News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ පුළුල් ලිංගික අධ්‍යාපනය(CSE) සහ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතය(SOGI) අධ්‍යාපනයේ නිහඬ නැගීම තුළ ගෝලීය න්‍යාය පත්‍රය හෝ නියාමනය නොකළ ප්‍රතිසංස්කරණ අඩංගුද?

Nov 18, 2025 at 10:08 AM
|

(දේශපාලන විචාරක, ශෙනාලි වඩුගේ මහත්මිය විසින් පළ කළ Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka නමැති ලිපිය අනුසාරයෙන් සිංහලට පරිවර්තනය කළේ  ජීවන්ත ජයතිස්ස)

2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.

ඒ වන විට, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින්, වින්නඹු මාතාවන්, නාගරික නිලධාරීන්, තරුණ නිලධාරීන් සහ අධිකරණ සාමාජිකයින්ට පවා මේ හා සමාන සැසි ඒ වන විටත් ලබා දී තිබුණි. එක්සත් ජාතීන්ගේ ආයතන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව දියත් කිරීම කෙතරම් නිහඬව හා ස්ථාවරව සිදුවී ඇත්ද යත්, මහජනතාව මේ සම්බන්ධයෙන් බොහෝ දුරට නොදැන සිටියහ. නිල ලියකියවිලිවල, වැඩසටහන් "ධාරිතාව වර්ධනය", "ලිංගික ප්‍රධාන ධාරාවට යොමු කිරීම", "අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය" හෝ " ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය(sexual and reproductive health) පුහුණුව" ලෙස විස්තර කර ඇත. නමුත් මෙම තාක්ෂණික ලේබල් පිටුපස පාර්ලිමේන්තු විවාදයක්, මහජන උපදේශනයක් හෝ ව්‍යවස්ථාපිත අධිකාරියක් නොමැතිව ගෝලීය ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතා රාමු පිළිබඳව රට පුරා හඳුන්වාදීමක් අන්තර්ගත කර තිබුණි.

ශ්‍රී ලංකාව ආර්ථික අස්ථාවරත්වය, සමාජීය පීඩනයන් සහ දේශපාලන සංක්‍රාන්තිය සමඟ පොරබදමින් සිටින විට, CSE-SOIG හඳුන්වාදීම සංස්කෘතිය, නීතිය, ළමා ආරක්ෂාව සහ විදේශීය බලපෑමේ මංසන්ධියේදී නැගී එන විවාදයක් ඇති කර තිබේ. මෙම වැඩසටහන් නවීන, අවශ්‍ය සහ අයිතිවාසිකම් මත පදනම් වූ ඒවා බව සමහර නීතීඥයෝ අවධාරණය කරති. කෙසේ වුවද මෙම වැඩසටහන් දෘෂ්ටිවාදාත්මකව මෙහෙයවනු ලබන, සංස්කෘතික වශයෙන් පරගැති පොදු මහජන අධීක්ෂණය මඟ හරින පරිපාලන කෙටිමං හරහා ක්‍රියාත්මක වන ඒවා වේ.

මෙම ලිපිය මගින් CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය, එය උගන්වන දේ, නීතිමය සහ ව්‍යවස්ථාමය ආතතීන් සහ රටේ ලිංගික අධ්‍යාපනයේ අනාගතය සඳහා අවදානමට ලක්ව ඇති දේ විමර්ශනය කිරීම අරමුණු කර ගෙන ඇත.

ඉගැන්වෙන්නේ කුමක්ද? CSE සහ SOIG අවබෝධ කර ගැනීම

CSE - ගෝලීය රාමුව

පුළුල් ලිංගික අධ්‍යාපනය (CSE) ආරම්භ වූයේ යුනෙස්කෝවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය (ITGSE) මගිනි. මූලික ලිංගික අධ්‍යාපනයට වඩා බොහෝ දුර ගොස් පහත සඳහන් දෑ එයට ඇතුළත් වේ:

* ලිංගික හැසිරීම

* කැමැත්ත සහ සන්නිවේදනය

* උපත් පාලන ක්‍රම සහ සතුට

* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය

* ලිංගික දිශානතිය

* උපදේශනය සහ අයිතිවාසිකම්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) ට අනුව, CSE හි අරමුණ වන්නේ ලිංගිකත්වය සහ අනන්‍යතාවය පිළිබඳව "ස්වාධීන තීරණ" ගැනීමට දරුවන්ව බල ගැන්වීමයි.

