News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ පුළුල් ලිංගික අධ්‍යාපනය(CSE) සහ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතය(SOGI) අධ්‍යාපනයේ නිහඬ නැගීම තුළ ගෝලීය න්‍යාය පත්‍රය හෝ නියාමනය නොකළ ප්‍රතිසංස්කරණ අඩංගුද?

Nov 18, 2025 at 10:08 AM
|

(දේශපාලන විචාරක, ශෙනාලි වඩුගේ මහත්මිය විසින් පළ කළ Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka නමැති ලිපිය අනුසාරයෙන් සිංහලට පරිවර්තනය කළේ  ජීවන්ත ජයතිස්ස)

2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.

ඒ වන විට, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින්, වින්නඹු මාතාවන්, නාගරික නිලධාරීන්, තරුණ නිලධාරීන් සහ අධිකරණ සාමාජිකයින්ට පවා මේ හා සමාන සැසි ඒ වන විටත් ලබා දී තිබුණි. එක්සත් ජාතීන්ගේ ආයතන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව දියත් කිරීම කෙතරම් නිහඬව හා ස්ථාවරව සිදුවී ඇත්ද යත්, මහජනතාව මේ සම්බන්ධයෙන් බොහෝ දුරට නොදැන සිටියහ. නිල ලියකියවිලිවල, වැඩසටහන් "ධාරිතාව වර්ධනය", "ලිංගික ප්‍රධාන ධාරාවට යොමු කිරීම", "අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය" හෝ " ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය(sexual and reproductive health) පුහුණුව" ලෙස විස්තර කර ඇත. නමුත් මෙම තාක්ෂණික ලේබල් පිටුපස පාර්ලිමේන්තු විවාදයක්, මහජන උපදේශනයක් හෝ ව්‍යවස්ථාපිත අධිකාරියක් නොමැතිව ගෝලීය ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතා රාමු පිළිබඳව රට පුරා හඳුන්වාදීමක් අන්තර්ගත කර තිබුණි.

ශ්‍රී ලංකාව ආර්ථික අස්ථාවරත්වය, සමාජීය පීඩනයන් සහ දේශපාලන සංක්‍රාන්තිය සමඟ පොරබදමින් සිටින විට, CSE-SOIG හඳුන්වාදීම සංස්කෘතිය, නීතිය, ළමා ආරක්ෂාව සහ විදේශීය බලපෑමේ මංසන්ධියේදී නැගී එන විවාදයක් ඇති කර තිබේ. මෙම වැඩසටහන් නවීන, අවශ්‍ය සහ අයිතිවාසිකම් මත පදනම් වූ ඒවා බව සමහර නීතීඥයෝ අවධාරණය කරති. කෙසේ වුවද මෙම වැඩසටහන් දෘෂ්ටිවාදාත්මකව මෙහෙයවනු ලබන, සංස්කෘතික වශයෙන් පරගැති පොදු මහජන අධීක්ෂණය මඟ හරින පරිපාලන කෙටිමං හරහා ක්‍රියාත්මක වන ඒවා වේ.

මෙම ලිපිය මගින් CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය, එය උගන්වන දේ, නීතිමය සහ ව්‍යවස්ථාමය ආතතීන් සහ රටේ ලිංගික අධ්‍යාපනයේ අනාගතය සඳහා අවදානමට ලක්ව ඇති දේ විමර්ශනය කිරීම අරමුණු කර ගෙන ඇත.

ඉගැන්වෙන්නේ කුමක්ද? CSE සහ SOIG අවබෝධ කර ගැනීම

CSE - ගෝලීය රාමුව

පුළුල් ලිංගික අධ්‍යාපනය (CSE) ආරම්භ වූයේ යුනෙස්කෝවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය (ITGSE) මගිනි. මූලික ලිංගික අධ්‍යාපනයට වඩා බොහෝ දුර ගොස් පහත සඳහන් දෑ එයට ඇතුළත් වේ:

* ලිංගික හැසිරීම

* කැමැත්ත සහ සන්නිවේදනය

* උපත් පාලන ක්‍රම සහ සතුට

* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය

* ලිංගික දිශානතිය

* උපදේශනය සහ අයිතිවාසිකම්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) ට අනුව, CSE හි අරමුණ වන්නේ ලිංගිකත්වය සහ අනන්‍යතාවය පිළිබඳව "ස්වාධීන තීරණ" ගැනීමට දරුවන්ව බල ගැන්වීමයි.

