News Category
From Date
To Date
Maximum Number of Result

චීනයේ නව සංවර්ධනය: ලෝකය සඳහා නව අවස්ථාව -20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය පිළිබඳව දැනුවත් කිරීම

Nov 22, 2025 at 04:27 PM
|

ඔක්තෝබර් 23 වන දින බීජිංහිදී සාර්ථකව අවසන්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ(21) කොළඹ පිහිටි ෂැංග්‍රි-ලා හෝටල පරිශ්‍රයේදී පැවැත්වුනි. එහිදී අදහස් දක්වමින්  ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ​​ෂෙන්හොං මහතා පවසා සිටියේ 1953 දී චීනය පළමු පස් අවුරුදු සැලැස්ම දියත් කළ දා සිට, චීනය නවීන සමාජවාදී රටක් ගොඩනැගීම සඳහා නොසැලෙන කැපවීමකින් දිගුකාලීන දැක්මක් අනුගමනය කළ බවයි. එලෙසම මෙම ජාතික සැලැස්මේ අනුප්‍රාප්තික ක්‍රියාත්මක කිරීම හරහා, චීනය දුප්පත් හා ඌන සංවර්ධිත තත්වයේ සිට සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කිරීම දක්වා දැවැන්ත පිම්මක් අත්කර ගෙන තිබෙන බවද පෙන්වාදුන්නේය. ජනාධිපති ෂී ජින් පිං සඳහන් කළ පරිදි, පස් අවුරුදු සැලසුම් විද්‍යාත්මකව සකස් කිරීම සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයේ ප්‍රධාන අත්දැකීමක් සහ චීන ලක්ෂණ සහිත සමාජවාදයේ සැලකිය යුතු දේශපාලන ශක්තියක් නියෝජනය කරන බවද ඒ මහතා පැවසුවේය.

පස් අවුරුදු සැලසුම් ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ පස් අවුරුදු සැලසුම් ක්‍රමය මුලින්ම අත් හදා බැලුවේ චීනයේ නොවූවත්,චීනය තරම් පස් අවුරුදු සැලසුම් දිගුකාලීනව අඛන්ඩව ක්‍රියාත්මක කර මෙම ආකෘතිය හරහා සාර්ථකත්වයන් අත්කර ගත් තවත් රටක් ලෝකයේ සොයා ගැනීම දුර්ලභ බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික සැලසුම් රැල්ල තුළ, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් කාර්මිකකරණය සඳහා මාධ්‍යයක් ලෙස පස් අවුරුදු සැලසුම් අනුගමනය කළ බව පෙනවා දුන් ඒ මහතා පස් අවුරුදු සැලසුම් ක්‍රමයේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවේ දී, ලෝකයේ සමස්ත  රටවලින් තුනෙන් එකක් පමණ එවැනි සැලසුම් ක්‍රියාත්මක කළ බවයි. එහෙත්, බොහෝ රටවල් විවිධ හේතූන් මත ආකෘතිය අතහැර දැමූ නමුදු චීනය ඊට වෙනස්ව, පස් අවුරුදු සැලසුම් යාන්ත්‍රණය පිරිපහදු කිරීම සහ සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කර ඇති බව අවධාරණය කළේය. එලෙසම පස් අවුරුදු සැලසුම් ක්‍රමය චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ආයතනික වාසිවල ප්‍රධාන අංගයක් බවට පත් කර ගත් බවද පෙන්වා දුන්නේය. සංවර්ධන සැලසුම්කරණයේ ඵලදායී ආකෘතියක් ලෙස මේ වන විට ගෝලීය වශයෙන් පිළිගෙන ඇති චීනයේ පස් අවුරුදු සැලසුම්, චීනයේ අත්දැකීම් වලින් අවබෝධයක් සොයන අනෙකුත් රටවල් සඳහා වැදගත් යොමු කිරීමක් බවට පත්ව ඇති පුළුල් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා තිබෙන බව අවධාරණය කළේය.


