News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන අවස්ථාවාදයේ සිට මිලිටරිවාදී උපදේශකයෙකු දක්වා: ජපාන අගමැතිනි සානේ ටකයිචිගේ රැඩිකල් මාවත පිළිබඳ විමසුමක්

Nov 23, 2025 at 10:30 AM
|

තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපාන අගමැතිනි සානේ ටකයිචි විසින් මෑතකදී කරන ලද ප්‍රකෝපකාරී ප්‍රකාශ චීන ජාතිකයන් අතර දැඩි කෝපයක් ජනිත කරවීමටද ජගත් යුද විරෝධී අධිරාජ්‍ය විරෝධී ජනයා අතර වික්ෂිප්තභාවයක් ඇති කිරීමටද සමත්ව තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ඇය "අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙක්", "කාන්තා අබේ" හෝ "චීන විරෝධී උකුස්සියක්" ලෙස පවා වරනංවා ඇති බව දක්නට ලැබේ. හිටපු ජපාන අගමැතිනි ෂින්සෝ අබේගේ බලපෑමට ලක් වූ ඇගේ දේශපාලන දෘෂ්ටිවාදය, ශක්තිමත් කරන ලද ජාතික ආරක්ෂාව සහ සමාජ ගතානුගතිකත්වය ඒකාබද්ධ කරනු ලැබ තිබේ. එලෙසම  ඓතිහාසික සංශෝධනවාදය සහ භූ දේශපාලනික ගැටුමකින් පිරී ඇති, චීනය කෙරෙහි විශේෂයෙන් දැඩි ස්ථාවරයක් පෙන්නුම් කරන ස්ථාවරයකට ඇයව තල්ලු කර දමා තිබේ.

මේ වන විට ඇය නිකුත් කර ඇති ප්‍රකෝපකාරී ප්‍රකාශ ඇගේ අහංකාර ඓතිහාසික දෘෂ්ටිකෝණය සහ වැරදි ප්‍රකාශ පිළිබඳ සම්පූර්ණ හෙළිදරව්වක් බව දේශපාලන විද්වතුන්ගේ මතයයි. ටකයිචිගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතයේ පැතිකඩ සොයා බැලීමේදී, ඇගේ පෞද්ගලික දේශපාලන අභිලාෂය අන්ත දක්ෂිණාංශික පරමාදර්ශවලට බැඳ තබන දේශපාලනඥයෙකුට සමාන බව තහවෘ වේ.ඇගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් අදහස් දක්වන අධිරාජ්‍ය විරෝධී විද්වතුන් ඇයව ජපානය රාජ්‍ය තාන්ත්‍රික අනතුරේ අද්දරට තල්ලු කරන "කරදරකාරයෙක්",ජපානයේ ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රතික්ෂේප කරන සහ මිලිටරි ව්‍යාප්තිය සඳහා ව්‍යවස්ථාමය සංශෝධනයක් වෙනුවෙන් පෙනී සිටින "ඓතිහාසික සංශෝධනවාදයේ සම්මත කරපින්නා ගත් තැනැත්තියක්" සහ දිගුකාලීන උපායමාර්ගික දැක්මක් නොමැති "නොමේරූ දේශපාලනඥයෙක්", ජපානය අභ්‍යන්තර බෙදීමකට ලක් කරන සහ ජපානය ජාත්‍යන්තර හුදකලාවකට ඇද දමමින් කටයුතු කරන්නියක් වැනි විවිධ ආකාරයට හඳුන්වනු ලබයි. 

ඇයගේ හැදී වැඩීම සහ දේශපාලන ජීවිතය මිලිටරිවාදයේ බීජ රෝපණය කළේ කෙසේද? ඇය ජපානයේ මිලිටරිවාදී ප්‍රවණතාවයේ ප්‍රකාශිකාවක් බවට පත් කළේ කෙසේද? ඇය එවැනි රැඩිකල් සටන්කාමී ස්ථාවරයන් සහ ප්‍රතිපත්ති වර්ධනය කළේ කෙසේද? යන්න ජපානයේ හෙට දවස සහ තායිවානය සම්බන්ධ ගැටළුව ලෝක අර්බූදයක් බවට පත් වීමේ ප්‍රවනතාවයන් අධ්‍යනය කිරීමේදී අත්‍යවශ්‍ය වන හැදෑරීමකි.

