ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ මුළුවක් ඊයේ(2) ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. දේශපාලන පක්ෂ නියෝජිතයන් විවිධ සංවිධාන වල නියෝජිතයන් මෙම වැඩමුළුවට සහභාගි විය.
මෙම අවස්ථාවට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කං ෂුවායි මහතා, බීජිං නාගරික කමිටුවේ (බීජිං පරිපාලන ආයතනය)කොමියුනිස්ට් පක්ෂ පාසලේ සහකාර මහාචාර්ය ජියැං වෙන් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ෂැං ගුයිෆෙන්ග් මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර හුවමාරු සඳහා වූ මධ්‍යස්ථානයේ පරිවර්තක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂැඕ ටියැන්මින් මහත්මිය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර හුවමාරු සඳහා වූ මධ්‍යස්ථානයේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරි ලියු යිෂුවායි මහත්මිය සහභාගි විය. චීන ලක්ෂන සහිත සමාජවාදී ක්‍රමය තුළ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය නව පස් අවුරුදු සැලැස්මක් (2026-2030) සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කරන සැකැස්ම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් සංවේදී පිරිස් දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ විය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින්, එක්සත් ජාතික පක්ෂ්ය, පොදු ජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ ආදී පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වූහ. එලෙසම විවිධ සංවිධාන නියෝජනය කරමින් එම සංවිධානවල නියෝජිතයෝද සහභාගි වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..