SOIG - අයිතිවාසිකම් මත පදනම් වූ අනන්‍යතා රාමුවක්

SOIG මගින් ආවරණය කරන මොඩියුල:

* ලිංගික දිශානතිය

* ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ ප්‍රකාශනය

* ලිංගික ලක්ෂණ

ලොව පුරා, මෙම වැඩසටහන් මගින් සංක්‍රාන්ති ලිංගික, ද්විමය නොවන, චලනය වන ස්ත්‍රී පුරුෂ භාවය සහ සමලිංගික අනන්‍යතා ඇතුළු විවිධ අනන්‍යතා පිළිගැනීම ප්‍රවර්ධනය කරයි. මේවා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව සංවේදී සහ සංස්කෘතික වශයෙන් දැඩි මතභේදයට තුඩු දෙන මාතෘකාවේ.

CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය: ක්‍රියාත්මක කිරීමේ සමාන්තර පද්ධතිය

පාර්ලිමේන්තුව හෝ ජාතික ප්‍රතිපත්ති නියෝගයක් හරහා ඇතුළු වීමට වඩා, CSE සහ SOIG විමධ්‍යගත ජාලයක් මගින් එක්සත් ජාතීන්ගේ අරමුදල් සහිත පුහුණු, රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු සහ අමාත්‍ය චක්‍රලේඛ හරහා කඩා වැදුනේය. මෙම ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණයෙන් පිටත ක්‍රියාත්මක වන සෙවනැලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබෙන බව අවධාරණය කරමු.

ඉලක්කගත ප්‍රධාන අංශ

1. අධ්‍යාපන පද්ධතිය

ගුරු-අධ්‍යාපනඥයින් සඳහා UNFPA මගින් පුහුණුකරුවන් පුහුණු කිරීම 2016 දක්වා අතීතයකට දිව යයි. මෙම සැසි මගින් ගුරුවරුන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, කැමැත්ත සහ පසුව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් පිළිබඳව පුහුණු කළේය.

2. පොලිසිය

2022 සිට, පොලිස් ඇකඩමිය LGBTIQ සංවේදීතා වැඩමුළු පවත්වා ඇත. 2024 සහ 2025 දී, පොලිසියට SOIGESC අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ගේ පළමු පූර්ණ පුහුණුව ලැබුණි. දණ්ඩ නීති සංග්‍රහය තවමත් ඇතැම් ලිංගික ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකන රටකට පෙර නොවූ විරූ පියවරකි.

3. සෞඛ්‍ය අංශය

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ කාර්ය මණ්ඩල පුහුණුවට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතා සංකල්ප ඇතුළත් කරන ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවට ගෙන ඒමේ මාර්ගෝපදේශ අනුගමනය කළේය.

4. තරුණ හා වෘත්තීය පුහුණුව

වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) CSE/SRH  මොඩියුල තරුණ වැඩසටහන් වලට ඒකාබද්ධ කළේය, විශේෂයෙන් පාසලෙන් බැහැර නව යොවුන් වියේ පසුවන්නන් මේ සඳහා ඉලක්ක කළේය.

5. ළමා ආරක්ෂණ ආයතන

ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස දෙපාර්තමේන්තු වැඩසටහන් වලට SRH/CSE අන්තර්ගතය ඇතුළත් වූ අතර, එමගින් බාල වයස්කරුවන් සමඟ සෘජුව වැඩ කරන නිලධාරීන්ට බලපෑම් කළේය.

6. පළාත් පාලන

දිවයින පුරා මහ නගර සභා ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ අයිතිවාසිකම් මත පදනම් වූ SOIG අන්තර්ගතයන් හඳුන්වා දෙන ලදී.

7. යුක්තිය සහ නීති අංශය

නීතිඥයින් සහ විනිසුරුවන් සඳහා වන SOIGESC දැනුවත් කිරීමේ වැඩමුළු මගින් නීති කතිකාව තුළ අයිතිවාසිකම් ගැටළුවක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය සකස් කර ඇත.