හැදී වැඩීමේ මාර්ග: අතිශය ගතානුගතික අදහස්වල මුල් අභිජනනය

64 හැවිරිදි සනේ ටකයිචි මධ්‍යම ජපානයේ නාරා ප්‍රාන්තයේදී ජන්මය ලද තැනැත්තියකි. ජපානයේ බොහෝ ඉහළ පෙළේ ජපන් දේශපාලනඥයන් මෙන් නොව, ඇය කැපී පෙනෙන දේශපාලන පෙළපතක් සම්බන්ධයෙන් පුරසාරම් දොඩන්නේ නැත.දැනට තිබෙන තොරතුරු වලට අනුව, ඇගේ මව ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර ඇගේ පියා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයෙකු සඳහා සේවය කර ඇති බව කියවේ.

එසේ වුවද, අසීමිත අභිලාෂය සහ නොසැලකිලිමත් විරෝධය ඇගේ මුල් අවදියේ සලකුණු විය. දක්ෂ බෙර වාදකයෙකු සහ පියානෝ වාදකයෙකු වූ ඇය බෙර වාදනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පත් තැනැත්තියකි. ඇය යතුරුපැදි, මෝටර් රථ සහ ස්කූබා කිමිදීම ද ඇගේ විනෝදාංශ අතර විය. ඇය, ජවසම්පන්න, කුතුහලයෙන් පිරිපුන් සහ සම්මතයන් බිඳ දැමීමට හෝ වෙනස් ලෙස දේවල් කිරීමට බිය නොවන බව පෙන්නුම් කළ තැනැත්තියක් බවද කියවේ.

ෂැංහයි ජියාඕ ටොං විශ්ව විද්‍යාලයේ ජපන් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන යින් යූ, අදහස වන්නේ තකයිචි බිම් මට්ටමේ කළ අරගල ඉතා කැපී පෙනෙන බවයි. යින් යූට අනුව සාපේක්ෂව සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණෙන ඇය, දේශපාලන රාජවංශවලින් පැමිණි බොහෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (LDP) දේශපාලනඥයින්ට වඩා හාත්පසින්ම වෙනස් ය. මෙම වඩාත් කැරලිකාර ස්වභාවය ඇගේ සුවිශේෂී ආක්‍රමණශීලී සහ දැඩි පෞරුෂය හැඩගස්වා ඇත.

1984 දී, ඇය කෝබේ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ගත් අතර පසුව මැට්සුෂිටා රජයේ සහ කළමනාකරණ ආයතනයට (MIGM) ඇතුළත් වූවාය.

1979 දී පැනසොනික් නිර්මාතෘ කොනොසුකේ මට්සුෂිටා විසින් ආරම්භ කරන ලද MIGM, ජාතික අවශ්‍යතා, ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ජාතික අභිමානය කෙරෙහි අවධානය යොමු කරන දේශපාලන නායකයින් සංවර්ධනය කිරීමට කටයුතු කරයි. මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ආයතනය ජපානයේ වඩාත්ම කැපී පෙනෙන ගතානුගතික දේශපාලනඥයින් කිහිප දෙනෙකු බිහි කර ඇත.

Mඓඝ්ඹ් හි නිර්මාතෘවරයෙකු වන සෙනෙට් සභික කට්සුහිකෝ එගුචි පැවසුවේ ආයතනයෙන් උපාධිය ලබා ගන්නා පුද්ගලයින්ට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  හා සමාන මතයන් ඇති බවයි. මෙයට හේතු ලෙස නිර්මාතෘ, මට්සුෂිටාට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සමාන දේශපාලන අදහස් තිබූ බව ඔහු පැහැදිලි කළ බව 2011 දී BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