SOIG - අයිතිවාසිකම් මත පදනම් වූ අනන්‍යතා රාමුවක්

SOIG මගින් ආවරණය කරන මොඩියුල:

* ලිංගික දිශානතිය

* ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ ප්‍රකාශනය

* ලිංගික ලක්ෂණ

ලොව පුරා, මෙම වැඩසටහන් මගින් සංක්‍රාන්ති ලිංගික, ද්විමය නොවන, චලනය වන ස්ත්‍රී පුරුෂ භාවය සහ සමලිංගික අනන්‍යතා ඇතුළු විවිධ අනන්‍යතා පිළිගැනීම ප්‍රවර්ධනය කරයි. මේවා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව සංවේදී සහ සංස්කෘතික වශයෙන් දැඩි මතභේදයට තුඩු දෙන මාතෘකාවේ.

CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය: ක්‍රියාත්මක කිරීමේ සමාන්තර පද්ධතිය

පාර්ලිමේන්තුව හෝ ජාතික ප්‍රතිපත්ති නියෝගයක් හරහා ඇතුළු වීමට වඩා, CSE සහ SOIG විමධ්‍යගත ජාලයක් මගින් එක්සත් ජාතීන්ගේ අරමුදල් සහිත පුහුණු, රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු සහ අමාත්‍ය චක්‍රලේඛ හරහා කඩා වැදුනේය. මෙම ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණයෙන් පිටත ක්‍රියාත්මක වන සෙවනැලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබෙන බව අවධාරණය කරමු.

ඉලක්කගත ප්‍රධාන අංශ

1. අධ්‍යාපන පද්ධතිය

ගුරු-අධ්‍යාපනඥයින් සඳහා UNFPA මගින් පුහුණුකරුවන් පුහුණු කිරීම 2016 දක්වා අතීතයකට දිව යයි. මෙම සැසි මගින් ගුරුවරුන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, කැමැත්ත සහ පසුව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් පිළිබඳව පුහුණු කළේය.

2. පොලිසිය

2022 සිට, පොලිස් ඇකඩමිය LGBTIQ සංවේදීතා වැඩමුළු පවත්වා ඇත. 2024 සහ 2025 දී, පොලිසියට SOIGESC අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ගේ පළමු පූර්ණ පුහුණුව ලැබුණි. දණ්ඩ නීති සංග්‍රහය තවමත් ඇතැම් ලිංගික ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකන රටකට පෙර නොවූ විරූ පියවරකි.

3. සෞඛ්‍ය අංශය

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ කාර්ය මණ්ඩල පුහුණුවට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතා සංකල්ප ඇතුළත් කරන ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවට ගෙන ඒමේ මාර්ගෝපදේශ අනුගමනය කළේය.

4. තරුණ හා වෘත්තීය පුහුණුව

වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) CSE/SRH  මොඩියුල තරුණ වැඩසටහන් වලට ඒකාබද්ධ කළේය, විශේෂයෙන් පාසලෙන් බැහැර නව යොවුන් වියේ පසුවන්නන් මේ සඳහා ඉලක්ක කළේය.

5. ළමා ආරක්ෂණ ආයතන

ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස දෙපාර්තමේන්තු වැඩසටහන් වලට SRH/CSE අන්තර්ගතය ඇතුළත් වූ අතර, එමගින් බාල වයස්කරුවන් සමඟ සෘජුව වැඩ කරන නිලධාරීන්ට බලපෑම් කළේය.

6. පළාත් පාලන

දිවයින පුරා මහ නගර සභා ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ අයිතිවාසිකම් මත පදනම් වූ SOIG අන්තර්ගතයන් හඳුන්වා දෙන ලදී.

7. යුක්තිය සහ නීති අංශය

නීතිඥයින් සහ විනිසුරුවන් සඳහා වන SOIGESC දැනුවත් කිරීමේ වැඩමුළු මගින් නීති කතිකාව තුළ අයිතිවාසිකම් ගැටළුවක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය සකස් කර ඇත.