" 14 වන පස් අවුරුදු සැලසුම් කාලය දෙස ආපසු හැරී බලන විට, චීනය සිය ආර්ථික හා සමාජ සංවර්ධනයේ පෙරළිකාර ප්‍රගතිය, පරිවර්තනීය වෙනස්කම් සහ ඓතිහාසික සන්ධිස්ථාන අත්කර ගෙන ඇත. ආර්ථිකය නව මට්ටමකට ළඟා වී ඇත: වර්ධනය වන බාහිර අභියෝග තිබියදීත්, චීනය සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.5% ක් පමණ පවත්වා ගෙන ගිය අතර, 2025 දී එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීනය ගෝලීය ආර්ථික වර්ධනයට නිරන්තරයෙන් 30% ක් පමණ දායක වී ඇති අතර, ලෝක ආර්ථිකය සඳහා වඩාත්ම ස්ථාවර සහ විශ්වාසදායක එන්ජිම ලෙස එහි භූමිකාව තහවුරු කර ඇත." යනුවෙන් පැවසුවේය

 ශ්‍රී ලංකාවේ චීන තානාපතිවර්යා ඉදිරිපත් කළ සම්පූර්ණ කතාව පහතින්,

"ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මැති තුමනි,

සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, නෝනාවරුනි සහ මහත්වරුනි,

අයුබෝවන්!වනක්කම්!සුබ සන්ධ්‍යාවක්!

මෙම රැස්වීමට අප හා එක්වීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තූතියි. ඔක්තෝබර් 23 වන දින, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය බීජිංහිදී සාර්ථකව අවසන් වූවා. ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිර්දේශ පූර්ණ සැසිවාරය සමාලෝචනය කර සම්මත කරනු ලැබුවා. එය ඉදිරි වසර පහ තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ශ්‍රේෂ්ඨ සැලැස්මක් මෙන්ම චීනය සහ ලෝකයේ සෙසු රටවල් අතර ජයග්‍රාහී සහයෝගීතාව සඳහා පොරොන්දු වූ දැක්මක් ද ප්‍රස්ථාරගත කරනවා.

1953 දී සිය පළමු පස් අවුරුදු සැලැස්ම දියත් කළ දා සිට, චීනය නවීන සමාජවාදී රටක් ගොඩනැගීම සඳහා නොසැලෙන කැපවීමකින් දිගුකාලීන දැක්මක් අනුගමනය කර තිබෙනවා. මෙම ජාතික සැලැස්මේ අනුප්‍රාප්තික ක්‍රියාත්මක කිරීම හරහා, චීනය දුප්පත් හා ඌන සංවර්ධිත තත්වයේ සිට සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කිරීම දක්වා දැවැන්ත පිම්මක් අත්කර ගෙන තිබෙනවා. ජනාධිපති ෂී ජින් පිං සඳහන් කළ පරිදි, පස් අවුරුදු සැලසුම් විද්‍යාත්මකව සකස් කිරීම සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයේ ප්‍රධාන අත්දැකීමක් සහ චීන ලක්ෂණ සහිත සමාජවාදයේ සැලකිය යුතු දේශපාලන ශක්තියක් නියෝජනය කරනවා.