2021 දී "තායිවාන් අර්බුදය: ජපානය කුමක් කරයිද? චීනය 2027 වන විට තායිවානය ආක්‍රමණය කරයිද?" යන ග්‍රන්ථය සම්පාදනය කිරීමට එගුචි ද නායකත්වය දුන් බව සඳහන් කළ යුතුය. ඔහු "තායිවාන් අර්බුදයක් යනු එක්සත් ජනපද-ජපාන අර්බුදයක්" බව තහවුරු කිරීමට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

MIGM තුළ, සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය සහ "ස්වයං විශ්වාසයේ ආත්මය" කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලද අතර, පශ්චාත් යුධ ජපන් ජාතිකයින්ගේ අභිමානය සොරා ගත් බව ඔවුන් විශ්වාස කරන "ඉතිහාසයේ පශ්චාත් යුධ මැසොකිස්ටික් දැක්ම" තියුණු ලෙස විවේචනය කරන ලදී. ආයතනයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති සමහර අදහස් ප්‍රකාශ කරන්නේ ජපානය "පරාජිත ජාතියේ" බර ඉවත දමා ජාතික විශ්වාසය නැවත ගොඩනඟා ගත යුතු බවයි.

දේශපාලන විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම අදහස් ඇගේ පසුකාලීන ක්‍රියාවන් සඳහා බීජ රෝපණය කළ බවයි. උදාහරණයක් ලෙස කුප්‍රකට යසුකුනි සිද්ධස්ථානය නැරඹීම සහ නැන්ජින් සංහාරය ප්‍රතික්ෂේප කරන හෝ අවතක්සේරු කරන ස්ථාවරයන් ගැනීම දැක්විය හැකිය. ඇගේ මෙම ප්‍රවේශයට චීනයෙන් සහ දකුණු කොරියාවෙන් විරෝධතා එල්ල වීමට ද හේතු විය.

MIGM හි අධ්‍යනයේ යෙදෙන කාලයේදි , ඇය පසු කාලීනව ජපන් දේශපාලනයේ කැපී පෙනෙන චරිත බවට පත් වූ පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගත්තාය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිත්වය සඳහා ඇය තුන්වන වරට සූදානම් වීමේ දී, ඇය පැරණි කන්ඩායම් සීමාවන් ඉක්මවා ගිය ප්‍රධාන වශයෙන් මැද-වෘත්තීය සහ  ජපානයේ ජාතික පාර්ලිමේන්තුවේ නියෝජනය කරන තරුණ දේශපාලනඥයින් හෙවත් ඩයට් සාමාජිකයින්ගෙන් සමන්විත හරස්-කන්ඩායමක් පිහිටුවා ගත්තාය. එහි සාමාජිකයින් අතර ඇගේ සෙසු MIGM ආදි ශිෂ්‍ය හිරෝෂි යමඩා සහ හිටෝෂි කිකාවාඩා ද සිටි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

1989 මාර්තු මාසයේදී ඇය TV Asahi හි සත්කාරකවරියක් වූ බවත්, 1990 නොවැම්බර් මාසයේදී  Fuji TV විසින් ටකයිචි සත්කාරකවරියක් ලෙස බඳවා ගත් බවත් මහජන තොරතුරු පෙන්වා දෙයි. මෙම අත්දැකීම දේශපාලනයේ ටකයිචි ගේ මාවත සකස් කිරීමට උපකාරී වූ බව විද්වතුන්ගේ මතයයි. එක් අතකින්, ඇගේ ඉහළ මහජන පැතිකඩ ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසු කළ අතර, අනෙක් අතට, ඇගේ කථිකත්වය මහජන මතය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමට සහ හැඩගැස්වීමට ඇයට උපකාරී විය.

1993 දී, ඇය විධිමත් ලෙස දේශපාලනයට පිවිස නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූවාය. ටකයිචිගේ ස්වයං චරිතාපදාන සහ ඇගේ මුල් ජීවිතය පිළිබඳ වැඩියෙන්ම අලෙවි වන කතා එකතුවෙහි, "ජපන් දූපත් සමූහය ශක්තිමත් සහ සමෘද්ධිමත් කරන්න" සහ "පරෙවියන්ගේ බොරු" වැනි ඇගේ දැඩි හා යුදවාදී ස්ථාවරය අවධාරණය කරන අයුරු දක්නට හැකිය.