මෙම වැඩසටහන් පිටුපස සිටින්නේ කවුද?

බොහෝ වැඩසටහන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ හෝ ක්‍රියාත්මක කරනු ලබන්නේ:

* එක්සත් ජාතීන්ගේ ආයතන: UNFPA, UNESCO, UNICEF, WHO

* විදේශ අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන: Equal Ground, FPASL, ICJ, BRIDGE to Equality

* ලිංගික අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රවර්ධනය කරන ගෝලීය ජාල

මෙම ආයතන විසින් සපයනු ලබන මග පෙන්වීම අනිවාර්ය නොවේ, උපදේශාත්මකය. එහෙත් අමාත්‍යාංශ තුළ ක්‍රියාත්මක කිරීම බොහෝ විට අනිවාර්ය පුහුණුවට සමාන වී ඇත.

නීතිමය සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න: මෙම වැඩසටහන් නීත්‍යානුකූලද?

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව SOIG මත පදනම් වූ අන්තර්ගතයන් හඳුන්වාදීම ගැටළු කිහිපයක් මතු කර තිබේ.

1. සංස්කෘතිය සහ ආගම පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10, 11, 12, 14, 27(14) සහ 28 වගන්ති මගින් ආරක්ෂා කර ඇති:

* ආගමික සම්ප්‍රදායන්

* මහජන සදාචාරය

* ළමා අයිතිවාසිකම්

* අධ්‍යාපන ප්‍රමිතීන්

SOIG මත පදනම් වූ උපදෙස් විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ චලනයන් සම්බන්ධයෙන් හන්දුන්වා දෙන දේ සමඟ මෙම ආරක්ෂණ ගැටීමට තුඩු දේ.

2. දණ්ඩ නීති සංග්‍රහ ගැටුම්

365 සහ 365A වගන්ති, මතභේදාත්මක වුවද, එය ලංකාවේ නීතිය ලෙස පවතී. විවිධ ලිංගික දිශානතීන් "සාමාන්‍ය" බව ඉගැන්වීම පවතින නීතිමය අර්ථ දැක්වීම්වලට පටහැනි වේ.

3.  Ultra Vires හෙවත් බල සීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වීම 

රාජ්‍ය සේවකයින්ට ඔවුන්ට හිමි නීතිමය බල සීමාව ඉක්මවා වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැක. ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදය මත පදනම් වූ SOIG අන්තර්ගතයන් පිළිබඳව ගුරුවරුන්, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීම පරිපාලනමය වශයෙන් අධික ලෙස සැලකීමක් ලෙස සැලකිය හැකිය.

4. සමානුපාතිකත්වය නොමැතිකම

පාසල්වල ළමයින් අතර පුළුල් වෙනස්කම් කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදුවන බවට කිසිදු ජාතික සංඛ්‍යාලේඛනයක් පෙන්නුම් නොකරන තත්වයක් තුළ මහා පරිමාණ SOIG විෂයමාලා ප්‍රතිසංස්කරණය සාධාරණීකරණය කිරීමට උත්සහා කරමින් සිටියි. 

මතභේදයේ හදවත: දරුවන් ඉගෙන ගත යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අවශ්‍ය අධ්‍යාපනය වන්නේ 'පිරිමි' හෝ 'ගැහැණු' ලෙස ඔවුන්ට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ ඉගෙන ගැනීම මිස මිනිසෙකුට හෝ ගැහැණියකට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව පිළිබඳ ඉගෙන ගැනීම නොවේ.

1. චලනයක පවතින්නේ යැයි උගන්වන ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය

දරුවන්ට ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගැනීමට හෝ වෙනස් කිරීමට හැකි බව ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඉගැන්වීම් සහ සංස්කෘතික අපේක්ෂාවන්ට පටහැනි වේ.

2. සම්මතයක් ලෙස ප්‍රවර්ධනය කරන ලද ලිංගික දිශානතිය

සාමාන්‍ය ලෙස බහු ලිංගික දිශානති ඉදිරිපත් කිරීම, බාල වයස්කරුවන්ට නුසුදුසු වන අතර පවතින නීතියට පටහැනි වේ.