පස් අවුරුදු සැලසුම් ක්‍රමය චීනයේ ආරම්භ නොවූවත්, එවැනි දිගුකාලීන කැපවීමක් පෙන්නුම් කර මෙම ආකෘතිය හරහා එවැනි ප්‍රධාන සාර්ථකත්වයන් අත්කර ගත් තවත් රටක් ලෝකයේ සොයා ගැනීම දුර්ලභයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික සැලසුම් රැල්ල තුළ, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් කාර්මිකකරණය සඳහා මාධ්‍යයක් ලෙස පස් අවුරුදු සැලසුම් අනුගමනය කරනු ලැබුවා. එහි උච්චතම අවස්ථාවේ දී, සියලුම රටවලින් තුනෙන් එකක් පමණ එවැනි සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. එහෙත්, බොහෝ දෙනෙක් අවසානයේ විවිධ හේතූන් මත ආකෘතිය අතහැර දමනු ලැබුවා. ඊට වෙනස්ව, චීනය සිය පස් අවුරුදු සැලසුම් යාන්ත්‍රණය පිරිපහදු කිරීම සහ සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කර ඇති අතර, එය චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ආයතනික වාසිවල ප්‍රධාන අංගයක් බවට පත් කර තිබෙනවා. සංවර්ධන සැලසුම්කරණයේ ඵලදායී ආකෘතියක් ලෙස දැන් ගෝලීය වශයෙන් පිළිගෙන ඇති චීනයේ පස් අවුරුදු සැලසුම් ආකෘතිය, චීනයේ අත්දැකීම් වලින් අවබෝධයක් සොයන අනෙකුත් රටවල් සඳහා වැදගත් යොමු කිරීමක් බවට පත්ව තිබෙන අතර, පුළුල් ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලබාගෙන තිබෙනවා. 

14 වන පස් අවුරුදු සැලසුම් කාලය දෙස ආපසු හැරී බලන විට, චීනය සිය ආර්ථික හා සමාජ සංවර්ධනයේ පෙරළිකාර ප්‍රගතිය, පරිවර්තනීය වෙනස්කම් සහ ඓතිහාසික සන්ධිස්ථාන අත්කර ගෙන තිබෙනවා. චීන ආර්ථිකය නව මට්ටමකට ළඟා වී තිබෙනවා. වර්ධනය වන බාහිර අභියෝග තිබියදීත්, චීනය සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන වේගය 5.5% ක් පමණ පවත්වා ගෙන ගිය අතර, 2025 දී එහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා. චීනය ගෝලීය ආර්ථික වර්ධනයට නිරන්තරයෙන් 30% ක් පමණ දායක වී ඇති අතර, ලෝක ආර්ථිකය සඳහා වඩාත්ම ස්ථාවර සහ විශ්වාසදායක එන්ජිම ලෙස එහි භූමිකාව තහවුරු කර තිබෙනවා.

විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් උසස් තත්ත්වයේ සංවර්ධනයට බලගන්වා ඇත්තේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා චීනයේ වියදම් ලෝකයේ දෙවන ඉහළම ස්ථානය අත්පත් කරගෙන සිටින , රට ගෝලීය නවෝත්පාදන දර්ශකයේ ඉහළම 10 දෙනා අතරට ඇතුලත් වී තිබෙනවා. නව ගුණාත්මක නිෂ්පාදන බලවේග ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, දැන් රට පුරා ක්‍රියාත්මක වන අධි තාක්‍ෂණික ව්‍යවසායන් 500,000 කට වඩා තිබෙනවා.

හරිත හා අඩු කාබන් ආර්ථිකයකට මාරුවීම ක්‍රමයෙන් හා අධිෂ්ඨානශීලීව ඉදිරියට ගොස් තිබෙන්නේ වනාන්තර ආවරණය 25% කට වඩා වැඩි මට්ටමකට ළඟ වෙමිනි. එය ලෝකයට අලුතින් එකතු කරන ලද වනාන්තර ප්‍රදේශයෙන් හතරෙන් එකකට සමාන වෙනවා. ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති ධාරිතාවේ කොටස 60% ක් පමණ දක්වා වැඩි වී තිබෙනවා. චීනය අඛණ්ඩව වසර 10 ක් පුරා ලොව විශාලතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා සහ විකුණුම්කරු ලෙස වැජඹෙමින් සිටිනවා.