ඇය දේශපාලනයට පිවිස පසුව ඇය විසින් වන්දනාමානයට පාත්‍ර කරන ලද ෂින්සෝ අබේ දැකීමෙන් පසු මෙම අතිශය ගතානුගතික අදහස් තවදුරටත් ශක්තිමත් විය.

දේශපාලනයට පිවිසීම: මිලිටරිවාදී, චීන විරෝධී මාවතක්

1993 දී ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් දිනා ගැනීමෙන් පසු, ටකයිචි දශක තුනකට වැඩි කාලයක් දේශපාලනයේ ගත කර ඇත. මුලින් සාපේක්ෂව අපැහැදිලිව සිට, ක්‍රමයෙන් ජපානයේ දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් දක්ෂිණාංශික දේශපාලනඥයන්ගේ නියෝජිත චරිතයක් බවට පත්වීම දක්වා, ටකයිචිගේ දේශපාලන ගමන අවස්ථාවාදය, දකුණට සහ මිලිටරිවාදී ස්ථාවරයන් දෙසට ස්ථාවරයකට සහ වඩ වඩාත් චීන විරෝධී ස්ථාවරයකින් සලකුණු වූ මාවතක් බව ඈ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයේදී පෙනී යයි.

ටකයිචිගේ අවස්ථාවාදයේ සලකුණු කලින්ම පෙනෙන්නට තිබුණි. ජපාන අගමැති කාර්යාල වෙබ් අඩවියට අනුව, ඇය මුලින්ම තේරී පත් වූයේ 1993 මහ මැතිවරණයේදීය. ඊළඟ වසරේදී ඇය "ලිබරල්" පක්ෂයට සම්බන්ධ වූ බවත්, පසුව එය නව දේශසීමා පක්ෂයට ඒකාබද්ධ වූ බවත්ය සමහර පුවත් විශ්ලේෂන පවසයි. 1996 දී, තකයිචි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස නැවත තේරී පත් විය. නව දේශසීමා පක්ෂය රටපුරා පරාජයන්ට ලක්වීමෙන් පසු, තකයිචි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙත පලා ගිය අතර, එය ඇගේ හිටපු නව දේශසීමා පක්ෂ සගයන්ගෙන් විවේචනයට ලක් වූ කරුණක් විය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ හි තරුණ සාමාජිකාවක් ලෙස ඇය මුලින්ම දේශපාලනයට පිවිසි විට, තකයිචිගේ මිලිටරිවාදී අදහස් මුල් අවධියේදීම පැහැදිලි විය. ඔක්තෝබර් 17 වන දින ටයිම්ස් ඔෆ් ජපන් වාර්තාවකට අනුව, එවකට කනිෂ්ඨ නීති සම්පාදකයෙකු ලෙස, ඇය හිට්ලර්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රම පිළිබඳ ග්‍රන්ථයක් අනුමත කළ අතර, වරක් "යුදෙවන් සමූලඝාතනයට ලක් කළේය යන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නෙකු සමඟ හමුවීමක් ඡායාරූප ගත කරන ලදී". මෙම සාක්ෂි වලින්, ඇගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිටම මිලිටරිවාදී අදහස් තකයිචිගේ මනසෙහි ගැඹුරින් මුල් බැස ඇති බව දැකිය හැකිය.

ජපානයේ ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම සහ අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් ටකයිචි ඇගේ දේශපාලන ජීවිතයේ මුල් අවධියේදී මහජන කෝපයට හේතු විය. 1990 ගණන්වල වීඩියෝවක් මෑතකදී නිකුත් කළ ජපන් මාධ්‍ය, එවකට අගමැති ධුරය දැරූ ටොමියිචි මුරයාමාගෙන්, එවකට ආක්‍රමණශීලී යුද්ධය වැරදි බව ජපානය වෙනුවෙන් පිළිගත්තේ මන්දැයි ප්‍රශ්න කළේය. "අවසරයකින් තොරව අපගේ නියෝජිතයා ලෙස ඔබ කළ සමාව අයැදීමට මම කැමති නැහැ," එවකට නීති සම්පාදකයෙකු වූ ටකයිචි මුරයාමාට තියුණු ලෙස විවේචන එල්ල කළේය.