මෙම වැඩසටහන් පිටුපස සිටින්නේ කවුද?

බොහෝ වැඩසටහන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ හෝ ක්‍රියාත්මක කරනු ලබන්නේ:

* එක්සත් ජාතීන්ගේ ආයතන: UNFPA, UNESCO, UNICEF, WHO

* විදේශ අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන: Equal Ground, FPASL, ICJ, BRIDGE to Equality

* ලිංගික අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රවර්ධනය කරන ගෝලීය ජාල

මෙම ආයතන විසින් සපයනු ලබන මග පෙන්වීම අනිවාර්ය නොවේ, උපදේශාත්මකය. එහෙත් අමාත්‍යාංශ තුළ ක්‍රියාත්මක කිරීම බොහෝ විට අනිවාර්ය පුහුණුවට සමාන වී ඇත.

නීතිමය සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න: මෙම වැඩසටහන් නීත්‍යානුකූලද?

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව SOIG මත පදනම් වූ අන්තර්ගතයන් හඳුන්වාදීම ගැටළු කිහිපයක් මතු කර තිබේ.

1. සංස්කෘතිය සහ ආගම පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10, 11, 12, 14, 27(14) සහ 28 වගන්ති මගින් ආරක්ෂා කර ඇති:

* ආගමික සම්ප්‍රදායන්

* මහජන සදාචාරය

* ළමා අයිතිවාසිකම්

* අධ්‍යාපන ප්‍රමිතීන්

SOIG මත පදනම් වූ උපදෙස් විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ චලනයන් සම්බන්ධයෙන් හන්දුන්වා දෙන දේ සමඟ මෙම ආරක්ෂණ ගැටීමට තුඩු දේ.

2. දණ්ඩ නීති සංග්‍රහ ගැටුම්

365 සහ 365A වගන්ති, මතභේදාත්මක වුවද, එය ලංකාවේ නීතිය ලෙස පවතී. විවිධ ලිංගික දිශානතීන් "සාමාන්‍ය" බව ඉගැන්වීම පවතින නීතිමය අර්ථ දැක්වීම්වලට පටහැනි වේ.

3.  Ultra Vires හෙවත් බල සීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වීම 

රාජ්‍ය සේවකයින්ට ඔවුන්ට හිමි නීතිමය බල සීමාව ඉක්මවා වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැක. ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදය මත පදනම් වූ SOIG අන්තර්ගතයන් පිළිබඳව ගුරුවරුන්, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීම පරිපාලනමය වශයෙන් අධික ලෙස සැලකීමක් ලෙස සැලකිය හැකිය.

4. සමානුපාතිකත්වය නොමැතිකම

පාසල්වල ළමයින් අතර පුළුල් වෙනස්කම් කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදුවන බවට කිසිදු ජාතික සංඛ්‍යාලේඛනයක් පෙන්නුම් නොකරන තත්වයක් තුළ මහා පරිමාණ SOIG විෂයමාලා ප්‍රතිසංස්කරණය සාධාරණීකරණය කිරීමට උත්සහා කරමින් සිටියි. 

මතභේදයේ හදවත: දරුවන් ඉගෙන ගත යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අවශ්‍ය අධ්‍යාපනය වන්නේ 'පිරිමි' හෝ 'ගැහැණු' ලෙස ඔවුන්ට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ ඉගෙන ගැනීම මිස මිනිසෙකුට හෝ ගැහැණියකට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව පිළිබඳ ඉගෙන ගැනීම නොවේ.

1. චලනයක පවතින්නේ යැයි උගන්වන ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය

දරුවන්ට ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගැනීමට හෝ වෙනස් කිරීමට හැකි බව ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඉගැන්වීම් සහ සංස්කෘතික අපේක්ෂාවන්ට පටහැනි වේ.

2. සම්මතයක් ලෙස ප්‍රවර්ධනය කරන ලද ලිංගික දිශානතිය

සාමාන්‍ය ලෙස බහු ලිංගික දිශානති ඉදිරිපත් කිරීම, බාල වයස්කරුවන්ට නුසුදුසු වන අතර පවතින නීතියට පටහැනි වේ.