ජනතාවගේ ජීවනෝපායන් අඛණ්ඩව දියුණු වී තිබෙනවා බදු ගෙවීමෙන් පසු සාමාන්‍යයෙන් මිනිසුන්ට කොපමණ මුදලක් ඉතිරි වී තිබේද යන්න හෙවත් ඒක පුද්ගල ඉවත දැමිය හැකි ආදායම 2020 දී යුවාන් 32,000 සිට 2024 දී යුවාන් 41,000 දක්වා වර්ධනය කර ගැනීමට චීනය සමත්ව තිබෙනවා. දරිද්‍රතාවය පිටුදැකීමේ ජයග්‍රහණ ඒකාබද්ධ කර පුළුල් කර ටිබෙන අතර ග්‍රාමීය පුනර්ජීවන උපාය මාර්ගය සම්පූර්ණයෙන්ම දියුණු කර පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේදී ශක්තිමත් ප්‍රගතියක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

15 වන පස් අවුරුදු සැලසුම් කාලය දෙස බලා, පූර්ණ සැසිවාරය ඉදිරි වසර පහ තුළ චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා නව සැලැස්මක් සකස් කර තිබෙනවා. මෙම සැලැස්ම ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන අරමුණු හතක් දක්වා වර්ධනය කර තිබෙනවා. ඒවා නම්,

1) උසස් තත්ත්වයේ සංවර්ධනයේ ප්‍රධාන ජයග්‍රහණ

2) විද්‍යාත්මක හා තාක්ෂණික ස්වයං විශ්වාසය සහ ශක්තිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම

3) පුළුල් ලෙස ගැඹුරු කරන ප්‍රතිසංස්කරණයේ නව ඉදිරි ගමන

4) සමාජය පුරා සංස්කෘතික හා සදාචාරාත්මක ප්‍රමිතීන්හි කැපී පෙනෙන ප්‍රගතිය

5) ජීවන තත්ත්වයෙහි අඛණ්ඩ වැඩිදියුණු කිරීම

6) සුන්දර චීනයක් ගොඩනැගීමේ ප්‍රධාන පියවර

7) ජාතික ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම තවදුරටත් දියුණු කිරීම

මෙම ඉලක්ක මත ගොඩනැංවීමේදී, ඉදිරි වසර පහ තුළ 2035 වන විට චීනයේ ආර්ථික ශක්තිය, විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන්, ජාතික ආරක්ෂක ධාරිතාව, සංයුක්ත ජාතික ශක්තිය සහ ජාත්‍යන්තර බලපෑම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සහතික කිරීමට අපි උත්සාහ ගන්නවා; චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මධ්‍යම මට්ටමේ සංවර්ධිත රටක මට්ටමට ළඟා කර ගැනීමට අපේක්ෂිතය; අපගේ ජනතාව වඩා හොඳ සහ සතුටින් ජීවිත භුක්ති විඳීමට නියමිතය; එලෙසම සමාජවාදී නවීකරණය බොහෝ දුරට සාක්ෂාත් කර ගැනීමට ඉඅලක්ක ගත කර්නු ලැබේ.

ගෝලීය ඉදිරිදර්ශනයක් සමඟින්, චීනය සියලු රටවල් සඳහා නව අවස්ථා ලබා දීම සඳහා එහි නව සංවර්ධනය උපයෝගී කර ගනු ලබනවා. චීනය ඉහළ ප්‍රමිතියෙන් යුත් විවෘත කිරීම් ප්‍රවර්ධනය කරන අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව සඳහා නව ක්ෂිතිජ නිර්මාණය කරන බව පූර්ණ සැසිවාරයේදී අවධාරණය කරනු ලැබුවා. ආයතනික විවෘත කිරීම් පුළුල් කිරීම, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීම සහ නිදහස් ජාත්‍යන්තර ආර්ථික ප්‍රවාහයන්ට පහසුකම් සැලසීම අපි දිගටම කරගෙන යනවා. පුළුල් විවෘතභාවය තුළින්, අපි ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ඉදිරියට ගෙන යමින්, අවස්ථා බෙදා ගනිමින්, සහ ලෝකයේ සෙසු රටවල් සමඟ පොදු ප්‍රගතියක් අත්කර ගැනීමට කටයුතු කරනවා. චීනය ඊටත් වඩා පුළුල් ලෙස විවෘත කිරීමට, වෙළඳාමේ නව්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, ද්විපාර්ශ්වික ආයෝජන සහයෝගීතාව සඳහා වැඩි ඉඩක් නිර්මාණය කිරීමට සහ උසස් තත්ත්වයේ "එක් තීරයක් සහ මාවතක්" සහයෝගීතාව අනුගමනය කිරීමට අපි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මෙම උත්සාහයන් මගින් චීනයේ දැඩි අධිෂ්ඨානය සහ ඉහළ ප්‍රමිතියකින් යුත් විවෘතභාවය අනුගමනය කිරීමේ විශ්වාසය සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරනවා.

