ආපදා තත්ත්වයෙන් උතුරේ 130,000ක් පීඩාවට..
ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා සුලං හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 40,803 කට අයත් පුද්ගලයින් 131,490 විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්ව දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වය වැඩිවශයෙන් බලපා ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 24,313 කට අයත් පුද්ගලයින් 79,946 දෙනෙකු විපතට පත්ව ඇතැයි වාර්ථා වෙයි.
ඊට අමතරව මුලතිව්හි පවුල් 670 කට අයත් පුද්ගලයින් 982 ක්, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 2950 කට අයත් පුද්ගලයින් 9025 දෙනෙකුද , යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 10,005 කට අයත් පුද්ගලයින් 31,871 දෙනෙකු සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 2865 කට අයත් පුද්ගලයින් 9666 දෙනෙකු විපතට පත්ව ඇතැයි දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් පෙන්වා දෙයි.
පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගංවතුර මෙන්ම වැව් වාන් දැමීම හේතුවෙන් ජලගැලීම් ඇතිවය හැකි බැවින් පහත්බිම් වල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටද ආපදාකලමනාකරන ඒකක නිලධාරීණ් විසින් ජනතාවට දැනුම් දී සිටිති.
විපතට පත් වූ ජනතාවට මෙන්ම ආරක්ෂිත ස්ථානවල සිටින ජනතාව වෙතට මේ වන විටත් ආපදාකලමණාකරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ විසින් ආහාර ඇතුලු අවශ්‍ය පහසුකම් හැකි අයුරින් ලබ දීම සිදුකරයි.
- වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..