3. ගවේෂණය හෝ අත්හදා බැලීම දිරිමත් කිරීම

ළමුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ගවේෂණය කිරීමට හෝ වෙනස් ලිංගයක් ලෙස සිතීමට ඉල්ලා සිටින අභ්‍යාස ළමා මනස ව්‍යාකූලත්වයට හෝ ආතතියට පත් වීමට හේතු වේ.

4. බාලවයස්කරුවන් සඳහා සකස් කරන ලද අයිතිවාසිකම් මත පදනම් වූ උපදේශනය

දරුවන්ට “ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය තෝරා ගැනීමේ අයිතිය” ඇතැයි උගන්වන පාඩම එක්තරා ආකාරයක දේශපාලන ක්‍රියාකාරීත්වයක් බවට පරිවර්තනය කරනු ලබයි.

ඉහත කාරනා වෙනුවට ශ්‍රී ලංකාව ඉගැන්විය යුත්තේ කුමක්ද? යෝජිත ආකෘතියක්

ප්‍රාථමික (1–5 ශ්‍රේණි)

* සනීපාරක්ෂාව

* ශරීර ස්වාධීනත්වය

* ගෞරවය සහ හිරිහැර විරෝධය

පහළ ද්විතීයික (6–9 ශ්‍රේණි)

* වැඩිවිය පැමිණීම

* ජීව විද්‍යාත්මක ප්‍රජනනය

* අපයෝජන වැළැක්වීම

* ඩිජිටල් ආරක්ෂාව

ඉහළ ද්විතීයික (10–13 ශ්‍රේණි)

* උපත් පාලන ක්‍රම

* ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම

* නීතිමය වගකීම

* ජීවිත සැලසුම් කිරීම සහ වෘත්තීය කුසලතා

මෙම ආකෘතිය දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතයකින් තොරව දරුවාගේ ශාරීරික සෞඛ්‍යය, ජීව විද්‍යාත්මක කරුණු සහ සදාචාරාත්මක සංවර්ධනය අවධාරණය කරයි.

දෙමාපියන් බැහැර කිරීම: අතුරුදහන් වූ කොටස්කරු

CSE-SOIG හි වේගවත්, ප්‍රසිද්ධ නොකළ හඳුන්වාදීම දෙමාපියන් ව්‍යාකූල කර බල රහිත කර ඇත. කාදිනල් මැල්කම් රංජිත් මෑතකදී ඉල්ලා සිටි පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශය “දෙමාපියන්-මූලික කොටගත්” ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ලාංකික දෙමව්පියන්ගේ දැඩි විශ්වාසයයි.

“එවැනි සංවේදී කරුණු පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පෙර දෙමාපියන් දැනුවත් කළ යුතුය.”

මෙම හැඟීම CSE පිළිගත් බොහෝ රටවල ප්‍රතිරාව දෙන නමුත් දෙමාපියන්ගේ ප්‍රතික්‍රියාවෙන් පසුව එහි විෂය පථය නැවත සලකා බැලීමට සිදුවිය.

මෙය ගෝලීය න්‍යාය පත්‍රයක්ද?

පුහුණු ලේඛන, ප්‍රතිපත්ති පත්‍රිකා සහ UNFPA හි 2023–2027 දේශීය වැඩසටහනෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ:

* CSE-SOIG සම්බන්ධීකරණය කරන ලද ගෝලීය රාමුවක කොටසකි.

* ක්‍රියාත්මක කිරීම මෙහෙයවනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහ ජාත්‍යන්තර දායකත්වය මගිනි.

* ජාතික ව්‍යවස්ථාදායකයේ අධීක්ෂණයක් නොමැත.

* දේශීය සංස්කෘතික සම්මතයන් සහ ආගමික සංවේදීතාවන් ප්‍රමාණවත් ලෙස සලකා බලා නොමැත.

ශ්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාව්ලිය දේශීය අවශ්‍යතාවයට දක්වන ප්‍රතිචාරයක්ද යන්න කෙසේ වුවත් ජාත්‍යන්තර ආයතනවලින් ප්‍රතිපත්ති මාරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස පැහැදිලිව පෙනේ.