3. ගවේෂණය හෝ අත්හදා බැලීම දිරිමත් කිරීම

ළමුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ගවේෂණය කිරීමට හෝ වෙනස් ලිංගයක් ලෙස සිතීමට ඉල්ලා සිටින අභ්‍යාස ළමා මනස ව්‍යාකූලත්වයට හෝ ආතතියට පත් වීමට හේතු වේ.

4. බාලවයස්කරුවන් සඳහා සකස් කරන ලද අයිතිවාසිකම් මත පදනම් වූ උපදේශනය

දරුවන්ට “ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය තෝරා ගැනීමේ අයිතිය” ඇතැයි උගන්වන පාඩම එක්තරා ආකාරයක දේශපාලන ක්‍රියාකාරීත්වයක් බවට පරිවර්තනය කරනු ලබයි.

ඉහත කාරනා වෙනුවට ශ්‍රී ලංකාව ඉගැන්විය යුත්තේ කුමක්ද? යෝජිත ආකෘතියක්

ප්‍රාථමික (1–5 ශ්‍රේණි)

* සනීපාරක්ෂාව

* ශරීර ස්වාධීනත්වය

* ගෞරවය සහ හිරිහැර විරෝධය

පහළ ද්විතීයික (6–9 ශ්‍රේණි)

* වැඩිවිය පැමිණීම

* ජීව විද්‍යාත්මක ප්‍රජනනය

* අපයෝජන වැළැක්වීම

* ඩිජිටල් ආරක්ෂාව

ඉහළ ද්විතීයික (10–13 ශ්‍රේණි)

* උපත් පාලන ක්‍රම

* ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම

* නීතිමය වගකීම

* ජීවිත සැලසුම් කිරීම සහ වෘත්තීය කුසලතා

මෙම ආකෘතිය දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතයකින් තොරව දරුවාගේ ශාරීරික සෞඛ්‍යය, ජීව විද්‍යාත්මක කරුණු සහ සදාචාරාත්මක සංවර්ධනය අවධාරණය කරයි.

දෙමාපියන් බැහැර කිරීම: අතුරුදහන් වූ කොටස්කරු

CSE-SOIG හි වේගවත්, ප්‍රසිද්ධ නොකළ හඳුන්වාදීම දෙමාපියන් ව්‍යාකූල කර බල රහිත කර ඇත. කාදිනල් මැල්කම් රංජිත් මෑතකදී ඉල්ලා සිටි පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශය “දෙමාපියන්-මූලික කොටගත්” ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ලාංකික දෙමව්පියන්ගේ දැඩි විශ්වාසයයි.

“එවැනි සංවේදී කරුණු පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පෙර දෙමාපියන් දැනුවත් කළ යුතුය.”

මෙම හැඟීම CSE පිළිගත් බොහෝ රටවල ප්‍රතිරාව දෙන නමුත් දෙමාපියන්ගේ ප්‍රතික්‍රියාවෙන් පසුව එහි විෂය පථය නැවත සලකා බැලීමට සිදුවිය.

මෙය ගෝලීය න්‍යාය පත්‍රයක්ද?

පුහුණු ලේඛන, ප්‍රතිපත්ති පත්‍රිකා සහ UNFPA හි 2023–2027 දේශීය වැඩසටහනෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ:

* CSE-SOIG සම්බන්ධීකරණය කරන ලද ගෝලීය රාමුවක කොටසකි.

* ක්‍රියාත්මක කිරීම මෙහෙයවනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහ ජාත්‍යන්තර දායකත්වය මගිනි.

* ජාතික ව්‍යවස්ථාදායකයේ අධීක්ෂණයක් නොමැත.

* දේශීය සංස්කෘතික සම්මතයන් සහ ආගමික සංවේදීතාවන් ප්‍රමාණවත් ලෙස සලකා බලා නොමැත.

ශ්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාව්ලිය දේශීය අවශ්‍යතාවයට දක්වන ප්‍රතිචාරයක්ද යන්න කෙසේ වුවත් ජාත්‍යන්තර ආයතනවලින් ප්‍රතිපත්ති මාරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස පැහැදිලිව පෙනේ.