එබැවින් ටකයිචි අන්ත ජාතිකවාදී කණ්ඩායමක් වන නිපොන් කයිගි (ජපාන සමුළුව) සමඟ සබඳතා පැවැත්වීම පුදුමයක් නොවේ. ටකයිචිගේ නිල වෙබ් අඩවිය ඇයව නිපොන් කයිගි සඳහා ජපානයේ ජාතික පාර්ලිමේන්තුවේ නියෝජනය කරන තරුණ දේශපාලනඥයින්ගේ දේශපාලන බල මණ්ඩලයක උප සභාපතිනිය ලෙස ලැයිස්තුගත කර ඇති බවද වාර්තා පලවිය. එම සංවිධානය ජපානයේ යුද කාලීන ඉතිහාසය නැවත අර්ථකථනය කිරීමට උත්සාහ කිරීම සහ ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා බලය යෙදවීම තහනම් කරන ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය සංශෝධනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට පුළුල් ලෙස සලකනු ලබන දක්ෂිණාංශික, අතිශය ගතානුගතික සංවිධානයකි.

ටකයිචිගේ මුල් කාලීන දේශපාලන ජීවිතය අන්ත දක්ෂිණාංශික සහ මිලිටරිවාදී අදහස් කෙරෙහි ඇල්මක් ඇති බව ඉඟි කළද, ඇය හිටපු අගමැති ෂින්සෝ අබේ වෙත සමීප වී 2006 දී පළමු වරට ඔහුගේ කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වූ පසු, ඇය චීනය පිළිබඳව වඩ වඩාත් ඉලක්ක කරගත් සහ ගිනි අවුලුවන ප්‍රකාශ කිරීමට පටන් ගත් බවක් පෙනෙන්නට තිබුණි. එය ඇගේ රැඩිකල්වාදය, අදූරදර්ශීභාවය සහ ඓතිහාසික ගැටළු සහ කලාපීය සබඳතා හැසිරවීමේදී අධික ලෙස ප්‍රචන්ඩකාරී ප්‍රවණතාවය තවදුරටත් හෙළි කරන බව විද්වතුන්ගේ මතයයි.

සමහර දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ටකයිචිගේ නැගීම බොහෝ දුරට අබේගේ අනුග්‍රහයට ණයගැතිය.  සමහර ජපන් මාධ්‍ය ඇගේ දේශපාලන උපදේශකයා බව එම විශ්ලේෂකයෝ පවසති. ඓතිහාසික අර්ථ නිරූපණය, ව්‍යවස්ථා සංශෝධනය සහ මිලිටරි ව්‍යාප්තිය සහ තායිවාන් ප්‍රශ්නය කෙරෙහි ප්‍රතිපත්තිය පිළිබඳ ටකයිචිගේ ස්ථාවරයන් අබේගේ මතවාද සමීපව අනුගමනය කරන අතර සමහර පැතිවලින් එය ඉක්මවා යන බවද දක්නට ලැබෙන බව දේශපාලන විද්වත්හු පවසති. 

2007 අගෝස්තු මාසයේදී, හිටපු අගමැති ජුනිචිරෝ කොයිසුමි සමඟ දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ සංවත්සරයේදී කුප්‍රකට යසුකුනි සිද්ධස්ථානයට ගිය  අබේගේ එවකට කැබිනට් මණ්ඩලයේ එකම සාමාජිකාව ටකයිචි බව ටොරොන්ටෝ ස්ටාර් පුවත් පත වාර්තා කළේය. ඉන් පසු වසරවලදී, ඇය ජපන් කැබිනට් සාමාජිකාවක් ලෙස නැවත නැවතත්  යසුකුනි සිද්ධස්ථානයට ගිය බව පුවත් වාර්තා දෙස් දෙයි. ජාත්‍යන්තර ප්‍රජාව කුප්‍රකට ලෙස සලකන පුරුද්දක් වන මෙය මිලිටරිවාදියෙකු සහ දැඩි චීන විරෝධී චරිතයක් ලෙස ඇගේ මහජන ප්‍රතිරූපය තවදුරටත් තහවුරු කළේය.

