතාව නොමරා මැරීම" වෙනුවට රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුව ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග 03ක් මන්ත්‍රී ජයන්ත සමරවීර පැහැදිලි කරයි
කන - බොන', 'අඳින - පළඳින' සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට වුවමනාවක් ඇත්නම් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ඇති බවත් උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.
අද(07) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ගතයුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ, තම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ මහතා මෙවර අයවැය විවාදයේදී පෙන්වා දුන් පරිදි විදේශ බැංකුවල '"පාක් කොට ඇති" ඩොලර් බිලියන 54කට අධික මෙරටට හිමි අපනයන ආදායම කඩිනමින් රට තුළට ගෙන්වා ගැනීම බව යැයි ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ සඳහා ආණ්ඩුව විසින් 1953 අංක 12 දරන විනිමය පාලන පනතෙහි සඳහන්ව තිබූ පරිදි "යම් අපනයනකරුවකු මාස හයක් ඇතුළත මෙරටට හිමි අපනයන ආදායම රට තුළට රැගෙන නොඒම" අපරාධ වරදක් ලෙස සැලකීමේ ප්‍රතිපාදනය වත්මන් පනතට(2017 අංක 24 දරන විදේශ විනිමය පනත) ඇතුළත් කරමින් එම පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු, එහෙත් මහා පරිමාණ බදු වංචාකරුවන් මෙතෙක් නොගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 904ක් බවත් එම දැවැන්ත මුදල තුළ "පාරිභෝගිකයන්ගෙන් අය කරගෙන ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් නොගෙවා ඇති රුපියල් බිලියන 200ක වැට් බදු මුදල" ද වන බවත් ආණ්ඩුවේ ගජ මිතුරන් හා හුරතලුන් මෙසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා "පොල්ල තබා ඇති" දැවැන්ත මුදල කඩිනමින් අයකර ගැනීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ දෙවන ක්‍රියාමාර්ගය බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවා ඇති ණය ප්‍රමාණය, කෝප් කමිටුවේදී පවා එම බැංකු ප්‍රධානීන් නිවැරදිව ඉදිරිපත් කිරීමට අසමත් වුවත් ඒ මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 600-800ත් අතර මුදලක් යැයි අනාවරණය වී ඇති බවත් එම දැවැන්ත ණය ප්‍රමාණය කඩිනමින් අයකර ගැනීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මේ මොහොතේ ආණ්ඩුව ගතයුතු තෙවන කඩිනම් ක්‍රියාමාර්ගය බවත් සමරවීර මහතා සඳහන් කළේය. එහෙත් මෙම බැංකුවලින් නිවාස ණය ලබාගත් පිරිසට සහ ලක්ෂ දෙක, පහ, දහය වැනි කුඩා ණය මුදල් ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ගෙවාගත නොහැකි වූ විට කිසිදු ප්‍රමාදයකින් තොරව දේපළ සින්න කරගැනීම නම් අපූරුවට සිදු වන බවට ද ඒ මහතා චෝදනා කළේය.
එනිසා ජනතාව විඳින දුක පිළිබඳව යන්තම් හෝ සහකම්පනයක් ඇත්නම් ඉහත ක්‍රියාමාර්ග තුන කෙරෙහි කඩිනම් අවධානය යොමුකර එමඟින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකොට තම "ගජ මිතුරන් - සුරතලුන්" රකිමින්, "වැට් බදු සංශෝධනයට" සූදානම් වුවහොත් එය පරාජය කිරීමට "යකාගේ අම්මා" සමග හෝ එක්ව සටන් වදින බවත් සමරවීර මහතා දැඩිව අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්