කේන්ද්‍රීය ප්‍රශ්නය: 'පිරිමි' හෝ 'ගැහැණු' ලෙස පුද්ගලයෙකුට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ හැදෑරීම වෙනුවට පුද්ගලයෙකුට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව හැදෑරීමෙන් ප්‍රතිස්ථාපනය කර ඇත.

පවතින සාක්ෂි මත පදනම්ව, ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක මෙම ක්‍රියාවලිය මෙසේ විද්‍යාමාන වේ:

* ජීව විද්‍යාව පදනම් කරගත් අන්තර්ගතයෙන් ලිංගික අන්තර්ගතයට අධ්‍යාපනය පුළුල් කිරීම.

* අනන්‍යතාවය මත පදනම් වූ ලිංගික අධ්‍යාපනය දෙසට දිශානති වීම.

* මහජන විවාදයක් හෝ නීතිමය නියෝගයක් නොමැතිව ක්‍රියාත්මක වීම.

මෙම ගමන් පථය තුල දිගටම ගමන පැවතුනහොත්, පාසල්වලට CSE හි පුළුල් ධජය යටතේ SOIG අන්තර්ගතය ඇතුළත් කිරීම වැඩි වැඩියෙන් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවට අදාළ වන කොටස්

CSE සහ SOIG වටා ඇති ගැටළු හුදෙක් අධ්‍යාපනික නොවේ - ඒවා ව්‍යවස්ථාමය, සංස්කෘතික, නීතිමය සහ දේශපාලනික වන්නේය. ඒවා පහත සඳහන් මූලික ප්‍රශ්න මතු කරයි:

* ශ්‍රී ලංකාවේ දරුවන් ඉගෙන ගත යුතු දේ තීරණය කරන්නේ කවුද?

* ගෝලීය රාමු මත පිහිටා ජාතික වටිනාකම් හැඩගස්වා ගත යුතුද?

* සංවේදී විෂයමාලා තීරණය කිරීමේදී දෙමාපියන්ගේ කාර්යභාරය කුමක්ද?

* රාජ්‍ය සේවකයින්ට ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතය ක්‍රියාත්මක කළ හැකිද?

මෙම විමර්ශනාත්මක සමාලෝචනය පැහැදිලිවම , CSE-SOIG වටා ඇති විවාදය ලිංගික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නොවේ. එය ලිංගික අධ්‍යාපනය නිර්වචනය කරන්නේ කෙසේද, එය පාලනය කරන්නේ කවුද සහ ගෝලීය අනන්‍යතාවය පදනම් කරගත් රාමු ශ්‍රී ලාංකික දරුවන්ට සුදුසුද යන්න පිළිබඳව ය.

නිගමනය: විනිවිදභාවය සහ විවාදය සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ සිටියි. ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය අවශ්‍යය නමුත් එය ලංකාවේ නීතිය, සංස්කෘතික වටිනාකම්, විද්‍යාත්මක නිරවද්‍යතාවය, ළමා සංවර්ධන මූලධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණය මගින් හැඩගැස්විය යුතුය.

CSE හි ආධාරකරුවන් තර්ක කරන්නේ එය ආරක්ෂාව සහ නූතනත්වය ගෙන එන බවයි. දෘෂ්ටිවාදාත්මක සීමාව ඉක්මවා යාම, නීතිමය ගැටුම් සහ දෙමාපියන්ගේ අයිතිවාසිකම් ඛාදනය වීම සම්බන්ධයෙන් ගත් කළ මෙය ළමා පරපුර කේන්ද්‍ර කරගත් බරපතල ව්‍යසනයකට ජාතිය දිශානති කරවන ක්‍රීඩාවකි..

අවසාන වශයෙන් මෙම කාරණයේදී මහජනතාවට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව තහවුරු විය යුතු  අතර, පාර්ලිමේන්තුව ඊට සම්බන්ධ විය යුතුය.

ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් එම ප්‍රවේශය ගන්නා තෙක්, ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපන භූ දර්ශනය ගෝලීය න්‍යාය පත්‍ර, සංස්කෘතික අනන්‍යතාවය සහ ළමා ආරක්ෂාව ගැටෙන නිහඬ සටන් බිමක් ලෙස පවතින බව අවධාරණය කරමු.

Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.