පාසල් කාල සීමාව දීර්ඝ කිරීමට එරෙහිව ආණ්ඩුවේ ගුරු සංගමයේත් විරෝධය..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පාසල් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.
මෙම පාසල් වේලාව දීර්ඝ කිරීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් සිය විරෝධය පල කර තිබේ.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ධුරය දරන ලද්දේ වත්මන් රජයේ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතායි.
එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරන්නේ, දරුවාගේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ උදෑසන 7:00 සිට සවස 1:30 දක්වා කාල සීමාව තුළ බවයි.
තම සංගමය විසින් පාසල් කාලය පස්වරු දෙක දක්වා දීර්ඝ නොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් මෙම යෝජනාව එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකදී විශේෂයෙන් ඉදිරිපත් කරන ලද බවත් ඔහු පැවසිය.
පාසල් වේලාව දීර්ඝ කිරීමට විරුද්ධ මෙම ස්ථාවරය ගෙන ඇත්තේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධව විද්‍යාත්මක පදනමක පිහිටා බව සංගමය අවධාරණය කරයි.
තවද, මෙම පිළිගැනීම ජාත්‍යන්තරවද සනාථ වූවක් බව ඔවුන් සඳහන් කරයි.
ලංකා ගුරු සේවා සංගමයේ අපේක්ෂාව වන්නේ වර්තමාන ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..