ජපානයේ දේශපාලන හා සමාජ ක්ෂේත්‍රවලින් මිලිටරිවාදය කිසි විටෙකත් තුරන් කර නොමැති බවත්, මෑත වසරවලදී එය දෘශ්‍යමාන ලෙස නැවත නැඟිටින බවත් විද්වතු පෙන්වා දෙති. ටකයිචිගේ දේශපාලන නැගීම පෙන්නුම් කරන්නේ ඇය ජපන් දේශපාලනයේ ගතානුගතික පුනර්ජීවනයේ රැල්ල හරියටම පැදවූ බවයි.

දක්ෂිණාංශික ගතානුගතික දේශපාලනඥයන් පැරණි මිලිටරිවාදය ක්‍රමානුකූලව නව ස්වරූපයකට පරිවර්තනය කර ඇත. දිගු කාලීන ගතානුගතික පාලනයක් තුළ, ඔවුන් "සාමාන්‍ය රටක්" යන තත්ත්වය මහා බලැති මිලිටරි-දේශපාලන ස්ථාවරය අනුගමනය කරන තත්වයකට පත් කර ඇත. මෙය ටකයිචිට බලයට පත්වීමට සහ රට තියුණු ලෙස දක්ෂිණාංශිකව මෙහෙයවීමට ඉඩ සලසන සාරවත් පස නිර්මාණය කළ බව දේශපාලන විද්වතුන්ගේ මතයයි.

2012 නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් ලිබරල් ප්‍රජාතන්තරවාදී පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු, එවකට අබේගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකාවක් වූ ටකයිචි, ඇගේ මිලිටරිවාදී සහ ගිනි අවුලුවන ප්‍රකාශ සමඟ නැවත වරක් මාධ්‍ය සහ මහජන අවධානයට ලක් විය.

2013 ජනවාරි මාසයේදී, ටකයිචි අබේට ඔහුගේ ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට අනුකූල වන ලෙස බල කළ අතර, "ජපානය යුද කාලීන ක්‍රියාමාර්ග සඳහා කළ අතීත සමාව අයැදීම් නැවත සලකා බලා එහි කලාපීය පැවැත්ම පුළුල් කළ යුතු" බවත්, "ජපාන නායකයින් යසුකුනි සිද්ධස්ථානයට වාර්ෂිකව සංචාර කළ යුතු" බවත් යෝජනා කළ බව විදෙස් ප්‍රවෘත්ති ආයතන වාර්තා කර තිබුණි. එම වාර්තාවලට අනුව, චීනයේ වර්ධනය වන හමුදා ශක්තිය "තර්ජනයක්" බව ටකයිචි ද කියා සිටියේය.

2014 දී, ජපානයේ අලුතින් පත් කරන ලද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය ලෙස, මධ්‍ය-දක්ෂිණාංශික නීති සම්පාදකයෙකු සමඟ ටකයිචි නව-නාසි නායකයෙකු සමඟ පෙනී සිටින ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමෙන් පසු ඇගේ ක්‍රියාවන් මතභේදයට ලක් විය. ස්වයං-විලාසිත නව-නාසිවරයෙකු වන කසුනාරි යමඩා එවකට ආන්තික ජාතික සමාජවාදී ජපන් කම්කරු පක්ෂයේ (NSJAP) නායිකාව වූ අතර, එහි ලාංඡනය ස්වස්තිකයක් සහ සෙල්ටික් කුරුසයක මිශ්‍රණයකින් සමන්විත බව යුද විශ්ලේශකයෝ පවසති.

