පොලිස් වාර්තා ගන්න ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ සහතිකය ඉල්ලීම සාක්‍ෂි එක්කම පාර්ලිමේන්තුවට..
පොලිස් වාර්තා ලබා ගැනීමේදී ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරුන්ගේ චරිත සහතික අනිවාර්ය කිරීමේ නව ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම, මෙම ක්‍රියාමාර්ගය රට වස්ථාපිත ඒකාධිපතිත්වයකට හෝ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට මුල පිරීමක්දැයි ඔහු රජයෙන් දැඩි ලෙස ප්‍රශ්න කළේය.
විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙම ක්‍රියාවලිය පොලිස් ඇමතිවරයා විසින් මීට පෙර පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට පටහැනි බවයි.
ඔහුට අනුව, පොලිස් ඇමතිවරයා ඊයේ දිනයේ ප්‍රජා පොලිස් කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශ, චරිත සහතික ලබාගැනීමට අවශ්‍ය නැහැයි කියා තිබුණද, දැන් පොලිස් ස්ථාන මගින් එවැනි සහතික ඉල්ලා සිටින බවට සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන්නේ යැයි ඔහු පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය චෝදනා සනාථ කිරීම සඳහා පොලිස් ස්ථාන සහිතව, ග්‍රාම නිලධාරී වසම් සහිතව උදාහරණ දෙකක් ඉදිරිපත් කළේය.
මාතර කිරිඳ පුහුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කංකානම් පතිරණගේ අනුරාධ මධුසංක මහතා, පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකයක් ඉල්ලා සිටි විට එහිදී ඔහුට උපදෙස් දී ඇත්තේ ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව, ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරයා වන පී. රාම වික්‍රමගේ චරිත සහතිකයද අවශ්‍ය බවයි.
විපක්ෂ නායකවරයා පැවසුවේ, එම සහතිකය ලබා දුන් පසුව අනුරාධ මධුසංක මහතාට පොලිස් වාර්තාව ලබා දී ඇති බවය.
කඹුරු පිටිය පොලීසියේ ලේනපටුව ග්‍රාම නිලධාරී වසමේ ඩී. ජී. දිනේත් නමැති පුද්ගලයෙකු පොලිස් වාර්තාවක් ඉල්ලුම් කළ අවස්ථාවේදී, ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති වන සම්පත් වික්‍රමසිංහ මහතාගේ චරිත සහතිකය ඉල්ලා ඇත.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, සම්පත් වික්‍රමසිංහ මහතා එම ගමේ එන්. පී. පී. (NPP) සභාපතිවරයා බවයි.
කෙසේ වෙතත්, අවශ්‍ය සහතිකය ඉදිරිපත් කර තිබුණද, මේ වන තුරු දිනේත් මහතාට පොලිස් සහතිකය ලබා දී නැති බවද ඔහු අනාවරණය කළේය.
මෙම ප්‍රජා පොලිස් කමිටු සහතික ඉල්ලා සිටීමේ ක්‍රමවේදය හරහා ආණ්ඩුව වස්ථාපිත ඒකාධිපතිත්වයකට මුල පුරන්නේදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මරණාධාර සමිතියේ, ගොවි සමිතියේ, දීවර සමිතියේ, කාන්තා සමිතියේ, ප්‍රජා සංවර්ධන සමිතියේ ඇතුළු සියලුම තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කරගෙන යමින් ඒකාධිපත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට සැක කරන බවයි.
විපක්ෂ නායකවරයා අවසාන වශයෙන් රජයෙන් ඉල්ලා සිටියේ, වැරදි පෙන්නා දෙන විට එය නරක ලෙස නොසලකා, හොඳ හෝ වැරදි දෙකම හොඳින් බාරගන්නා ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..