චීනයට ලෝකයෙන් හුදකලාව සංවර්ධනය විය නොහැකි අතර, ලෝකයට සමෘද්ධිය සඳහා චීනය ද අනෙක් අතට අවශ්‍ය වෙනවා. චීන නවීකරණය චීනයේ ජාතික තත්වයන් මත පදනම් වන අතර ජාත්‍යන්තර අත්දැකීම් මත පදනම් වෙනවා. එය චීන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අතර ලෝකයේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරයමින් මානව වර්ගයා සඳහා නවීකරණය සඳහා මාවතක් ගවේෂණය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනවා. නවීකරණය මගින් ක්‍රමයෙන් ඉදිරියට යන චීනයක් නිසැකවම ලෝකයේ පොදු සංවර්ධනය සඳහා විශාල අවස්ථාවන් නිර්මාණය කරනු ලබනවා. සාමය හා සංවර්ධනය පිළිබඳ උතුම් අරමුණට කැපවී සිටින චීනයක් මානව ප්‍රගතිය ඉදිරියට ගෙන යාමේදී ඊටත් වඩා විශාල වගකීමක් පෙන්නුම් කරනු ලබනවා.

සම්භාවනීය අමුත්තනි සහ මිතුරනි,

චීනය සමඟ හවුල් වීම යනු අවස්ථාවන් වැළඳ ගැනීමයි. චීනය විශ්වාස කිරීම යනු අනාගතය සම්බන්ධයෙන් ශුභවාදී වීමයි. චීනයේ ආයෝජනය කිරීම යනු හෙට දවස සඳහා ආයෝජනය කිරීමයි. චීනය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වයක් බෙදා ගනු ලබනවා. අපගේ ජාතීන් දෙක සංවර්ධනය හා පුනර්ජීවනය කරා යන මාවතේ සංචාරක සගයින් වන අතර ජයග්‍රාහී සහයෝගීතාවයේ හොඳ හවුල්කරුවන්ද වන්නේය. 2025 දී ජනාධිපති දිසානායක සහ අගමැති අමරසූරිය චීනයේ සාර්ථක සංචාරයක යෙදුනා. දෙරටේ නායකයින් වැදගත් එකඟතාවකට පැමිණ, චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාව ප්‍රධාන මුලපිරීම් තුනක් සකස් කර ක්‍රියාත්මක කර තිබෙනවා “පිරිසිදු ශ්‍රී ලංකාව” “ඩිජිටල් පරිවර්තනය” සහ “ග්‍රාමීය සංවර්ධනය” එම මුල පිරීම් තුනයි. චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මට බෙහෙවින් අනුකූල වන “සමෘද්ධිමත් ජාතියක්, සුන්දර ජීවිතයක්” යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනවා. ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන උපාය මාර්ග අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, පිරිසිදු බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාවයේ රාමුව යටතේ තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාව සමාජ-ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට උදව් කිරීමට චීනය කැමැත්තෙන් සිටිනවා. එවිට අපට අපගේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන ඒමට සහ අභිලාශයන් බෙදාගත් චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනඟා ගත හැකියි.

ස්තූතියි!"


සම්බන්ධිත පුවත් | Related News

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.