‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා?
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් 'ලෙකෝ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟා වීමට නියමිතබවත් 'ලෙකෝ සමාගමේ සේවකයෝ පවසති.
රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන 'ලෙකෝ' සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට 'බෙන්ස්' රථයක් තිබියදී මෙසේ නව 'බෙන්ස්' රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව 'ලෙකෝ' සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම 'බෙන්ස්' රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති 'රිදී' (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්ෂ 700ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදු වූ බවත් එහි සේවකයෝ පැවසූහ.
'මාලිමා' ආණ්ඩුව පත්වීමෙන් පසුව ලෙකෝ' සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා මහතා ඉවත්කර ජනක අලුත්ගේ මහතා පත්කළ බවත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර මහතා පත්කළ අතර ඒ මහතා මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ පවැසූහ.
'ලෙකෝ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයෝ සඳහන් කළේ එම වාහන වර්තමානයේ ද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.
'ලෙකෝ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයේ පාවිච්චියට ඊට පෙර සිටි සභාපතිවරු ඇතුළු උසස් නිලධාරීන් මිලදීගත් අලුත් වාහන ඇති බවත් ඒවා පාවිච්චි නොකර මෙම ආණ්ඩුව යටතේ අධික මිල අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවවත් සේවකයෝ පැවසූහ.
විදුලිබල අමාත්‍යංශයේ වර්තමාන ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු නිල බලයෙන් 'ලෙකෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන බව කියන 'ලෙකෝ සේවකයෝ මෙවැනි මුදල් නාස්ති වැලැක්වීමට වර්තමාන ආණ්ඩුවට ද උවමනාවක් නොමැති යැයි මෙවැනි සිද්ධී වලින් පැහැදිළි වන බව ද සඳහන් කළහ.
'ලෙකෝ සමාගම මේ ආකාරයට මුදල් නාස්ති කළ පසු එම පාඩු පාරිභෝගික ජනතාවගෙන් අයකරගන්නා බව කියන එහි සේවකයෝ 'ලෙකෝ සමාගම සපයන සේවාවල ගාස්තු ඉතාම ඉහළ අගයක් ගන්නා බව ද සඳහන් කළහ.
'ලෙකෝ' සමාගමේ වර්තමාන සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතාගෙන් මෙම අති සුඛෝපභෝගී කාර් රථය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බෙන්ස් රථයක් ඇනවුම්කර තිබුණ ද එම රථය මේ දක්වා ලැබී නොමැති අතර එය සිය කාලයේ ඇනවුම් කළ රථයක් නොවන බවත් තමන් වැඩ භාරගෙන දින කීපයක් පමණක් ගතවී ඇති බවත්ය.
එම රථය ගැනීම පිළිබඳව ගැටලුවක් ඇතැනම් එය පාවිච්චි කිරීමෙන් වැළකෙන බවත් එම රථය නියමිත ක්‍රියාපටිපාටියට ගෙන ඇද්දැයි සොයා බලමින් සිටින බවත් ඒ මහතා කීය.
ඔහු දන්නා කාලයේ සිට සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයෙක් වීම නිසා මෙම බෙන්ස් රථය පාවිච්චි කිරීමේ උවමනාවක් නොමැති බව කී කනිෂ්ක ජයසේකර මහතා එය වෙනත් කෙනෙකුට අවශ්‍ය නම් දෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම 'බෙන්ස්' රථය පිළිබඳව එහි හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැන් සිටින නිලධාරීන්ගෙන්ම විමසුව හොත් වඩාත් හොඳ බවත් එම රථය ඇනවුම් කළේ කවුද? ඇනවුම් කිරීමට හේතුව කුමක්ද? යන්න වර්තමාන සභාපති නොව ඉන්න අයිත් අයගෙන්ම අසාගත යුතු බවත්ය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..