කේන්ද්‍රීය ප්‍රශ්නය: 'පිරිමි' හෝ 'ගැහැණු' ලෙස පුද්ගලයෙකුට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ හැදෑරීම වෙනුවට පුද්ගලයෙකුට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව හැදෑරීමෙන් ප්‍රතිස්ථාපනය කර ඇත.

පවතින සාක්ෂි මත පදනම්ව, ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක මෙම ක්‍රියාවලිය මෙසේ විද්‍යාමාන වේ:

* ජීව විද්‍යාව පදනම් කරගත් අන්තර්ගතයෙන් ලිංගික අන්තර්ගතයට අධ්‍යාපනය පුළුල් කිරීම.

* අනන්‍යතාවය මත පදනම් වූ ලිංගික අධ්‍යාපනය දෙසට දිශානති වීම.

* මහජන විවාදයක් හෝ නීතිමය නියෝගයක් නොමැතිව ක්‍රියාත්මක වීම.

මෙම ගමන් පථය තුල දිගටම ගමන පැවතුනහොත්, පාසල්වලට CSE හි පුළුල් ධජය යටතේ SOIG අන්තර්ගතය ඇතුළත් කිරීම වැඩි වැඩියෙන් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවට අදාළ වන කොටස්

CSE සහ SOIG වටා ඇති ගැටළු හුදෙක් අධ්‍යාපනික නොවේ - ඒවා ව්‍යවස්ථාමය, සංස්කෘතික, නීතිමය සහ දේශපාලනික වන්නේය. ඒවා පහත සඳහන් මූලික ප්‍රශ්න මතු කරයි:

* ශ්‍රී ලංකාවේ දරුවන් ඉගෙන ගත යුතු දේ තීරණය කරන්නේ කවුද?

* ගෝලීය රාමු මත පිහිටා ජාතික වටිනාකම් හැඩගස්වා ගත යුතුද?

* සංවේදී විෂයමාලා තීරණය කිරීමේදී දෙමාපියන්ගේ කාර්යභාරය කුමක්ද?

* රාජ්‍ය සේවකයින්ට ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතය ක්‍රියාත්මක කළ හැකිද?

මෙම විමර්ශනාත්මක සමාලෝචනය පැහැදිලිවම , CSE-SOIG වටා ඇති විවාදය ලිංගික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නොවේ. එය ලිංගික අධ්‍යාපනය නිර්වචනය කරන්නේ කෙසේද, එය පාලනය කරන්නේ කවුද සහ ගෝලීය අනන්‍යතාවය පදනම් කරගත් රාමු ශ්‍රී ලාංකික දරුවන්ට සුදුසුද යන්න පිළිබඳව ය.

නිගමනය: විනිවිදභාවය සහ විවාදය සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ සිටියි. ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය අවශ්‍යය නමුත් එය ලංකාවේ නීතිය, සංස්කෘතික වටිනාකම්, විද්‍යාත්මක නිරවද්‍යතාවය, ළමා සංවර්ධන මූලධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණය මගින් හැඩගැස්විය යුතුය.

CSE හි ආධාරකරුවන් තර්ක කරන්නේ එය ආරක්ෂාව සහ නූතනත්වය ගෙන එන බවයි. දෘෂ්ටිවාදාත්මක සීමාව ඉක්මවා යාම, නීතිමය ගැටුම් සහ දෙමාපියන්ගේ අයිතිවාසිකම් ඛාදනය වීම සම්බන්ධයෙන් ගත් කළ මෙය ළමා පරපුර කේන්ද්‍ර කරගත් බරපතල ව්‍යසනයකට ජාතිය දිශානති කරවන ක්‍රීඩාවකි..

අවසාන වශයෙන් මෙම කාරණයේදී මහජනතාවට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව තහවුරු විය යුතු  අතර, පාර්ලිමේන්තුව ඊට සම්බන්ධ විය යුතුය.

ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් එම ප්‍රවේශය ගන්නා තෙක්, ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපන භූ දර්ශනය ගෝලීය න්‍යාය පත්‍ර, සංස්කෘතික අනන්‍යතාවය සහ ළමා ආරක්ෂාව ගැටෙන නිහඬ සටන් බිමක් ලෙස පවතින බව අවධාරණය කරමු.

Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.