2021 දී, ටකයිචි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ හි ජනාධිපති ධුරය සඳහා තරඟ කළ අතර, "වඩ වඩාත් ආක්‍රමණශීලී චීනයට එරෙහිව ආර්ථික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ" ආශාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව නිකේයි ඒෂියා පුවත් පත 2021 සැප්තැම්බර් මාසයේදී වාර්තා කළේය. ඇයගේ උත්සාහය අසාර්ථක වුවද, ජපානයේ දක්ෂිණාංශික කන්ඩායම් සමඟ අනුග්‍රහය ලබා ගැනීම අරමුණු කරගත් උපාය මාර්ගයක් වන දැඩි මතධාරී "චීන උකුස්සෙකු" ලෙස ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම සඳහා චීනයට අදාළ ගැටළු ඇය වැඩි වැඩියෙන් උපයෝගී කර ගන්නා ආකාරය මහජනතාව නිරීක්ෂණය කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වසරේ, සැප්තැම්බර් මාසයේදී චීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි සභාපති ධුරය සඳහා ඇයගේ අපේක්ෂකත්වය නැවත ප්‍රකාශයට පත් කිරීමට පෙර, ටකයිචි නැවතත් චීනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකෝප කිරීම් සිදු කළේ ප්‍රසිද්ධිය ජනනය කිරීමට සහ ඊනියා දේශපාලන ප්‍රාග්ධනය රැස් කිරීමටයි. අප්‍රේල් මාසයේදී ඇය තායිවාන් දූපතට ඉහළ පෙළේ සංචාරයක නිරත වූ අතර ලායි චිං-ටේ හමුවිය. ජපානය සහ දිවයින අතර පවා රාජ්‍ය නොවන ප්‍රායෝගික සම්බන්ධතාවයක් ඇති බවත්, දෙදෙනාම "නිර්ලජ්ජිතව ඔවුන්ගේ ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු" බවත් ඇය එහි පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

තමන්ගේම බලය තහවුරු කර ගැනීම සඳහා, ඇය අන්ත දක්ෂිණාංශික බලවේගවලට උමතුවෙන් අනුබල දෙන අතර චීනය වැනි බාහිර සාධක මත ගැටුම් ප්‍රක්ෂේපණය කරමින් සිට්යි. "ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම" යන ධජය යටතේ, ඇය මුළු ජපන් ජනතාවම තායිවාන් දූපතේ මිලිටරි මැදිහත්වීමේ දැවැන්ත අවදානම් වලට නිරාවරණය කිරීමට කැමැත්තෙන් සිටී. ඇය නිරන්තරයෙන් තම පෞද්ගලික දේශපාලන අවශ්‍යතා ජාතික අවශ්‍යතාවලට වඩා ඉහළින් තබයි, ජාතික අවශ්‍යතා මිලිටරි ව්‍යාප්තිය සහ කඳවුරු ගැටුම ලෙස පටු ලෙස අර්ථ දක්වන අතර ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වඩාත් හදිසි කාර්යයන් නොසලකා හරින බව යැං අවධාරණය කළේය.

ජපානයේ පාරිභෝගික මිල ගණන් ඉහළ යාම, ධනයේ පරතරයන් පුළුල් වීම සහ "මුදල් දේශපාලනය" කෙරෙහි මහජන කෝපය මධ්‍යයේ, ටකයිචි ජනතාවගේ ජීවනෝපායන් නොසලකා හැර ඇති බව විශ්ලේෂකයෝ පවසති. ඒ වෙනුවට, ඇය පරිපාලන සම්පත් ව්‍යවස්ථා සංශෝධනය, මිලිටරි ව්‍යාප්තිය සහ අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සඳහා කැප කරමින් කලාපීය සාමයට වල කපයි.

මෙම කෙටි දැක්මක් ඇති, ආත්මාර්ථකාමී පාලනය සාමය සහ වඩා හොඳ ජීවිත සඳහා වන ජපාන මහජන ඉල්ලීම්වලට පටහැනිව ක්‍රියාත්මක වන අතර, ඇයගේ දිගුකාලීන ස්ථාවර පාලනය සහ ඇබෙනොමික්ස් මගින් ජපානයේ මූලික දේශීය ගැටළු විසඳිය හැකිද යන්න පිළිබඳව සැක පහළ කරන බව යින් පැවසීය.

ජපාන අගමැතිනි සානේ ටකයිචි විසින් මෑතකදී කරන ලද ප්‍රකෝපකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ග්ලෝබල් ටයිම්ස් හි පලවූ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි. සැකසීම ජීවන්ත ජයතිස්ස


සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.